Interview 02

95 9 0
                                    

අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ....

Bin_Kundi

1. වට්පෑඩ් ගැන දැනගත්තෙ කොහොමද ?

වට්පෑඩ් ගැන දැනගත්තේ 2021 අගක . යාලුවෝ ශෙයා කරපු පෝස්ට් නිසා . ඒත් බයට අකවුන්ට් එකක් හදන් නැතුව privacy browser එක්කින් ලොග් උනේ

2. මුලින්ම වට්පෑඩ් එනකොට වට්පෑඩ් කොයි වගේ ද ?

මුල් කාලේ අඇත්තටම මට නම් ටිකක් අමුතුයි . තමන්ට තියෙන ප්‍රශ්න වලට සමාන කතා ලියවුන නිසා සේරමලා සමානයි වගේ දැනුනා . ඒ නිසාම මන් තවමත් කියන්නෙ ඒ කාලේ හරි ලස්සනයි . ( දැනුත් එහෙමයි )

3. ඕතර් කෙනෙක් වෙන්න හිතුවෙ ඇයි ?

හේතුව තමයි කාලයක් ෆික්ශන්ස් කියවද්දි රෑ මැදට මට කතා අදහස් එන්න ගත්ත එක . ඒහෙම වෙන එක කරදරයක් නිසා මන් ඒ අදහස් එකතු කරලා කතා ලිව්වා . කාලෙකට පස්සෙ යාලුවෙක්ට ඒවා මගේ නෙවෙයි කියලා දැම්මම එයාගෙන් හොද ප්‍රතිචාර ආවා . ඊට පස්සෙයි කවුරු හරි කියවයිනේ කියලා වට්පෑඩ් දැම්මේ

4. වට්පෑඩ් වල ඔබේ ගමන්මඟ ගැන කිව්වොත් ?

වට්පෑඩ් ගමන් මගේදි මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා වගේම මෙතනින් හුරු උන writing skills මට අඇත්ටම උදව් උනා . supportive රීඩර්ස් ලා සහ ගොඩක් වටින යාලුකම් ගොඩක් වට්පෑඩ් නිසා හම්බ උනා

5. පලවෙනි ම පොත මොකද්ද.? ඒකට ඒ කාලෙ ලැබුන ප්‍රතිචාර කොහොමද ?

මුල්ම පොත miracle . ඒත් මුලින්ම පබ්ලිශ් කරේ unexpected . මන් බලාපොරොත්තු නොවුන විදිහට සතියක් වගේ අඇතුලත කීප දෙනෙක් ඒක කියවලා තිබුනා . ඒත් කතාව ගැන comment එන්න නම් ලොකු කාලයක් ගියා ඉතින්

6. මේ වෙද්දි පොත් කීයක් ලියලා තියෙනවද..? ඒකෙන් ඔබ කැමතිම පොත මොකද්ද...? ඒක ගැන පොඩි විස්තරයක්..

පොත් ගොඩක් ලිව්වා . ඒත් ඒ සේරම ඩිලීට් උන නිසා ආයේ මුල ඉදන් ලියන්න ගත්තේ 

 දැනට පොත් 24 ක් publish කරලා තියෙනවා . ඒ අතරින් මන් කැමතිම All Eyes On Us කියන පොතට 

 ඒ පොතම ලියවෙලා තියෙන්නේ නිතරම දැනෙන " හැමෝගෙම අඇස් තමන් මතයි " කියන හැගීම ගැන සහ ඒකෙන් කෙන negative වගේම positive පැති ගැනත් , වචන , සන්නිවේදනය ගැනත් ඒ පොතේ ලියවුනා

7. ඔබ ලියලා තියෙන පොත් වර්ග මොනාද...? (Fantasy වලත් වර්ග )

fantasy, (werewolf , supernatural , vampire , demigod ) , brotherhood , වගේම ටිකක් ප්‍රසිද්ද idol× fan , ceo , text au වගේම සාමාන්‍ය ප්‍රශ්න ගැනත් කතා ලියලා තියනවා

8. ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න කතා මොනවද ?

මුලින් ෆැන්ටසි ලිව්වට මට දැන් දැන් ලොකු උවමනාවක් තියෙනවා සාමාන්‍යෙන් හැමෝටම තියන ප්‍රශ්න ගැන කතා ලියන්න . විශේශයෙන්ම , තමන්ට ඕන නම් ප්‍රශ්න වලින් එලියට එන්න ඕන තරම් විදි තියෙනවා කියලා පෙන්නුම් වෙන කතා ලියන්න මන් බලාපොරොත්තු වෙනවා

9. වට්පෑඩ් දැන් තත්වෙ එක්ක gxb ඕතර් කෙනෙක් විදිහට ඔබට හිතෙන දේ ?

දැන් දැන් වට්පෑඩ් වල bl ප්‍රසිද්දයි . මන් හිතන්නේ bl කතා වල ප්‍රදාන චරිත දෙකම readersලට සමීපයි වගේම සාමාන්‍යෙන් එහෙම ආදර කතා ලංකාවේ අය සුලබව දකින්නෙ නැති නිසා ඒ ගැන ලොකු interest එකක් රීඩර්ස් ලට තියෙනවා .ඒක නිසාම GB කතා කියවන පිරිස ගොඩක් අඩුයි . ඒත් තවම ප්‍රශ්නයක් නෑ කීප දෙනෙක් හරි කියවන නිසා . . bl readers ලගෙ කැමැත්තට සහ තෝරාගැනීමට මන් ගරු කරනවා වගේම කතා කියවන්නඑක GB reader කෙනෙක් හරි ඉන්නව නම් වෙනස් වෙනස් theme සහ genres වලින් ආකර්ශනය වෙන , හිතට දැනෙන අව්‍යාජ කතා ලියන එක දිගටම කරගෙන යන එක අනිත් රීඩර්ස් ලට gb පොත් කියවන්න බල කරනවට වඩා හොදයි කියලා gb writer කෙනෙක් විදිහටමන් හිතනවා . මොකද කතාවට රීඩර්ස් ලබා ගැනීම .. writer ගේ අතෙ තියෙන දෙයක් නේ: )

10. වට්පෑඩ් වල වෙනස් විය යුතුයි කියලා හිතෙන දේවල් ගැන කිව්වොත් ?

රැල්ලට නොයා , කතාවකට අඇත්ත ජීවිතෙ ඉන්න කැරැක්ටර් එකක් ( ex : idols ) ගද්දි ඒ කෙනාගේ ගෞරවය ගැනත් හිතලා කතා ලියනව නම් ඒක හොදයි . තව කතාවක් කියනව නම් පුන්චි comment එකක් හරි දාගන යන්න . ඒක writer ට ගොඩක් වටිනවා :3

11. අවසාන වශයෙන් අපේ මේ වැඩේ ගැන හිතන්නෙ මොකද්ද.?

ගොඩක් හොද වැඩසටහනක් වගේම ස්තූති මන් වගේ පුන්චි writer කෙනෙක්ව සම්බන්ද කරගත්තට . දිගටම කරගෙන යන්න . Good luck☺️❤️


අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා! යම්කිසි අපහසුතාවයක් සිදු වුණා නම් සමාවෙන්න!

- Active Creators - AC_YouthB

New Story StageWhere stories live. Discover now