අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වන්නේ..
parkyounghee051. වට්පෑඩ් ගැන දැනගත්තෙ කොහොමද ?
මට මතක විදිහට යාලුවෙක්ගෙ මාර්ගෙන් තමයි මං වට්පෑඩ් එක ගැන මුලින්ම දැන ගත්තේ. ඇප් එක නම් තිබුනේ නෑ.මං වෙබ්සයිට් එකෙන් තමයි පොත් කියෙව්වේ.
2. මුලින්ම වට්පෑඩ් එනකොට වට්පෑඩ් කොයි වගේ ද ?
ලස්සනයි. එක එක විදිහට ලියපු ලස්සන කතා ගොඩක් තිබුණා. ඒක හරියට ෆැන්ටසියක් වගේ. ඒ වගේම අද දකිනවා වගේ BL, GL කතාත් ගොඩක් අඩුවෙන් තිබුනේ. කොටින්ම කිව්වොත් ඒ වගේ කතා නැති තරම්.
3. ඕතර් කෙනෙක් වෙන්න හිතුවෙ ඇයි.?
මුලින්ම අනිත් අය ලියපු ලස්සන කතා කියවද්දී මටත් හිතුනා කතාවක් ලියන්න. ඒ වගේම වැඩක් නැති වෙලාවට මගෙ ඔලුවට එක එක විදිහේ අදහස් එන්න ගත්තා. ඉතින් ඒ හැම එකක්ම එකතු කරලා කතාවක් ලියන්න ඕන කියලා මට හිතුනා. ඒ විදිහට තමයි මං ඕතර් කෙනෙක් වුණේ.
4. වට්පෑඩ් වල ඔබේ ගමන්මඟ ගැන කිව්වොත් ?
මං මුලින්ම වට්පෑඩ් එකට ආවේ 2021 මැයි මාසේ. එදා ඉඳන් අවුරුදු 3ක් මං කියපු පොත් මාව වෙනස්ම කෙනෙක් කරා කිව්වොත් හරි. කතාවක් තියෙනවානේ පොතකට ඕනම රළු කෙනෙක්ව හදවතක් තියෙන කෙනෙක් කරන්න පුලුවන් කියලා. ඉතින් මට හිතෙනවා මේ ආපු ගමනේදී මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා.
5. පලවෙනි ම පොත මොකද්ද.? ඒකට ඒ කාලෙ ලැබුන ප්රතිචාර කොහොමද ?
මගෙ පළවෙනි පොත තමයි 'Emeelia'. ඒත් මතක විදිහට මං ඒක චැප්ටර්ස් 4 කට පස්සේ unpublish කරා.මොකද එතකොට මං අලුත් නිසා මට බය හිතුනා කවුරුත් ඒක කියවන්නේ නැති වෙයි කියලා. කතාවේ මේන් කැරැක්ටර් එක වුණේ යූන්ගි. ඒක romance fantasy කතාවක්.
6. මේ වෙද්දි පොත් කීයක් ලියලා තියෙනවද..? ඒකෙන් ඔබ කැමතිම පොත මොකද්ද...? ඒක ගැන පොඩි විස්තරයක්..
මං මේ වෙද්දී පොත් දෙකක් ලියලා තියෙනවා. ඒක ඇත්තටම book series එකක්. ඒ පොත් දෙකෙන් මුලින්ම publish වුණේ 'TXT & The Snow Palace' නිසා මං ඒකට කැමතියි. අනිත් කතාව තාම ongoing. ඒ කතා දෙකම ලියවුනේ TXT බෑන්ඩ් එක පදනම් කරගෙන. මට ඕන වුණා හැමදාම අපි කියවන මාතෘකා වලින් ඔබ්බට ගිහින් සහෝදර බැඳීම, ආදරය වගේ සංකල්ප තෝර ගන්න. ඒ වගේම ඒක වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට කියවන්න පුළුවන් කතාවක් කියලත් කියන්න පුළුවන්.
