අඩ සිහියෙන් සිටි මං සම්පූර්ණයෙන් ම සිහි නැති ව වැටුනත් ... මගේ සිතේ යම් සැනසීමක් පැවතුනෙ ... ඒ මේ ගැල තුළ මට ස්වර්ගීය ආරක්ශාවක පහස දැනෙද්දී යී ... නමුත් ලයට තෙරපුනු යුවාන් නම් මොහොතකට වත් මා අතින් බුරුල් උනේ නම් නෑ ....
.
.
.
.
.
.
.
." අහ් හ් හ් හහ් .... "
" අහ් හහ් ගගා ඉදලා හරියන්නෙ නෑනේ ළමයෝ ... මේ කැද ටික බොන්නකෝ ... ආ ඕන්න කට අරින්න ... කෝ ... කෝ ... "
" ම්හ්ක්ක්ක් ... "
" අනේ සන් ලන් බලන්නකෝ ... මේ දරුවා එක උගුරක්වත් බිව්වෙ නෑනේ ... "
" ග ' ගා සමහරවිට එයා බයවෙලා ඇති ... අපි එයාගේ පපා ඇහැරෙනකං හිටියොත් මොකද ... ? "
"ඒත් සන් ලං , මං දැක්කම බය හිතෙන කෙනෙක් ද ... !? "
" නෑ නෑ ග ගා ... ඒත් එයා සමහර විට බය වෙලා ඇත්තේ මට ... "
" සන් ලන් ... ඔයා එහෙම බය හිතෙන කෙනෙක් නෙවෙයි අනේ ... ඔයා ගොඩාක් කඩවසම් ස්වාමිපුරුෂයෙක් නේ .... හී ... "
මදක් රිදුම් දෙන හිසක් හා සුවද දුම් වල සිත් සනසවන ගන්ධයකුත් ... ඒ සියල්ල පරයා නැගෙන දෙදෙනෙකුගේ කතා හඩවල් කිහිපයකුත් එක්ක ... මං හිමීට ඇස් ඇරියා ...
" අහ්ක්ක්ක් හ්හ්හ් ... "
" ග ගා බලන්න ඔහු ඇහැරිලා ... "
" ඔහ් මිත්රයා ඔබ සුවෙන් ද ... ?! "
යුවාන් හිටියේ ශ්වේත පැහැ වස්ත්රධාරියෙකුගේ උකුල මත හිදගෙන ... ඒ තැනැත්තාගේ අතේ කුමක් හෝ ආහාර බදුනක් රැදී තිබුනා ...
ඒ අසල තවත් රක්ත පැහැ වස්ත්රධාරියෙක් උදුනකකට ගිනි මොළවමින් හිටියේ ... අනෙක් තැනැත්තා හා කතාවට වැටී ...
මං ඇහැරෙන බව මුලින්ම දැකපු යුවාන් සුරතල් හඩක් පිටකරමින් මා වෙතට එන්න පොරකද්දී යී ... අනෙක් දෙදෙනාගෙත් අවධානය මා වෙත යොමු උනා ...
මා සිටියේ පිදුරු මෙට්ටයකින් සෑදූ සයනයක් මත වෙද්දී ... එය මට මගෙ මාළිගාවේ සේවක ගෘහයේ තිබුනු මෙට්ටය මතකයට ගෙනාවා ...
මා සෙමින් සෙමින් සයනයෙන් හිස ඔසවද්දී රක්ත වස්ත්රධාරියා ඇවිත් මට කෙලින් වෙන්න උදව් කරා ...
![](https://img.wattpad.com/cover/356440437-288-k408079.jpg)
YOU ARE READING
Prince Concubine [ Completed ]
Fanfictionමේ ගුසු ලාන් රාජධානිය ලාන් වංශය විසින් පාලනය කළ අවධිය වුනා . වර්තමානයේ ගුසු දේශය පාලනය කළ රජු උනේ තාමත් විසිපස් හැවිරිදි වියේ පසුවුනු ලන් වංජී උතුමාණනන් වුනා . ගුසු රාජධානිය ලාන් වරුන් විසින් පාලනය කිරීම ආරම්භ වූයේ වංජී රජුගේ මුත්තනුවන්ගෙ කාලේ ඉදන්...