🌹 පනස් තුන්වන දිගහැරුම 🌹

1.1K 152 95
                                    

🌹 රෝ ස 🌹

..

..

..

..

..

ඔහ් පපා ඒ ඩ්‍රාමා එක නම් පට්ට නෙහ්.. අනේව්.. අපරාදෙ අයියෝ ඉවර උනේ.. තව පොඩ්ඩක් අදින්නත් තිබ්බා හලෝ...

හා හා කෝ කට අරින්න..

ඇති අප්පා...

ඔහොම පොඩ්ඩක් කාලා හරියනවද දරුවෝ... පොඩි එකාටත් එක්කම කන්න එපැයිනේ..

හයියෝ.. ඒ උනාට හුම්ම ගන්න බෑනෙ...

හරි හරි එහෙනම් ඇති.. සැලඩ් ටිකක් ගේන්නද...

ආ සැලඩ් නම් ටිකක් නෙවෙයි බේසමකට දාන් එන්න.. ඒවට බඩේ ඉඩ තියෙනවා...

මේ නම් රාජකීය පුත්තරයෙක් අම්මපා.. හිටු ගේන්නම් මන්...

වන්ග් ගියේ අමනාපයෙන් නෙවෙයි.. හැබැයි ඒ වගේ තමයි හැසිරෙන්නෙ.. ඇයි ඉතින් ශාන්ගෙ කුසට දැන් මාස හයක්ම ගෙවිලා ගියත් කොල්ලා බත් එහෙම කන්නෙ හරිම අඩුවෙන්නෙ..

බලහත්කාරයෙන් කවන්නත් බෑ.. මාස තුන පැන්නා කියලා නෑ.. ඕවර් ලෝඩ් වෙච්චි ගමන් ශාන් බෝස් ගාලා වමනෙ කරන්න ගද්දි අර අමාරුවෙන් කවපු ටිකත් අපරාදෙ වෙනවනෙ..

ඒ නිසා වන්ග් වැඩිය කවන්නෙ නෑ දැන්.. ශාන් දෙපාරක් ඇති කිව්වාම වැඩේ නතර කරනවා..

හැබැයි වන්ග්ට ඕනේ කොල්ලව පුපුරලා යන්න තරම් තඩි වෙන්න බත්ම ගිල්ලන්න.. ඒවා කොහෙද ශාන් එක්ක.. කොල්ලා කන්නෙ කොල්ලට ඇති ගානට...

හොදම වැඩේ කියන්නෙ ශාන් ගැබ් අරන් ඉන්නෙ කියලා දැන ගත්තු දවසෙ ඉදලම ගමේ මිනිස්සුන්ගෙන් ශාන්ට ලැබෙන තෑගි බෝගනෙ...

ගහේ වැලේ හැදෙන පළතුරු.. බෙහෙත් නොගහපු එලවලු.. ආස ආස කඩචෝරු.. ගමේ ගෑනුත් පිරිමිද කියලා අදාල නෑ චූටී බේබිගෙ තිබ්බ හිත හොද කම නිසාම ගෙදරටම ලැබුනා...

ඉතින් ශාන් බත් ප්‍රතික්ෂේප කරන එක අහන්නත් දෙයක්ද.. කොයි වෙලේ බැරිනම් ඒ කට අස්සෙ එක්කො අඹ ගැටයක්.. එක්කො වෙරළු ගෙඩියක්.. අඩුම තරමෙ ලොවි ගෙඩියක් හරි කටේ ඔබන් හප හප තමයි ශාන් බඩා මහත්තයා වගේ කකුල් දෙකත් ස්ටූල් එක උඩ හායී ගාලා දෙපසට කරන් වාඩි වෙලා ඉන්නෙ...

꧁ රෝස ꧂                                              ✓ 𝕐ℤ ✓Where stories live. Discover now