ඉතින් මං අද කොළඹ ආවේ හෙට උදේම මට ආපහු රස්සාවට යන්න තියෙන නිසා . හහ් මේ ජීවිතේ වෙලාවකට මට තිත්තයි , වෙහෙසකාරී වගේම හරිම ඒකාකාරියි .ඒත් මං තවමත් හැල්මේ ,
කොළඹ එන්න මං උදේ පාන්දරින්ම බස් එකේ ආවේ පොඩි කුකුල් නින්දකුත් දාගෙනමයි . කොච්චර අමාරු වුණත් මේ බස් ගමන ඉතින් මොනවා කරන්නද ?
ඒත් මං නින්දෙදි දැකපු හීන වල ඊයේ මං පන්සලේ දැකපු අර කෙල්ලව සැරින් සැරේ මතකෙට එන්න ගත්තේ හරි පුදුම විදිහට .අනේ මන්දා , හැබැයි මට දැනුණේ එක දෙයයි ඒ රූපෙ මගේ ඔලුවට හරි විකාර විදිහට ආවත් හරි මගේ හිතේ තිබුණ කනස්සල්ල වගේ කම්මැලි විඩාබර බස් ගමනත් මට එක මොහොතකට අමතක වෙලා පොඩි හිනාවක් මගේ මූණට ආවා .
ඒත් ඇයි ? ඇයි ඒකිම මගේ ඔලුව පුරාම සැරිසරන්නේ. රෑ හීනත් දැන් ඒකි අයිති කරන් . ඒක කරදරයක් වගේම මං ඒකට ඒතරමට කැමති . ඒ සිත්තරාවී මගේ මනස විකාරයක් කරලා ඉවරයි .
මං දැක්කා මිනිස්සු එකා දෙන්නා මං දිහා හැරි හැරි බලනවා , මොකද මං පිස්සෙක් වගේ ඔහේ මනෝවිකාරෙන් හිනාවෙවීනේ ඉදියේ .ඒත් මට උන්ව ගාණක් නෑ . ඇති තරම් බලාගත්ත දෙන් කියලා මාත් එහෙන්මම ජනේල් කවුලුවෙන් පාන්දර පැතිරී තිබුණු ලා අඳුර දිහා බලන් ඉදියා .
මට ඒ ජනේල් වීදුරු වලිනුත් දැන් පේන්නේ ඒකිගේ ලස්සන බෝල මුණ . ඒකි හරි ලස්සනයි . ලෝක රූ රැජිණක් වගේ නම් නෙවේ . ඒකිට තිබ්බෙ ඕනිම පිරිමියෙක්ගේ හිත නිවන රූපයක් . ඔව් .. මට ඒක විශ්වාසෙන් කියන්න පුලුවන් .
.
.
උදේ 11 ගාණක් වෙද්දි මං කොළඹට ඇවිත් ත්‍රී වීල් එහෙක නැගලා මං නැවතිලා ඉන්න බෝඩිමට ගියේ ගියපු ගමන් ඇඟපත් හෝදන් හොඳ නින්දක් දාලා ගමන් මහන්සිය නැති කරගන්න .
.
.
" ආශ් ... අයියෝ යකෝ ගහපන් ශික් .. " මට ඉබේම කෑගැස්සුනේ ලංකාව ඉන්දියාවත් එක්ක තිබුණු මැච් එකෙන් පරාද වුණා නිසයි . තව පොඩ්ඩෙන් තිබ්බ කේන්තියට බල බල ඉඳපු ෆෝන් එකත් මං විසික් කරනවා ඒ තරමටම මං මැච් පිස්සෙක් . ඉස්සර ස්කෝලේ කාලේ මං තරම් සුපිරියට බෝල් දාපු එකෙක් ඉදියෙම නෑ .කොච්චර නශ්ට වැඩ කලත් කරන වැඩේ මං හරියටම කරපු එකෙක් . ඒ කාලේ කෙල්ලෝ සේරම මට ක්‍රෂ් හහ්හහා ... මතක් වෙද්දිත් හිනා යනවා .
මට පොඩ්ඩ පොඩ්ඩ නිදිමතක් ආව නිසා , මං ෆෝන් එකත් කොට්ටෙ යටින් දාලා ඇස් පියා ගත්තත් මට නින්දනම් මේ කපේට අහලකටවත් එන්න්නේ නෑ කියලා තේරුණේ අර කෙල්ල දැන් හැමදාම වගේ ලාවට ඇස් පියාගත්තත් මගේ ඇස් වලට ඒ හිනාවෙන මූණ මැවි මැවී පේන නිසා .
" අනේ මගෙ කිරිල්ලියේ මට අදවත් නිදාගන්න දෙන්න . උඹේ හිනාවට මං මහ පිස්සු හෝන්තුවක් වගේ වශී වෙලා බං . උඹ මාව පිස්සෙක් කරලා . "
මං ඒ මායාකාරී රූපෙන් ඒ ටික ඉල්ලද්දි වගේ ඒ හිනාව ටිකෙන් ටික තියෙද්දිම මැකිලා ගියේ මගේ නින්දත් මං ළඟට ඉක්මනින්ම ගෙනත් දීලයි .
!!!!!!
ඔබ එන්න එහෙත්
මගේ නින්ද නොම ගෙනියන්න
මගේ පුංචි කිරිල්ලියේ
ඔබ හරිම සෙල්ලක්කාරයි
අහන්නෙම නැති මායාකාරී රූපයක්
මං හරි ආසයි ඔබේ ඔය
දීප්තිමත් පබළු ඇස් වලට ,
හැරෙන හැරෙන අත ඔබ ඔය රුවමයි
මා දැන් කුමක් කරන්නද ?
මට නම් නොහැගේ
ඉතින් ,
ආයෙත් ඉල්ලන්නම්
මගේ සිතේ ඉන්න එහෙත්
මගේ නින්ද මට දීලා ඔබ යන්න
මේ
නො(හිමි ) හැඟුමේ නොනිදන රාත්‍රියේ.*කොහොමද ඉතින් මේක ? අවුල්ද ?
YOU ARE READING
නො(හිමි) හැඟුම || GxB( Nonfiction ) < Ongoing >
Non-Fictionතනි හිතකින් දුන් පෙම නිසා , ඒ වරදට මට ලැබුණි දඬුවම් , ඔව් දැන් ඇය මට නො(හිමි) හැඟුමක නො(හිමි) එක් බොඳ වූ මායාකාරී සිතුවමක් . ( Coverd by Armygirl920 ) Started - 2024.3.1 Published - 2024.3.4 Finished - [ Don't copy my work ]