නො(හිමි) හැඟුමේ තවත් පරිච්ඡේදයකි 05

23 4 14
                                    


මං කොහොමහරි උදේ 8 ට වැඩට ගියා . එතනදී මට අලුතින් ආව පොරක් සෙට් වුණා . ඌ මරු ඩයල් එක . කොහොම වුණත් ඌ හෙන ආතල් එකේ ඉන්න පොරක් කියලා මට තේරුණා . උගේ නම රවීන් සෙහස් .

පොර මාත් එක්ක මාර ශිට් . ඌ මාතර ඩයල් එකක් . කොහොම හරි ඌ කියන දේවල් මට තේරුම් ගන්න යාන්තමින් පුලුවන් වුණා .

" මෙහෙමයි මචං .. උඹේ සාහිත්‍යමය භාෂාව ඇත්තටම වටිනවා ඒත් මෙහෙදි ඒක වෙනස් කරගන්න වෙනවා බං "

" මං හදාගන්න බලන්නන්කෝ " ඌ හිනා වෙලා ඒක කියද්දී ඌට බෝඩිමක් හොයලා දෙන්න පුලුවන්ද ඇහුවා . මං ඉන්න එකේ තව එකෙක්ට ඉඩ තියෙන නිසා මං අපේ බෝඩිමට එක්කන් ආවා .

ඒත් ඒ එන අතරමඟදි හුරුපුරුදු රූපයක් ඇස ගැටුණේ මගේ හදවතත් එක දිගට බ්‍රේක් නැතුව ලබ් ඩබ් සීන් එකේ යද්දියි .

' ඒ අර කෙල්ල නේද? අඩේ ඒකි තව තව ලස්සන වෙලාදත් මන්දා . ' මං හිතින් හිත හිත සැරින් සැරේ ඒකි යන දිහා හොරෙන් බැලුවේ රවීනයා එකදිගට ඌගේ පලාතේ සාහිත්‍යමය භාෂාවෙන් මොන මොනවාද කියවන වෙලාවේ .

මං දැක්කා කෙල්ල ගියේ ජපුර කැම්පස් එක ඇතුළට ' ආහ් මට අමතක වුණානේ ඒකි ජපුරේ ඉන්නේ කියලා ' මං සැරින් සැරේ හැරි හැරී ඒකි නොපෙනී යනකන්ම බලන් ඉදියා .

" ඒයි බං උඹ කොහෙදැ ඔය හැටියේ බලන්නේ " අරූ අහද්දිම වගේ මං පටස් ගාලා ඌ දිහාවට හැරිලා

" මොකක් "

" උඹ ඔය හැටි අර පැත්තටම ඇහැ දාන් ඉන්නේ මොකටැයි "

" ආහ් මං ඔය කැම්පස් එකට බං ගියේ "

බොරුවක් කියලද හිතුවේ . නෑ නෑ සිරාවටම මං ජපුරේ . කොමස් ෆැකල්ටියේ . කොහොම වුණත් උපාධිය අරන් අන්තිමට කට්ටක් කාලා ජොබක් හොයාගත්තා . ට්‍රේනින් නිසා පඩිය නම් අඩුයි . කමක් නෑ ඉතින් මේ යන විදිහට මෙහෙමවත් ජොබක් සෙට් වුණ නිසා ගොඩ . අපේ සමහර උන්ට ජොබ් නැතුව තාම උන් ගෙවල් වල .

.

.

" ඒයි මේ හෙට නේද බං මැච් එක "

" ආ ඔව් ඔව් "

රවීනයාගෙන් මං අහද්දී ඌ උත්තර දීලා ටවල් එකත් අරන් විගහට පැන්නනේ බාතෲම් එකට පර# . මූ දැන් මෙහෙට ඇවිත් සතියක් . මේ යකා ගියාම ආයේ එන්නේ නෑ පැයකටවත් . මුගේ පු# මුල් ඇදලද කොහෙද . ඇයි යකෝ රෙද්ද .

