🌹 රෝ ස 🌹
..
..
..
..
ම්ම්ම්...ම්....
යීබෝගේ ඇස් දෙක ඇරියේ තමන්ගෙ හිස කවුරුන් හෝ අතගානවා වගේ දැනෙද්දි.. හිස බර ගතියත් එක්ක යීබෝ ඇස් ඇරලා බලද්දි යීබෝගේ හිස අතගෑවේ වෙන කවුරුත් නෙවෙයි ශියාඕ ගුමී...
ආ.. හාමූ නෝනා...
එපා පුතා.. නැගිටින්න ඕන නෑ.. ඔහොම ඉන්න...
ඇස් දෙක පවා රත් පැහැ ගැන්විලා තියෙද්දි යීබෝට කොච්චර අමාරුයිද කියලා වෙන සාක්කී ඕන නෑ... ගුමී යීබෝව ඒ උන්න විදියටම ඉන්න ඇරලා යීබෝගේ හිස අතගෑවේ සනීපෙට...
මගේ කොල්ලට ගොඩක් ආදරෙයි නේද... ම්...
ම්ම්.. මේ ඉන්නෙ මගෙ පණ හාමු නෝනා....
එයා වාසනාවන්තයි ඔච්චර ආදරේ ලබන්න ඔයාගෙන්..
ගුමී කිව්වෙ හිතේ සැනසීමෙන්... කායී මොන දේ කිව්වත් කුවාන් මොන දේ කරත් ශියාඕ ගුමී උපරිමයෙන්ම සතුටු උනා යීබෝ එයාගෙ පොඩි පුතාට ආදරේ කරනවා දැක්කාම...
ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ පුතා...
කියන්න හාමු නෝනා...
යීබෝ ශාන්ගේ පිට යන්තම් අතගාලා ඒ දෙසට හැරිලා ඉන්න ගමන් කතා කරේ.
මන් මෙහෙම කියන එක එක්වරම ඔයාට වැරදියි කියලා හිතෙයි.. මොකද මෙච්චර දෙයක් ඒ අප්පගෙනුයි අයියගෙනුයි උනාට පස්සෙ ඔයාට බයයි මෙයාව තවත් වලව්වෙ තියන්න...
ඔව්... මන් පැටියව අරන් යනවා...
යීබෝ කිව්වෙ නිදන් ඉන්න ශාන්ගේ හිස සිබලා.. පව්... කොච්චර රිදෙන්න ඇතිද අර වීදුරු කටු ඇගට හිල් කරන් යද්දි..
එහෙම කරන්නෙපා පුතා...
ඇයි...
යීබෝ බෙල්ල හරවලා ගුමීගෙන් අහද්දි ගුමී ගැස්සිලා ගියා ඒ බැල්මට... මෙතන ඉන්නෙ ශාන්ට ආදරේ කරන මිනිස්සු දෙන්නෙක්.. හැබැයි දෙවිදිහකට...
මේ බලන්න පුතා...
හාමු නෝනා ඔයාටත් ඕනද මෙයාව මගෙන් ඈත් කරන්න... මන් නිකන්ම නිකන් කඩකාරයෙක් තමයි හාමු නෝනා මන් ඒක පිලි ගන්නවා... ඔයාලට වගේ ඉහල පරම්පරාවක් මට නෑ.. දන්න කාලේ ඉදලා මගේ පවුලෙ හැමෝම දුක් වින්ද මිනිස්සු ඉන්නෙ... ඒකත් මන් පිලිගන්නවා.. මන් කුලේනුත් අඩු මනුස්සයෙක් ඔයාලට වඩා සෑහෙන්න.. ඒකත් ඇත්ත... ඒත් මන් තරම් මේ මැණිකට ආදරේ කරන තවත් පිරිමියෙක් ඔයාට හොයාගන්න වෙන්නෙ නෑ.. මේ ඉන්නේ මගේ පණ හාමු නෝනා.. එයා වලව්වක ඉපදිලා මන් නිකන්ම නිකන් දුප්පත් පවුලක ඉපදුනා කියන එක අපි දෙන්නගෙම වරදක් නෙවෙයිනේ.. මට දැන් සල්ලි තියෙනවා.. මට පුලුවන් එයාට දුකක් කරදරයක් නැතුව සැපට ඉන්න ඉඩ දෙන්න.. බොරු නෙවෙයි හාමු නෝනා.. මට එයාව බලාගන්න පුලුවන්.. මට එච්චරටම වත්කමක් දැන් තියෙනවා...
![](https://img.wattpad.com/cover/356595801-288-k586463.jpg)
YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐ℤ ✓
Fanficඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yz Fanfiction Love &Romance story 💚❤️