Chapter 30

464 89 23
                                    

මං ජීවිතේ පළවෙනිවතාවට ... රැවටීම හා මුසු වුනු විරහවෙ රහ දරුණුවටම විදිමින් උන්නා ...

.
.
.
.
.
.

අලුයම උදාවන්න තව හෝරා කිහිපයක් පමණක් ඉතිරිව තිබුනා ... මුළු දවසට ම උදේ ආහාරයෙන් පමණක් කුස පුරවගෙන සිටි අප වෙත සිරිමැදිරි තුළට සපයන ලද ආහාර ... කිසිදු සැලකිල්ලක් නොලැබීම කුටිය කෙළවරේ නරක් වෙමින් පැවතුනා...

කවුරුන් හෝ යුවාන් වෙනුවෙන් කිරි බෝතලයක් සපයන්න කාරුණික වී තිබුනත් ... යුවාන් පවා අහාර ගැනීම ප්‍රතික්ශේප කර තිබුනු නිසා ... කිරි බෝතලය පවා නරක් වෙන ආහාර ගොඩට නිතැතින්ම එකතු උනා  ...

හෝරාවෙන් හෝරාව අලුයම පහට ළං වෙද්දී ... සිර කුටි දෙකේ රැදුනු පිරිස් සියල්ල ම නිදි නොමැති රැයක අවසානයට කෙමෙන් කෙමෙන් ළං වෙමින් හිටියා ...

රාත්‍රිය පුරා රැදුනු සීතල කෙමින් කෙමින් අඩු වෙමින් අවසානයේ නියමිත හෝරාවට ළගා වෙද්දී ම .... ඈතින් සිර මැදිරි වෙත විවරවන ප්‍රධාන දොරටුව විවෘත කිරීමේ කීන් නාදය අපි සැවොම තිගස්ස්වමින් පියවි ලොවට රැගෙන ආවා ...

නැවතත් පාවහන් වල ලෝහ ගැටෙන හඩ ...

සිර මැදිරියේ දොරටුව විවර වන හඩ ...

" අලුයම පහේ හෝරාව උදා වුනා ... අප දැන් යා යුතුයි "

පෙරටත් වඩා අඩු ගෞරවාන්විත බවක් ඉසිලූ සෙබළ හඩ ...

.
.
.
.
.
.

මුළු රැයක් ම සීතලෙන් හෙම්බත් වුනු සිර මැදිරියේ එක ම ඉරියව්වකින් හිද සිටීම නිසා මගේ දෙපා හිරි වැටී තිබුනු බැවින් ලියාන්ට වුනේ මාව වත්තම් කරගෙන ම ඇවිදගෙන යන්න වුනු එක ...

අපිට අඩියක් පිටුපසින් සන් ලන් මගේ කබායෙන් තදින් ඔතන ලද යුවාන් ව වඩාගෙන උන්නා ...

අපිට පිටුපසින් පාලක පාලකාදී පිරිස පැමිණෙද්දී ... අපි සැවොම සෙබළුන් විසින්  මාළිගාවේ පිටුපස දොරටුව වෙත මෙහෙයවමින් උන්නා ...

පිටුවහල් කරන්නන් මාළිගාවෙන් පිටකරනු ලබන්නේ මාළිගාවේ පිටුපස දොරටුවෙන් වීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙද්දී ... පිටුපස දොරටුව වෙත මුහුණලා තිබූ සදළුතයක සිට රජු එය අධීක්ෂණය කිරීමත් ඒ සම්ප්‍රධායේ ම කොටසක් උනත් ... මා බලාපොරොත්තු වූ පරිදිම සදළුතය හිස් ව තිබුනා ...

Prince Concubine [ Completed ]Where stories live. Discover now