මං වෙනදා වගේම ඒ පැත්ත බලන් ඉඳියා . එයා හරිම ආඩම්බරකාර කෙල්ලෙක් .ඒත් ඒ හිනාව ....?
ආහ් මට පිස්සු වගේ . මං පිස්සෙක් වගේ එයා දිහාම බලන් ඉන්න ඇති , ඒ තරමටම .
ඒත් එයාව මට අයිති නෑනේද ? කියලා මතක් වෙද්දි හිත කීරී ගැහිලා ගියේ නෑ කිව්වොත් ඒක බොරුවක් .
ඒත් මගේ ඒ දැහැන බිඳිලා ගියේ , මගේ පිටිපස්සෙන් ඇවිත් මගේ කර මතට වැටුණ අතක් නිසා .
" මොකෝ බං උඹ ඔහොම පිස්සෙක් වගේ හිනාවෙන්නේ , ඒක හරිම මාංජමිකයි බං , උඹ හිතුවට උඹ හරි කැතයි බං "
හහ් වෙනදා වගේම මේ යකා අදත් රැප කියන්න පටන් ගත්තා . නම්බුවත් ඉවරයි ඉතින් . පාරේ යන එන හැම එකාගෙම ඔන්න මගේ පැත්තේ .
මේ ඉන්නේ මගේ එල බොක්ක ශවීන් .
අහ් ටිකක් ඉන්න මං ඔයාලට මාව අදුන්වලා දුන්නේ නෑනේ .
මං අභිමාන .
නම නම් ඉතින් ගනන් ගන්න එපා . මගේ අභිමානේ බල්ලටම ගිහින් තියෙන්නේ , මේ කොහෙවත් ඉන්න එල බොක්ක ශවීන් කියන එකා නිසා . ඒකා බොක්ක නෙවේ වැලි බොක්කක් තනිකරම .ඒකා නිසා මගේ නම්බුව දැන් කොම්බුව වගේ වෙලා .
මං ගොඩක්ම කිච වුණානන් කිච වුණේ , මගේ පුංචි කිරිල්ලි ඉන්න තැන මූ මගේ නම්බුව කාලා වමාරපු එකට . ' ඒක පොඩි කාලේ සිද්දියක් 'මොනා කරන්නද ?
දැන් ඒ නම්බුව වෙනුවට බම්බුවක් තමා ඉතුරු .
මොනා කලත් ඌ හොඳ එකා .මං වෙනුවෙන් ඕනි දේකට බෑ නොකියා සපෝර්ට් ...
ඔහ් මං දන්නවා ඒ කිරිල්ලි කවුද කියලා නෙහ් හිතන්නේ . මගේ කිරිල්ලිගේ නම මං වත් දන්නේ නෑ අද වෙනකන්ම .
අද වෙනකන්ම .
ඒක පුදුමයක් නේද ?
ඒත් , මගේ කියන වචනේ මං අකමැත්තෙන් වුණත් අයින් කරන්න වුණා මට .
මගේ ,
නැහැ ,
මට එයා මගේ කියලා කියන්නත් ඇත්තටම අයිතියක් නැති කෙනෙක් .ඒත් එයා මගේ නොවුණ , මගේ පුංචි කිරිල්ලි .
එයා මට අයිති නැති පුංචි කිරිල්ලියක් . අහසේ නිදහසේ තටු විහදගෙන ලස්සනට පියාඹන ආඩම්බරකාර කිරිල්ලියක් .
එයා දැන් එයාටම කියලා ලෝකයක් හදා ගත්ත කෙනෙක් .
අඩුම ශවීනය වත් දන්නේ නෑ .
ඒක මං කොහොමත් දැනගන්න ඉඩ තියන්නෙත් නෑ .
ඒක මං හැමදාම හංඟගත්තු හැමෝටම රහසක් වුණු ඔව් , එයාටත් රහසක් වුණු එක්‍තරා තිත්ත හැඟීමක් .
තනිකරම මගේ හිතේ ඇති වුණු ඉස්සර හිත නිව්ව ඒත් දැන් පණ පිටින් අවුලුවන හැඟීමක් .
ඔයාලා හිතනවා ඇති ඇයි මං මගේ හොඳම යාලුවට ඒක නොකිව්වේ කියන එක . එහෙම නේද ?
සාමාන්‍යයෙන් මං මගේ දේවල් වැඩිය කියන්න අකමැති කෙනෙක් . ඒත් මං මගේ යාලුවට ගොඩක් දේවල් කිව්වත් මට මේක කියන්න හිත දෙන්නේ නෑ . සමහරවිට ...... ඒ දේ නොලැබෙන බව දන්න නිසාම වෙන්න ඇති .
ඔව් සමහරවිට .
ඉතින් ,
මං එකපාරටම කියනවට වඩා මං මගේ කතාවම මෙතන දිගහරින්නයි කැමති .
මොකද ?
අතීතේ කටුක හැඟීම් නැතුවමත් නෙවේ . ඒත් මොනව නැත්තත් ආපස්සට හැරිලා බලද්දි අතීතේ සුන්දර දේවලුත් නැට්ගුවම නෙවේ .
ඉතින් , අභිමාන අකලංක වීරසිංහගේ තනි හිතක ආදරේ නැත්නම් මං මෙහෙම කිව්වොත් තමයි ගොඩක්ම හරි ? මට හිතෙන විදිහට .
නො(හිමි) ආදරේ . ඔව් හිමි නැති ආදරේ ..... ගැන ඔයාලා දැනගන්න කැමතිද ?
ඔහ් තව දෙයක් එයා ' සිත්තරාවියක් ' ..
' සිත්තරාවියක් ' ඔව් එයා තනිකරම මගේ අඳුරු ලෝකේ පාට පාට වලින් වර්ණ ගන්නපු වගේම සැබෑ ලෝකේ පින්සලකින් ඩ්‍රෝවින් බෝර්ඩ් එකේ හැඩ දාපු සිත්තරාවියක් .
ඒත් එයා මගේ හිතේ ඇඳපු සිතුවම නම් දැනටමත් එළියට දාපු අව්වට වැස්සට පින්නට අහුවුණ ඩ්‍රෝවින් බෝර්ඩ් එක වගේ ,
සේරම පාට දියවෙලා අවර්ණ වෙලා ගිහින් .
එහෙනම් එන්න මාත් එක්ක යමු මගේ තනි හිතේ ආදර පලහිලව්ව ඇති කරපු ඒ පුංචි සිත්තරාවි ගැනත් දැනගන්නම .
!!!!!!!!
තනි හිතකින් දුන්
පෙම නිසා ,
ඒ වරදට මට ලැබුණි
දඬුවම් ,
ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමක
නො(හිමි)
එක් බොඳ වූ
මායාකාරී සිතුවමක් .
YOU ARE READING
නො(හිමි) හැඟුම || GxB( Nonfiction ) < Ongoing >
Saggisticaතනි හිතකින් දුන් පෙම නිසා , ඒ වරදට මට ලැබුණි දඬුවම් , ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමක නො(හිමි) එක් බොඳ වූ මායාකාරී සිතුවමක් . ( Coverd by Armygirl920 ) Started - 2024.3.1 Published - 2024.3.4 Finished - [ Don't copy my work ]