" ඕයි තෝ ඕකේ පැළ වෙලාද ... ###### "

ඌට කුණුහරප මාලාවකින් අමතලත් මූ නෙවේ එළියට එන්නේ . මූ නිසා මේ දවස් ටිකේම පරක්කු වෙනවා. ලොක්කාට ඊයේ මාට්ටු වෙන්න ගිහින් 99.9 බේරුණේ . මූ අමාරුවෙන් හොයාගත්ත ජොබටත් කෙලවන සයිස් එකක් යන්නේ .

මං ඉක්මන් කරලා පහළ බෝඩිමේ ඇන්ටිට කියලා එහෙන් නාලා කරලා පට ගාලා උඩට එද්දි තමයි අර යකා අර මඟුලෙන් එළියට ආවේ .

යකෝ මූ සෙන්ට් බෝතලේම නානවද කොහෙද ? ගහනව ගැහිල්ලක් බෝතලේ ගෙනල්ලා දවස් 5යි භාගයක්ම ඉවරයි . ශුවර් එකටම මූ කෙල්ලෙක්ට ලව් . නැත්නම් යකෝ මෙච්චර පැය ගණන් නාලා යකෝ අනික කොණ්ඩේ ජෙලුත් ගාගෙන . මූ මෙහෙම ජෙල් ගාලා මං දන්නවා වයසට කලින් හද්ද නාකියෙක් වෙනවා කියලා . නෑ නෙවේ බං සිරාවටම. අපේ ස්කෝලේ එකෙකුත් ජෙල් ගාලා අන්තිමට කොණ්ඩේ ඉදවගත්තා . අන්තිමට අපි ඌට හිච්චි රනිලා කියලා නමත් දැම්මා . අදටත් ඌට ඒ නම කියද්දි යකා ගහලා වගේ යකෝ . එලවනවා එලවිල්ලක් උසේන් බෝල්ට් පරාදයි යකෝ .

.

.

අදත් කැම්පස් එක ඉස්සරහින් යද්දී අඩේ මගේ සිත්තරාවි ඉන්නවා බං . චූටි කිරිල්ලියක් වගේ ලා කොළපාට රෙද්දේ සුදු පාට පුංචි පුංචි මල් තියෙන ගවුම් ඇදන් ඉදියේ . ඒකි හරි ලස්සනයි බං .

' ඒකිත් එක්ක කථා කරන්න තිබ්බ නම් ... '
ඒත් මේ කොහෙද යන පක#ක් නිසා ශිට් මං මේ යකාව අපේ බෝඩිමට ගත්තෙත් අපරාදේ . මේ හුත්#ටත් අපේ කම්පනි එකටම එන්න ඕනි වුණානේ .

අනික මූ මං යන යන තැන නූල වගේ යකෝ . මට නිදහසේ බාතෲම් එකටවත් යන්න බැරිවෙයි ද කියලා සැකයි . මූ හෙන ඇණයක් නෑ පරාල ඇණයක් .

අනේ මගේ චූටි කිරිල්ලි බස් එකට නඟිනවා මං දැක්කා . අද ලෙක් නෑ වගේ .

කෙල්ලේ මොනවද බං උඹ මට මේ කරන්නේ .

!!!!!!!

අරුමැසියේ
නුඹ කිමද මේ හැටි
මගේ දෑස් ඉදිරිපිට පෙනෙනුයේ
ඔබ හැබෑම මායාකාරියක්
මගේ හිත උදුරගත්තු
මා දැන් කුමක්ද කරන්නේ
ඔබේ ඇස් නැමති මායාවට
මං අහුවෙලා ඉවරයිනේ ,
නො(හිමි ) හැඟුමේ
තවත් එක්
පරිච්ඡේදයකි
නුඹ .

* ඉතින් මේක ඉක්මනට ඉවර වෙන එකක් . පොඩි කතාවක් ලොකු චැපි ඒ නිසා නෑ

නො(හිමි)  හැඟුම || GxB( Nonfiction ) < Ongoing >Where stories live. Discover now