කොහොම හරි අවුරුද්දක් ගත වෙලා ගියා . වගේම රවීනයත් ගිය සතියේ ජොබ් එකෙන් අස් වෙලා මාතර ගියේ එහේ උගේ යාලුවෙක් උට ජොබක් සෙට් කරලා දීපු නිසා . ඒකට අපේ උන් උන්නද මළාද නෑ .සමහරු නම් ජොබක් නැතුව එක එක රෙදි කඩවල් වල වැඩ කරනවා මට කීප වතාවක්ම හම්බවෙලා තියෙනවා . ඒත් උන් මාව දැක්කාම අදටත් කට පුරා හිනා වෙනවා .ඒ වගේම මගේ පුංචි කුරුළු සිත්තරාවිව බලන්න යන්නත් මං අමතක කලේ නෑ .කොහොමත් මං තව ටික දවසක් බලලා එයත් එක්ක කථා කරලා බලනවා කියලා හිතන් ඉන්නේ .
දැන් රවීනයත් නැති එකේ නිදහසේ කිරිල්ලිව බලන්න එන්න පුලුවන් . මං පාරට වෙලා බලන් ඉඳියේ කෙනෙක් එනකන් . අහ් නෑ නෑ ඔයාලා හිතනවා වගේ කෙල්ලෙක් එනකන් නම් නෙවේ මගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවා වුණ ශවීන් එනකන් . ඌට මට මොකද්ද කියන්නත් තියෙනවලුනේ .
අහ් කියනකොටම එන්නේ. ඌ වාහනෙන් බැහැලා මං ළඟට ඇවිත් " අඩෝහ් අහි උඹව දැක්ක කල් " කියාගෙන ඇවිත් හග් එකක් දීලා පැත්තකට වෙලා ටිකක් කථා කර කර ඉඳියා . ඌ මට ආව විස්තරේ නෙවේ මෙච්චර වෙලා කියන්නේ වෙන වෙන මඟුල් .
" ඕයි හු## , ආවේ මොකක්ද තොට කියන්න තියෙනවා කියලා නේද ? "
" අහ් අමතක වුණා යකෝ උඹව දැක්ක සතුටට . කොච්චර කාලෙකින්ද තෝව හමබ වුණේ .මං තව මාස දෙකකින් බඳිනවා බං "
" අඩේ පර# කන්ග්රැයුලේශන්ස් යකෝ "
මං ඌ ගැන අවංකවම සතුටු වුණා ඒක කිව්වට පස්සේ . මොකද ඌ මාර කට්ටක් කාපු අවංක කොල්ලෙක් . ඒත් ටිකකින් .
" අඩෝ අඩෝ මං බොරුවක් කිව්වේ යකෝ . තාම කෙල්ලෙක් නෑ .ආ උඹට පෙන්නන්න කෙනෙක් ඉන්නවා , අහ් අර කියනකොටම එන්නේ "
මං ඒ ඈතින් එන කෙනාව දැක්කාම මගේ ඇස් ඉබේබ ලොකු වුණේ ' මගේ කිරිල්ලි ' මගේ හිතින් සැරින් සැරේ මිමිණුවේ වචනේ .
" අමා , මේ ඉන්නේ මගේ හොඳම යාළුවා අහිමාන . ඒ අභිමාන මේ ඉන්නේ අමා මගේ නංගි .උඹට මතකද ? "
" අඩේහ් උඹේ නංගිද මේ අඳුරගන්නවත් බැරි වුණානේ යකෝ "
මං එහෙම කියලා හොරෙන් අමා නංගිගේ පිටිපස්සේ ඉඳන් පොත් කීපයක් අතේ තුරුලු කරන්න ඉන්න මගේ පුංචි කිරිලි පැටික්කි දිහා බැල්ම දැම්ම ඉතින් .
" අයියේ අපි යන්නම් එහෙනම් තව ටිකකින් ලෙක්චර් එකක් තියෙනවා අපිට "
" ආ ඔහොම ඉන්න මං ඔයාලව ඩ්‍රොප් කරන්නම් . ඒ අභිමාන උඹත් මං බෝඩිම ළඟින් හලන් යන්නම් නැඟපන් "
වාහනේ ස්ටාට් කරන ඔහේ ඇදුනා කියලා විතරයි මට මතක මං ඉස්සරහා කන්නාඩියෙන් මගේ පැටික්කි දිහා බලන් ඉඳියා , ඔහ් එයා නම් වගේ වගක් නැතුව අමා නංගිත් එක්ක කථාවක . නම මොකද්ද දන්නෑ කෙල්ලගේ . ඔහොම හිත හිතම මං ශටර් එකෙන් එළිය බලාන ඉඳලා ,
" ඔන්න ඔතනින් නවත්තහම් බං "
මං කියන පමාවට ශවීනයා වාහනේ නවත්තද්දි මං බැහැලා උට පරිස්සමින් පලයන් කියලා අමා නංගිටත් කියලා මගේ සිත්තරාවි දිහාත් බැලුවා කෙල්ල නම් මුකුත් නෑ ඒත් අමා නංගි වැලමිටින් අනිද්දි නම් කෙල්ල මට පොඩි හිනාවක් දීලා ආපහු අනිත් පැත්ත බලාගනිද්දි එහෙන්මම ඒ වාහනේ ඉස්සරහට ඇදිලා ගියේ මට ඒ හිනාව මගේ ඔලුව පුරාම බලන බලන තැන මැවිලා පෙනෙද්දියි .
!!!!
කවදද කොහොමද
පවසන්නේ මං
ඔබට,
මේ හිතේ තියෙන අමුතු හැඟීම
ඔබ ,
ආදරයකට පෙරලූ බව ,
ඉදින්
සිත්තරාවියනි ඔබේ හිනාවත්
මගේ හදවතට
සැනසුමක් .* මේක ඉවර වෙන්න කිට්ටුයි පරිස්සමින් ඉන්න . කියවන ටික දෙනාට ගොඩක් ස්තූතී 🤍✨
YOU ARE READING
නො(හිමි) හැඟුම || GxB( Nonfiction ) < Ongoing >
No Ficciónතනි හිතකින් දුන් පෙම නිසා , ඒ වරදට මට ලැබුණි දඬුවම් , ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමක නො(හිමි) එක් බොඳ වූ මායාකාරී සිතුවමක් . ( Coverd by Armygirl920 ) Started - 2024.3.1 Published - 2024.3.4 Finished - [ Don't copy my work ]