කවුද කින්ද මන්ද
නොදැන ,
වෙලුනා මාද එක්
නොදන්නා පලහිලව්
හැඟීමක .නොදනිමි පවසන්න ,
ඒ හැඟුම ,
මහ තිත්තයි යැයි සිතුණි
වෙනිවැල් වතුර තරමටම .කොතරම් තිත්ත වුවත්
මා කැමතිම ඒ ,
තිත්ත රස හැඟුමටමය.ඔය ඇස් වලින්
සිනාසෙන්න මුමුණන්න
තව තව වදන් ,
මසිත තව තව එයට
කරයි ඇලුම් .රිඳවන්න හඬවන්න
මා කොතරම් ,
නැහැ වරද පටවන්නේ මා
ඔබට නම් .වෙනිවැල් කසායකි
ඔබ මට නම් ,
රිදුනු විට නිවන්නෙත්
ඔබ ඔය රුවම නම් .දසතම ,
මගේ නාස් පුඩු
සොයයි නිතර
ඒ නෙලුම් පුසුඹ .මා සුදු නෙලුම
ඔබ පිරිසිදුයි ලස්සනයි
සන්සුන් කරයි
තව තව මා වශී කරවයි
ඔය නුවණ් මා දෙස නොබැලුවත් .හිමි නොමැති
මා නෙලුම ,
වටේ කැරකෙන බමරුන්
ඔය රොන් පොද බොන්න
කරනා ඇරයුම් මටද ඇසුණි
හිත පාරවන තරමටම .සමනලයෙකි මා ,
ඔබ ඔය නෙලුම වෙතම ඇදෙන
නමුත් නොතලාම ඔය
තඹර පෙති වල වසා යන්නෙමි
ඒ ලස්සන විද
නමුත් ,
ඔබට නොදැනෙන්නම .ඉතින් අවසරයි ,
මේ හැඟුම මට වේදනයි ,
මට අවැසි මින් මිඳීමටයි .මේ ගොලු හදවත ඒ හැඟුම
තවමත් සඟවලාය
හිත් ගං පතුළ තුළ ,මා හද
තවමත් ගොලුය
පැවසුමට අවැසි වුවත්
දැන් ප්රමාදය ,ඔය රෝස තොල්
සිනාසී මඳෙස නොබලයි
මා දනී ඒ දෙතොල්
දැන් ,
අන්සතුයි .මා සිත මුරණ්ඩුයි
ඒත් බයයි
ඔබ දෙස නොබලන්න
මා තවමත් වෑයම් කරයි .වෙනදා නිවූ ඒ රූපයම
අද මා සිත අවුලුවයි
නිතර .මට අවැසි
ඔබ ළඟ නොයිදත් ,
තරුවක් මෙන් හෝ
බලා සිටුමට
ඈත සිට මගේ සඳ
නමුත් ,කාලය ඔබ දෙස
බලා සිටින්නටවත්
අවසර නොඳෙයි ,
රිදවයි නිතර දෙවේලේ.ඇස් රතු කරවයි
රිදවයි පපුව කීරි ගැහී
ඉරිතලලාය මාගේ හදවත
වීදුරුවක මෙන් ,ඉතින් සඳ මට
යන්න අවසරයි ,
ඔය මා අවුලවන
ඔබ වෙතින් .මට වෙහෙසයි
මට පාලුයි
මට වේදනයි
මේ හට ගත් ,
ආදර පලහිලව්ව නිසානමුත් ,
ඔබ කුමක් කරන්නද ?
එය හට ගත්තේ
මා හදවත තුළ විතරම නම් ,ඉතින් දුරස්වන්නට අවසරයි !
මේ තනි හිතකින් ,
අයිති නොවන ඔබේ හදට
පෙම් බැදී ,
නො(හිමි) හැඟීමට පණ පෙවූ
ඒකපාර්ශවික ආදරවන්තයා හට.!!!!!!!!
මේ එක් තනිහිතකින් පමණක්ම ආදරේ බෙදු නමුත් වේදනාවන් විදින ඒකපාර්ශවික ආදරවන්තයෙකුගේ හැඟීම් පිළිබඳවයි .
* ඉක්මනට කතාව ගේන්නම් . එච්චර ලොකු එක්කනම් නෙවේ . ඉක්මනට ඉවර වෙයි .
YOU ARE READING
නො(හිමි) හැඟුම || GxB( Nonfiction ) < Ongoing >
Non-Fictionතනි හිතකින් දුන් පෙම නිසා , ඒ වරදට මට ලැබුණි දඬුවම් , ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමක නො(හිමි) එක් බොඳ වූ මායාකාරී සිතුවමක් . ( Coverd by Armygirl920 ) Started - 2024.3.1 Published - 2024.3.4 Finished - [ Don't copy my work ]