අද අපේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වන්නේ...
1. වට්පෑඩ් ගැන දැනගත්තෙ කොහොමද ?
මට ඒ ගැන හරි හමන් මතකයක් නම් නෑ. ඒත් මන් හිතන්නෙ stories කියවන්න පුළුවන් app එකක් හොය හොය ඉන්දි මට මේක හම්බුණේ.
2. මුලින්ම වට්පෑඩ් එනකොට වට්පෑඩ් කොයි වගේ ද?
මන් මුලින් දැනන් ඉදියේ නෑ මේකෙ සිංහල stories තියේ කියලා. ඉතිං මන් english ඒවා කියව කියව ඔහේ vote එකක් comment එකක් දාන් ඉදියා මිසක් මේකෙ අමුතුවෙන් විශේෂයක් දැනුණේ නෑ. මුල් කාලෙදි ඉතිං ඒ නිසා මට මේකත් නිකං app එකක් විතරයි. ඒත්... දැන් නම් ඒක වෙනස් වෙලා.. නිකං... මේ app එක ඇතුලේ මට අලුත් පවුලක් හම්බුනා වගේ.
3. ඕතර් කෙනෙක් වෙන්න හිතුවෙ ඇයි. ?
ඒක... මගේ පුංචි ම කාලෙ ඉදන් ආසාවක්. මට කතාවක් ලියද්දී දැනෙන්නේ නිකං මන් ඒ කතාව ඇතුලේ ජීවත් වෙනවා කියලා. ඉතිං... මන් මුලින් කතා ලියන්න පටන් ගත්තෙ මන් වෙනුවෙන්. මාව වෙන ලෝකෙක ජීවත් කරවන්න ඕන වුණ නිසා.
4. වට්පෑඩ් වල ඔබේ ගමන්මඟ ගැන කිව්වොත් ?
මුලින්ම නම් stories කියෙව්වා විතරයි. පස්සෙ තමයි නිකං ආසාවට whatsapp group එකක මන් දාපු ස්ටෝරි එකක් මේකෙ නිකමට වගේ publish කළේ. (ඒක නම් දැන් ඇත්තෙත් නෑ. ) ඒක තමා ගමනෙ පටන් ගැන්ම. ඊට පස්සෙ ලියාපු එක නම් විභාගේ කටේ තියාගෙන ලියාපු නිසා ඒක ලියන්න මට ගොඩාක් කල් ගියා. මන් අවුරුද්දකට ලං වෙන්න ඒක ලියන්න ඇති. ඒත් ඒකෙන් මට සපෝටිව් රීඩර්ස් ලා ටිකක් හම්බුන නිසා නම් කතා ලියන්න කැමැත්ත වැඩි වුණා. මන් දැන් ටිකක් ඉක්මන් ඉක්මන් කරලා updates දෙන එකට ලොකුම හේතුවත් එයාලා. ඉතිං මන් තාම ඇවිත් තියෙන්නේ පොඩි දුරක් වුණත්... ඒ පුංචි දුර වැටෙන්නේ නැතුව එන්න ඒ කිහිප දෙනා ලොකු හයියක් වුණා.
5. පලවෙනි ම පොත මොකද්ද.? ඒකට ඒ කාලෙ ලැබුන ප්රතිචාර කොහොමද ?
පළවෙනිම එක ජිමින් මේන් වෙච්ච සින්ඩරෙල්ලා කියලා CEO X SECRETARY luv story එකක්. ඒකත් මන් මාස ගාණක් ලියන්න ඇති. ඒ කාලෙ ඇතුලේ මට votes තිබ්බෙ එක chap එකකට වෝට් හතර ගානේ වගේ. ඉතිං මන් ඒ තුන් හතර දෙනා වෙනුවෙන් අන්තිම වෙනකල් ම කතාව ලියලා ඒක අන්තිමට complete කරලත් ඉවර වෙලා ඒක සම්පූර්ණෙන් ම unpub කලා. දැන් ආයෙ ඒක කියවද්දී මට හිතෙනවා ඒ කියවපු හතර දෙනා ඒක කොහොම හිතක් හදාගෙන කියෙව්වද කියලා. මට ම ලැජ්ජයි :')
YOU ARE READING
New Story Stage
Randomවට්පෑඩ් වල තවදුරටත් ඉදිරියට පැමිණිය යුතු සහ නවක GXB රචකයන්ගේ සම්මුඛ සාකච්ඡා සහ පාඨකයන්ගේ අදහස් මෙහි ඇතුලත් වේ.