🌹 රෝ ස 🌹
..
..
..
..
අපි දැන් යන් නේද චූටී.. රෑත් උනානේ... බලන්න කරුවල වැටිලා...
අයියෝ.. තාම වැඩත් ඉවර නෑනේ...
වෙලාව හවස හයත් වෙලා.. හතර අතින්ම ඇදිරි වැටීගෙන එන්නෙ.. යන්න නම් මහ ලොකු දුරක් නැති බව ඇත්ත.. නමුත් රෑ වෙද්දී වලව්වෙ හාමු මහත්තයා කියන කෙනාට කේන්ති යන්න පුලුවන් නිසයි යැංසි ශාන්ව එක්කන් යන්න ලෑස්ති උනේ...
දැන් නම් ශාන් නිසාම යැංසිගෙ හිතෙත් තමන්ගෙ පපාට තියන බය ගොඩක් දුරට නැති වෙලා ගිහින්.. ඇත්ත තමයි.. ඒ ඉන්නෙ තමන්ගෙ පපා උනත් එයාට බෑ හැම වෙලාවෙම දරුවන්ව හිර කරලා හදන්න... ශාන් හරි. තමන්ගෙ සතුට තියන තැනට තමන් යන්නෝනෙ. කවුරුත් උස්සලා ගිහින් දාලා වැඩක් නෑ...
මේ ගම්මු එක්ක වැඩ කරන්න ශාන් විතරක් නෙවෙයි යැංසිත් ආසයි.. උදේ වරුවම යැංසි ගෙවන්නෙ මේ ගමේ දරුවො එක්ක.... ඉතින් ඒක යැංසිගෙ හිතට පුදුමාකාර සැහැල්ලුවක් වගේම අද දැනෙන්නෙ ඊටත් වඩා සැහැල්ලුවක්...
වලව්වෙදි අම්මා හරි වැඩට ඉන්න කෙනෙක් හරි මහන්සි වෙලා උයන කෑම පවුලෙ ඔක්කොමලා එකතු වෙලා විනාඩි ගානකින් කාලා දාලා පිගානත් එතැන තියලා යන්න යනවා...
ඒත් අද... ගමේම මිනිස්සු එක්ක එකතු වෙලා ගමටම උයලා... ඒ කෑම කුඹුරට අරන් ගිහින් දවසෙම මහන්සි වෙලා උන්න මිනිස්සුන්ට කන්න දීලයි අද ගෑනු පරාණ ටික කෑවේ....
හිතට දැනුනා අමුතුම සැහැල්ලුවක්... මේක නෙවෙයිද ඇත්තටම ජීවත් වෙනවා කියන්නෙ... කොච්චර අග හිග කම් තිබ්බත් තමන්ගෙ ගෑනිට බත් කටක් කවලා.. දරු පැටවුන්ට බත් කටක් කවලා කෑම කන සමහර පියවරු දැක්කාම ශාන්ට විතරක් නෙවෙයි යැංසියත් හීල්ලුනා..
අනේ ඉතින් සල්ලි ආකරයක උන්නත් වැඩක් තියෙනවද පිය සෙනෙහස ලැබෙන්නෙ නැත්තම්...
ම්ම්.. මොනවා කරන්නද.. අපි කාට උනත් ලැබෙන දේ සතුටින් හෝ දුකින් බාර ගන්න වෙනවා.. ඒක මේ වලව්වෙ බේබිලට කියලා වෙනසක් නෑ...
![](https://img.wattpad.com/cover/356595801-288-k586463.jpg)
YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐ℤ ✓
Fanfictionඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yz Fanfiction Love &Romance story 💚❤️