අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ...
taetae_rosemary1. වට්පෑඩ් ගැන දැනගත්තෙ කොහොමද ?
වට්පෑඩ් ගැන් මන් මුලින්ම දැනගත්තෙ යූටියුබ් එකෙන්..ඒකේ ඉස්සර වට්පෑඩ් එකට ලිව්ව ඕතර් කෙනෙක් එයාගේ යූටියුබ් චැනල් එකටත් ඒ ස්ටෝරි වීඩියෝස් විදියට අප්ලෝඩ් කරලා තිබ්බා..ඒ නම් 2020 මුල් කාලේ වගේ...
2. මුලින්ම වට්පෑඩ් එනකොට වට්පෑඩ් කොයි වගේ ද ?
මුලින්ම මන් වට්පෑඩ් එකට එනකොට මුලින් කිව්වා වගේ 2020..ඒ කාලේ මගෙම කියලා අකවුන්ට් එකක් තිබ්බෙ නෑ පස්සෙ තමයි මගෙම අකවුන්ට් එකක් හැදුවේ.ඇත්තටම 2020,21 වගේ කාලවල වට්පෑඩ් එක හරිම ලස්සනයි.මන් ඒකෙන් අදහස් කරේ වට්පෑඩ් ඒ කාලේ ගොඩ දෙනෙක් අතර ප්රසිද්ධ නෑ වගේම ඒ කාලේ හිටපු ඕතර්ස්ලා පුදුම තරම් ලස්සන කතා ලිව්වා.හැබැයි කියන්න දුකයි ඒ කාලේ හිටපු ඕතර්ස්ලා දැන් ඔක්කොම වගේ හැලිලා ගිහින්...
3. ඕතර් කෙනෙක් වෙන්න හිතුවෙ ඇයි ?
පොඩි කාලේ ඉදන් මන් කතා කියවන්න,ලියන්න ආස නිසයි මට හිතුනේ මාත් කතාවක් ලියන්න පටන් ගත්තොත් හොදයි කියලා.
4. වට්පෑඩ් වල ඔබේ ගමන්මඟ ගැන කිව්වොත් ?
හිතුවට වැඩිය අමාරුයි මොකද ඕතර් කෙනෙක් පැය ගානක් මහන්සි වෙලා ලියන කතාවක් කියවන්න අපිට විනාඩි ගානක් ගියාට අදහස් ගලපලා ලියන්න ලොකු කාලයක් යනවා.ඉතින් ලියන්න පටන් ගත්තහම ඒක ගොඩක් දැනුනා.විශේශයෙන්ම මතක් කරන්න ඕන @Xian_51 මෙන්න මෙයාව.මන් වට්පෑඩ් එකට ලියන්න ගත්ත දා ඉදන් මාත් එක්කම හිටපු ඕතර් කෙනෙක්.
5. පලවෙනි ම පොත මොකද්ද.? ඒකට ඒ කාලෙ ලැබුන ප්රතිචාර කොහොමද ?
පලවෙනිම පොත Still with you කියලා ff එකක්..BTS Suga ව ප්රධාන චරිතය කරන් ලිව්ව කතාවක්..කියන්න මට ගොඩක් සතුටුයි ඒකට මට ඇත්තටම හොද ප්රතිචාර තිබ්බා.
6. මේ වෙද්දි පොත් කීයක් ලියලා තියෙනවද..? ඒකෙන් ඔබ කැමතිම පොත මොකද්ද...? ඒක ගැන පොඩි විස්තරයක්..
පොත් හතරක් ලියලා තියෙනවා මේ වෙනකොට.ff එකකුයි කෙටි කතා දෙකකුයි නිසදැස් ආකෘතියේ පොතකුයි තමා ලියලා තියෙන්නෙ.ඒ අතරින් මම කැමතිම පොත 'තව එක සැරයක්' කියන කෙටි කතාව.පණ වගේ ආදරේ කරපු කෙනා නැති උන නිසා ඒකෙන් යම්තාක් දුරට උම්මන්තක ස්භාවයට පත් උන ගැහැනු කෙනෙක් ගැන කතාවක් ඒක.මන් හරිම ආසවෙන් ලිව්ව කතාවක්.
YOU ARE READING
New Story Stage
Randomවට්පෑඩ් වල තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු සහ නවක GXB රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා සහ පාඨකයන්ගේ අදහස් මෙහි ඇතුලත් වේ.