Chapter 25

520 94 25
                                    


" ලියාන් ... යුන්මෙන් වලට නෙවෙයි ... අපි යමු අගනුවරට ... හැකි ඉක්මනින් ම ... "

.
.
.
.
.
.
.

පාරවල් අවහිර වී තිබුනේ හිම නිසා මෙන් ම ඊටත් වඩා ... යුද්ධය දිනා පැමිණෙන හමුදාව  නැරඹීමට පේලි ගැසී යන ජන ගංගාව හේතුවෙන් ...

" ගැලෙන් යන්න ගියොත් දවස් ගාණක් යයි වගේ ... අපි කැලේ හරහා ඇවිදන් ගියොත් මොකද ? "

ඉවසලා ඉවසලා බැරිම තැන මං පැවසුවේ ... උතුමාණන් ව දැකගන්න මට තව මොහොතක්වත් පමා වෙන්න උවමනා නොවුනු නිසා ...

මාළිගාවෙ ඊසාන දොරටුවෙන් පිටවුනු පසු මුලින්ම හම්බෙන්නෙ ඝන වනාන්තරයක් ... ඒ වනාන්තරයෙන් එපිට ගම්මානය තමයි පුචි කියන්නෙ ...

අගනුවර ඉදන් යුන්මෙන් වලට ප්‍රධාන මාර්ගය හරහා යන්න  හෝරාවකටත් වඩා අඩු කාලයක් ගත වුනත් පුචි ගම්මානයේ ඉදන් යුන්මෙන් වලට යන්න වගේ ම අගනුවරට යන්නත් දවස් භාගයක් විතර ගත උනා ...

නමුත් එදා මාළිගාව ගිනිගත්ත දවසේ ප්‍රධාන මාර්ගය හරහා යුන්මෙන් යනවට වඩා පුචි ගම හරහා යුන්මෙන් යාම ආරක්ශිත නිසයි ... වෙන් නින් එදා මාව කැලෑබද මාර්ගයේ එවූයේ ... එයට ප්‍රධාන හේතුව බොහෝ වැසියන් ඒ මාර්ගය තම ගමනාගමන කටයුතු සදහා භාවිතා නොකිරීම ...

ඉතින් ඒනිසාම ප්‍රධාන මාර්ගයට වඩා කැලෑබද මාර්ගයේ තදබදය අඩුවෙන්න තියන ඉඩ වැඩි නිසා යි මං ඒවගෙ දෙයක් යෝජනා කළේ ...

" මෙ හිමේ , සීතලේ දරුවෙකුත් එක්ක අපි කොහොමද කැලයක් බඩගාන්නෙ ... "

ලියාන් පැවසුවෙ මගෙ අදහස අනුමත නොකරමින් ...

ඇත්ත තමයි ... අපි තුන්දෙනාට ඕක දරාගන්න පුළුවන් උනත් යුවාන්ට ඒ ගමන අපහසු වෙයි ... හැරත් මේවෙනකොට මාළිගාවේ තත්ත්වය මොන වගේ ද කියලත් මං හරියට ම දැනගෙන හිටියේ නෑ ...

නමුත් බොහෝවිට යුද්ධය දිනූ නිසා මාළිගාව නැවතත් අපේ අතට ඇවිත් තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩී ...

හෝරා කිහිපයක් ගත උනා ... ශිඒ ලියාන් හිටියේ සන් ලන් ගේ උරහිසට බර වී නින්දට වැටිලා ...

Prince Concubine [ Completed ]Where stories live. Discover now