"අප්පච්චී...."අවුරුදු දහනමයකින් පස්සෙ අප්පච්චි ආයම ලංකාවට ඇවිත්... මට නිකන් හාර්ට් ඇටෑක් වගේ.. ඇයි දෙයියනේ මීට මාස තුනකට කලින්මයි එයා කිව්වෙ එයා ආය එනවනම් එන්නෙ මගෙ උපන්දිනේට කියලා.. ඒත් දැන් එයා ඇත්තටම ඇවිත්.. ඒකත් අලුතින් පටන්ගන්න අවුරුද්ද අපිත් එක්ක සමරන්න... මට හුඟක් සතුටුයි.. මට ඒක කියන්න වචන නැති තරම් සතුටුයි... අප්පච්චි කෙනෙක් ළඟ නැතිව හිටපු මමත් ඒ තාලෙ වැහිනැති කාන්තාරෙක හිටපු පුංචි පතොක් පැළයක්.. මට වැස්ස ඇරෙන්න වෙන අයගෙන් වතුර වුවමනා වුනෙ නෑ කියන්න ඒ පැළ වලට වගේම කටු තිබුනා... ඒකෙන් මගෙ අම්මත් මගෙන් ඒකාලෙ ඈත් වුනාදෝ කියන්න ලොකු තේරුමක් නෑ මට.. ඒත් ඒ කාන්තාරෙ මැද මම හැමවෙලාවකම මගේ තනියට යන එන අයව දැක්කා.. හම්බුනා.. ඒ අය අතර අම්මත් හිටියා.. මගෙ වටේ හැමෝමත් හිටියා.. සමහර අය මං ගාව නතර වුනා. ඉතිං දැං ඒ පැළේට තනියක් නැතත් හැමදේම හොඳට මම දරාගෙන ඉන්නම කාලෙක ඒ වැස්ස ආවා කියලා මට නිගමනයකට එන්න මේ වෙලාවෙ ඕනවටත් වඩා සාධක තියෙනවා.. ඒත් අප්පච්චි ඒ තරම් ආත්මාර්තකාමී නැ.. මොකද වැස්සක් විදියට එන්න බැරි වෙලාවල් වල මුලු පරිසරේම සිසිල් වෙන විදියෙ වලාකුලක් විදියට එයා මට හැමවෙලාවකම සිසිලක් දුන්නා... මම හරි ආසයි ඒ වළාකුලට... ඒ වැස්සට...
මම ඇඬුවෙ නෑ.. මොකද දැන් මම එහෙම ළාමක නෑ.. දන්නැද්ද දැං දහනමයයි සගොර් මට... අනික අද අඬන්න තරම් මූඩ් එහකුත් නෑ... අප්පච්චි මට හග් එකක් දීලා අම්මා එක්ක බර කතාවක වැටුනා.. අපේ ගෙදර එකම කපල් එකනෙ ඉතිං.. මම මොනවද ඒ දෙන්නගෙ ලව් එක මැද්දෙ ඉඳන් කරන්නෙ... ඉතිං මගෙ බිනරමලීත් පේන්න නැති එකේ මං අර කෑම ඕගනයිස් කරන පැත්තෙ රවුමක් දාන්න ගියා... හනේ සුවඳ... ඒ කෑම නිකම් මටම කතාකරනවා වගේ මට දැනෙන්නෙ... හරියට නිකං අනේ මාව ගන්න... මම ඔයාට ගුණයි.. සසායි.. කියන්න වගේ... ගිහින් එකම එක පියනක් ඇරියා.. නහය කඩාගෙන යන සුවඳ එක්කම මගෙ පිට පුපුරලා යන්න පාරක් වැදුනා...
"මොන හු..-"
මේකිට මෙච්චර හයියක් තියේද අප්පා... මගෙ පිට දනවත් එක්ක.. ෂුවර් ඇඟිලි පහේම පාර හිටලා ඇති... අලිපැටැයා වගෙ ඉඳගෙන.. ආ නෑ කෙනෙරපැටියා වගේ ඉදගෙන... අලි දෙන.. ඇයි මස්මනෙ කන්නෙත්.. සෝෆියා... මේ බැම්ලි මගෙ ළඟම කසින් කෙනෙක්.. කසින් කිව්වට මංවත් අපේ එකෙක්වත් වගේ නෙමෙයි මේකි... හතරේන් එකක් ශ්රී ලන්කන් වුනාට... ඉපදීමෙ ඉඳන් ෂුවර් එකටම මරණය දක්වාම ජර්මන් ජාන වලටම විතරක් නම දීගෙන ඉන්න එකීයක්... මේකිව මට ෆිට් වුනේ එහෙ හිටපු මාස දහයට... මරු හැබැයි.. සිංහලත් නිකම් අන්ඩරදෙමලින් වගේ කියනවා මෙලෝ යකෙක්ට නොතේරෙන්න.. ඒකිට ඒකිගෙම සිංහලක් තියෙන්නෙ.. හැබැයි ජර්මන්, ඉන්ග්ලිෂ්, ඉතලි වතුර වගේ පුලුවන් මේකිට...
VOUS LISEZ
කෝමා 🫀 <<completed>>
Non-Fictionඑයාලා කියනවා ඒවා ඇත්ත නෙමෙයිලු.. එහෙම දේවල් වුනේ නෑලු.. මං මවාගත්ත දේවල්ලු.. ඒත් ඇයි මේ..? ඇයි එයාලා බොරු කියන්නේ..? "මිනිස්සු කියනවා බය කියන්නෙ නරක හැඟීමක් කියලා... නෑ එහෙම නෑ... බය.. මට නං බය කියන්නෙ මම ජීවතුන් අතර කියලා කියන හැඟීම..." -කෝමා- - Pl...