එසෙ පැවසූ උතුමාණන් නාන බේසම වෙත පියමනිද්දී ... ඒ වත පරණ පුරුදු සෙල්ලක්කාර සිනාවෙන් ඔප වැටී තිබුනේ ... මං විසල් වූ දෑසින් එතුමාදෙස බලමින් ... කෙළ ගුලියක් උගුරින් පහළට තල්ලු කරද්දීමයි ....
.
.
.
.
.
.
." ඔහ් ... කරදර වෙන්න දෙයක් නෑ උතුමාණනී , මං ස්නානය කර අවසන් .... මා දැන් පිටවයන්නයි මේ සැරසුනේ ... ඔබතුමා ගත දොවාගෙන පැමිණෙන්නකෝ එහෙනම් ...
සුබ රාත්‍රියක් ... !"
උතුමාණන් සැරසුනේ තම සළුව උනාදමමින් ම නාන බේසමට ගොඩවෙන්න උනත් ... එතුමට කලින් ක්‍රියාත්මක උනු මම ඉක්මනින් බේසමෙන් පිටතට පය තිබ්බෙ ම එවදන් පවසමින් ම උනා ...
එක්වරම සළුව ගැලවීම මගින් නතර කළ උතුමාණන් ... අදහාගත නොහැකි දෑසකින් මා දෙස බලා උන්නා ...
කිමද යත් , උතුමාණන් බලාපොරොත්තු වූ පරිදි මා සිටියේ සම්පූර්ණ නිරුවතින් නොවී අඩ නිරුවතින් වීම ...! 😌
නාන කාමරය අගුළු නොදැමීම එදා සිට ම අප අතර පැවති එකගතාවයක් වූ බැවින් ... අදත් සුපුරුදු පරිදි මා එය අගුළු නොදැම්මත් ... මෙවන් වූ දෑකට සූදානම් ම ව සිටි මම ... සම්පූර්ණයෙන් ම නිරුවත් නොවී සිටීමට වග බලාගත්තා ...
ඔව් මං සමාව දෙන්න ඇති ... ඒවගෙ ම මගේ තුවාල සුවකිරීමේ හැකියාවකුත් එතුමාට ඇති ... නමුත් සියල්ලෙන් සියල්ල ... මගේ අභිමානය වෙනුවෙන් වූ මගේ පළිගැනීමේ ක්‍රියාවලිය උතුමාණන් කෙරෙහි තාම ආරම්භ වූවා පමණක් ය යන්න ගැන එතුමාටම ඉගි ලබා දෙමින් ... මා වහා නාන කාමරයෙන් පිටතට ආවේ ... පාශාණිභූත වූ උතුමාණන් ව නාන කාමරය තුළ තනි කරමින් ...
.
.
.යුවාන් ඔහුගේ සුපුරුදු ඇදුම් වලට වඩා මේ රාජකීය වස්ත්‍රාභරණ ප්‍රිය කළා ... ඒවා ඇගලා ගත් මොහොතේ සිට ඔහු හැසිරුනේ ... කිසිදු කුණු බින්දුවක්වත් තම ඇදුම් වල නොතැවරෙන ලෙසට වග බලාගනිමින් ...
එසේ ම ඔහුට මතක ඇති කාලයක සිට , සෙරෙප්පු හැරුනු කොට , තම පාද මැනවින් උණුසුම් කරන පාවහන් යුවළක පහස අහිමිව තිබූ නිසා ... ඔහුට අලුතින් ලැබුනු මේ නව පාවහන් යුවළ මොහොතකට හෝ ගලවා දමන්න ඔහු අකමැති වී තිබුනා ...
YOU ARE READING
Prince Concubine [ Completed ]
Fanfictionමේ ගුසු ලාන් රාජධානිය ලාන් වංශය විසින් පාලනය කළ අවධිය වුනා . වර්තමානයේ ගුසු දේශය පාලනය කළ රජු උනේ තාමත් විසිපස් හැවිරිදි වියේ පසුවුනු ලන් වංජී උතුමාණනන් වුනා . ගුසු රාජධානිය ලාන් වරුන් විසින් පාලනය කිරීම ආරම්භ වූයේ වංජී රජුගේ මුත්තනුවන්ගෙ කාලේ ඉදන්...