7. ඔබ ලියලා තියෙන පොත් වර්ග මොනාද...? (Fantasy වලත් වර්ග )
Fantasy- magic, brotherhood වගේ concept එකකට අනුව තමයි ලියවෙලා තියෙන්නේ.
8. ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න කතා මොනවද ?
අදහස් නම් ගොඩක් තියෙනවා. ඒත් හැමදාම ලියන ෆැන්ටසියෙන් එහාට ගිහින් වෙනස් විදිහේ කතාවක් ලියන්න නම් ලොකු ආසාවක් තියෙනවා. ඉතින් Romance,Brotherhood,Comedy කැටගරි එකෙ කතා ඉස්සරහට ලියන්න බලාපොරොත්තු වෙනවා.
9. වට්පෑඩ් දැන් තත්වෙ එක්ක gxb ඕතර් කෙනෙක් විදිහට ඔබට හිතෙන දේ ?
අද වෙනකොට අපිට පේනවා GL, BL කතා ගොඩක් ලියවෙලා තියෙනවා. ඒවාට සාපේක්ෂව GXB කතා අඩුයි. මං දන්නවා කෙනාගෙන් කෙනාට රස විඳින විදිහ වෙනස්. ඒත් මට හිතෙනවා මේ හැම වර්ගයකම පොත් සමබරව දකින්න ලැබෙනවා නම් හොඳයි කියලා . මොකද තාමත් ඉස්සර වගේ GXB කතා කියවන්න ආස ලොකු පිරිසක් ඉන්නවා. පොඩි දුකකට තියෙන්නේ ඒ අයට කියවන්න තියෙන පොත් අඩු එක ගැන.
10. වට්පෑඩ් වල වෙනස් විය යුතුයි කියලා හිතෙන දේවල් ගැන කිව්වොත් ?
ඇත්තටම අපි ගොඩක් වෙලාවට කතාවක් ලියද්දි ඒ ගැන දෙපාරක් හිතන්න ඕන. සමහරවිට අපි අදහස් කරන දේ රීඩර්ස්ලා මොන වගේ ගනියිද කියලා අපි දන්නෑ. ඒ නිසා හොඳ විශ්වාසෙකින් රැල්ලට යන්නේ නැතුව තමන්ගේම අලුත් අදහස් එක්ක කතා ලියනවා නම් ගොඩක් හොඳයි.
තව දෙයක් තමයි අපි fanfiction ලියද්දි පවා අපි පාවිච්චි කරන idols ලගේ image එක ගැනත් ගොඩක් හිතන්න ඕන. ඉතින් මේ දේවල් ටික වෙනස් වුණොත් මට විශ්වාසයි ඉස්සර වට්පෑඩ් තිබුණ තත්ත්වෙට ගන්න බැරි වෙන එකක් නෑ.
11. අවසාන වශයෙන් අපේ මේ වැඩේ ගැන හිතන්නෙ මොකද්ද.?
ඒක ඇත්තටම නියමයි. විශේෂයෙන් මං වගෙ අලුත් ඕතර් කෙනෙක්ව ඔයාලගේ interview එකට සම්බන්ධ කර ගත්තට ගොඩක් ස්තුතියි. මං හිතනවා මේ interview එක කාටම හරි ගොඩක් ප්රයෝජනවත් වෙයි කියලා.
මේ වැඩේ දිගටම කරන් යන්න මං ඔයාලට සුබ පතනවා.
අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වීම ගැන ගොඩක් ස්තූතිවන්ත වෙනවා! යම්කිසි අපහසුතාවයක් සිදු වුණා නම් සමාවෙන්න!
Active Creators - AC_YouthB
YOU ARE READING
New Story Stage
Acakවට්පෑඩ් වල තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු සහ නවක GXB රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා සහ පාඨකයන්ගේ අදහස් මෙහි ඇතුලත් වේ.