අද අපේ පලවෙනි සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ......
1. වට්පෑඩ් ගැන දැනගත්තෙ කොහොමද ?
මම වට්පෑඩ් ගැන දැනගත්ත විදිය මට හරියට මතක නෑ.මොකද ඒක ගැන දැනගෙන ගොඩක් කල් දැන්.මම ඉස්කෝලේ යන කාලේ තමයි දැනගත්තේ.මට මතක විදියට මගේ යාලුවෙක් මට වට්පෑඩ් එකේ ඉස්සර වයිරල් ගිය කතා ගැන එහෙම කතා කියන්න ගත්තා.එහෙම මමත් ඒක දාගෙන කියවන්න ගත්තා.එහෙම තමයි මට මතක මොකද මම ඒක ගැන දැනගෙන දැන් අවුරුදු 7 කට ඉස්සර වගේ.
2. මුලින්ම වට්පෑඩ් එනකොට වට්පෑඩ් කොයි වගේ ද?
මුලින්ම එනකොට වට්පෑඩ් එකේ හරිම ලස්සන රයිටින් ස්ටයිල් එකට කියවන ආස විදියට ලස්සන කතා කියවෙලා තිබුනා.BL කතා එහෙම හරිම අඩුවෙන් තිබ්බේ.හරිම ලස්සනට කතා ලියලා තිබුනා.ඒ දවස් වල අපරාදෙ ඉවරකරේ කියල හිතෙන අවසානය කියවනකොට කදුලු ආපු ලස්සන හිතට දැනෙන කතා තිබ්බා.
3. ඕතර් කෙනෙක් වෙන්න හිතුවෙ ඇයි.?
මම කතා කියවද්දි මටත් ආස හිතුනා ලියන්න.මගේ සමහර යාලුවොත් මාව කතාවක් ලියන්න මගේ අදහස් හොදයි කිව්වා.ඒ නිසා ලියන්න හිතුවා.
4. වට්පෑඩ් වල ඔබේ ගමන්මඟ ගැන කිව්වොත්?
මම වට්පෑඩ් එකේ මුලින්ම දාගත්තම ඒකේ අවුරුදු ගානක් ඒ කියන්නේ අවුරුදු 3 ක් හෝ 4ක් පොත් කියෙව්වා.ගොඩක් ඕතර්ස් ලා ලියපු ගොඩක් පොත් කියෙව්වා.ඕතර් කෙනෙක් උනත් මම වට්පෑඩ් එකේ ලියපු පොත් කියෙව්වා.ඒ නිසා මම වට්පෑඩ් එක ඇතුලේ ගොඩක් ලස්සන පොත් කියවලා තියෙනවා.වට්පෑඩ් එකේ රීඩර් කේනෙක් විදියට ඕතර් කෙනෙක්ගෙන් කතා ලියවෙන්න ඕනේ විදිය මම ඉගෙන ගත්තා ඒ කාලේ.පස්සේ මම කතා ලියන්න ගත්තේ මම AL කරන කාලේ.ඒ කාලේ මම පොත් 4ක් විතර ලිව්වා.ඒවට හොද ප්‍රතිචාරත් හම්බුනා.ඒත් පස්සෙ මට වැඩ වැඩි උන නිසා වගේම ඒ කතා මගේ හිතට සැටිස් උනේ නැති නිසා මම ඒපොත් හැම එකම unpublished කරා.ආයෙ මට එක්සෑම් එක ඉවර උනාම මම ආයේ කතාලියන්න පටන් ගත්තා වෙනස්ම විදියට දැන් මගේ ප්‍රොෆයිල් එකේ කතා දෙකක් තියෙනවා.ඒවට මා හිතුවට වඩා කලින් පොත් වලට වඩා වෙනස්ම විදියේ ප්‍රතිචාර හම්බුනා.ඒක තමයි මගේ වට්පෑඩ් ගමන.ම්ම ඕතර් කෙනෙක්ට වඩා රීඩර් කෙනෙක් විදියට ඉන්න් තමයි මම ආස.
YOU ARE READING
New Story Stage
عشوائيවට්පෑඩ් වල තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු සහ නවක GXB රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා සහ පාඨකයන්ගේ අදහස් මෙහි ඇතුලත් වේ.