වේදනාවක් ඔබ 07

9 1 3
                                    


තවත් අවුරුද්දක් ඉවර වුණා ඒත් මගේ කටින් තවමත් මගේ පුංචි කුරුළු සිත්තරාවිට ආදරෙයි කියන අකුරු හතරෙන් එක අකුරක්වත් දිග ඇරගන්න තියා එළියට යාගන්න බැරි තරමටම බොසා වැඩ කන්දක්ම පැවරුවා . දැන් මගේ ඔලුව පුරාවටම නිදාගන්න ගියත් ඔෆිස් එකේ ෆයිල්ස් ටිකම ඔලුවේ හීනෙනුත් පේන්න ඔඅටන් ගන්න තරමටම මං හිර වුණා .

" අනේ මගේ සිත්තරාවිව මාස ගාණකින් හරියට බලාගන්නවත් බැරි වුණා ." මං හිතින් හිතන ගමන් වැඩ කරද්දි සැරින් සැරේ ෆෝන් එක අරන් ඒකේ ස්ක්‍රීන් එක දිහා තත්පර කිහිපයක් බලන් ඉඳලා ආපහු පැත්තකින් තිබ්බා .

මං දවසක් හොරෙන් නම නොදන්න මගේ සිත්තරාවිගේ ෆොටෝ එකක් හිමින් සීරුවේ එයාටත් හොරෙන් ගහගත්තේ හිතේ දළුලාමින් මෝරන ඒ හැඟීම තව තවත් අලුත් අතු ලියලමින් මල් පොහොට්ටු හටගන්න ගහක් වගේ .ඒක එන්න එන්නම වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නම් නැහැ .

ඒත් හිතට වේදනාවක් මට .මට තාම වචනයක් කථා කරගන්න බැරි වුණ ගොබ්බයෙක් මං මහා සිරාවටම . හැම මඟුලකටම පැනලා බැහැලා කැම්පස් එකේ වැඩ කරපු මට අද වෙනකොට එක කෙල්ලෙක් ඉස්සරහා ඒ රෙස්පෙක්ට් එක වාෂ්ප වෙලා ගිහින් කොන්ද නැති පිරිමියෙක් කියලා හංවඩු ගැහෙන තරමටම මං ගොළු වෙලා .

ඒ පබළු වගේ දුඹුරු ඇස් කථා කරන ඇස් මායාකාරි ඇස් හිත නිවන අවුලුවන ඇස් ඉස්සරහා මොන පිරිමියත් නිරුත්තරව වෙනවා බං .

ගැම්මට ඉඳපු කෙල්ලෝ සතේකට මායිම් නොකරපු මගේ හිත නැමති අශ්වයා වැටකඩොළු කඩා විසුරුවමින් අශ්ව ගාලෙන් පැනලා ගියා වගේ මගේ හිතත් දැන් හරි නොසන්සුන් .

උඹ මට වේදනාවක් බං කෙල්ලේ වේදනාවක් ඒ තරමටම මං උඹට තවත් ආදරෙයි බං . තව තවත් මං උඹට බැඳෙනවා කෙල්ලේ .

හරියට මිරිඟු දියක් පස්සේ යන කතරක අතරමං වුණු පිපාසෙන් සිහියත් අසිහියත් අතර ඉන්න මිනිහෙක් වගේ , උඹේ ආදරේ කියන වතුර බිංදුව බොන්න මං ඒ තරමටම අසිහියෙන් බං .

උඹ වේදනාවක් මගේ වන මට හිමි නැති මගේ කිරිල්ලියේ .


!!!!

ඉතින් මේ හදවත
ගොළු කිමද ?
වචන නැත මා හදට අද
නිම්නාද දේ එය වේදනාවෙන් මිරිකී
කතරේ දිය බිඳ සොයමින් සැරිසරන්නකු විලසක
අද මම ,
ඒ මිරිඟු දියම ලුහු බදීවී
ආදරය නැමති ජල බිඳුව පානයට
ඔබේ හදේ
එහෙත් හද රිදේ බොහෝමයක්
වේදනාවක් ඔබ මට
කමාකර එය දුරු කරන්න,
වේදනාවක් ඔබ මට
නො(හිමි) මගෙ
පුංචි කිරිල්ලියේ .

• ගොඩ දවසකින් මහ රෑ ටයිප් කරේ . ඉතින් ඔයාලා මේකට කැමතිද ? කමෙන්ට් දාලා කියන් යන්ඩෝ . මේක ඉවර වෙන්න කිට්ටුයි . ඒත් අප්ඩෙට් ලේට් වෙයි මාස කීපෙකට . පුලුවන් වෙලාවට මං දෙන්න බලන්නම්කො .පරිස්සමෙන් ඉන්න බායි 🌻✨

නො(හිමි)  හැඟුම || GxB( Nonfiction ) < Ongoing >Where stories live. Discover now