" මේක අපේ වැරැද්ද ... අපිට තිබුනා යුවාන් ඉස්සරහ ටිකක් සන්වරව හැසිරෙන්න ... ආහ් දෙවියනේ මේ පොඩි එකා වයසට වඩා බුද්ධිමත් වගේ ම ඒ තරමට ම පැහිලා ...අහෝ දෙවියනේ මාව බේරගන්න !!! "
.
.
.
.
.
.
.
Wei ying's pov ," පපාආආආආ !!! දෙයියනේ ඔයා දිලිසෙනවා ... ඔයා නිකං රාජ කුමාරයෙක් වගේ ... පපා ඔයා ගොඩාක් කඩවසම් !"
උතුමාණන් පරිස්සමෙන් මගේ අත අල්ලගෙන සැරසිලි කුටියෙන් පිටත විත් විසිත්ත කාමරයට ඇතුළු වෙද්දී ම ... ජින් ලින් එක්ක විශාල කතාබහක ගිලී උන් යුවාන් එක්වරම හිද සිටි පුටුවෙන් නැගිට අවුත් මා වෙත දිව ආවා ...
ඉතින් මාත් නැගෙන කෝල සිනහව අපහසුවෙන් මැඩ ගනිමින් ම යුවාන් දිහාවට අත දිගු කලේ ඔහුව වඩාගන්නා උනත් ... එක්වරම යුවාන් හිටි පියවර නතර උනේ මාව විස්මයට පත් කරමින් ...
" යුවාන් , ඇයි නැවතුනේ ... එන්න මා ළගට ! "
මං යුවාන්ට ළගට කතා කළත් ... තාමත් අඩියක් හෝ නොසෙල්වුනු යුවාන් ... හිටි පියවර ම සිටගෙන කකුළෙ ඇගිලි වලින් බිම මත රටා මවන්න උනේ ... ලැජ්ජාවෙන් ඇඹරෙමින් ...
" පපා ... මං අපිරිසිදුයි ... පපාගේ ඇදුම් අපිරිසිදු වෙයි ... හැරත් මාව වඩාගත්තොත් ඒවා පොඩි වෙයි ... "
අනේ මගේ අහිංසක කොල්ලා ... මගෙ මුව එක්වරම මන්දස්මිතයකින් වැසී යන්න උනේ ... යුවාන් ගැන පිරුණු මගේ ආදරය තව තවත් ඉහළ නංවමින් ...
ඒත් එතකොට ම පාලිකා හන් අප දෙසට ඇවිදගෙන ආවා ... කලින් මා සරසන අවස්තාවේ ඇය හැද සිටියේ , දූපතේ දී ඇය හැදීමට පුරුදුව හිදි කපු රෙදි පිළි උනත් ... මේ වෙනකොට ඇයත් පාලිකා ඇදුම් ආයිත්තම් වලින් තම ගත සරසගෙන ඉදියා ...
" ඒ ගැටලුව මා විසදන්නම් ... යුවාන් කුමරුනී , මා සමග එන්න ... මං ගාව තියනවා ඔබව ලස්සන කරන්න ආයිත්තම් බොහොමයක් ... "
පාලිකා හන් මදක් යටහත් පහත්ව එසේ පවසද්දී ... යුවාන් පුදුමයෙන් පිරුණු තම කුඩා මුහුණ පාලිකා හන් වෙත යොමු කරමින් මෙසේ තෙපළුවා ,
" හන් නැන්දේ ... ඇයි ඔයාට මට ඔහොම කතා කරන්නේ ?"
යුවාන් කුමරුනී යැයි පාලිකා හන් විසින් ඔහුව ආමන්ත්‍රණය කිරීම යුවාන් ව අන්දමන්ද කරලා තිබුනා ... අසරණ දරුවා ... ඔහුට මේ දේවල් වලට පුරුදු වෙන්න බොහෝ කල් ගත වේවී ...
YOU ARE READING
Prince Concubine [ Completed ]
Fanfictionමේ ගුසු ලාන් රාජධානිය ලාන් වංශය විසින් පාලනය කළ අවධිය වුනා . වර්තමානයේ ගුසු දේශය පාලනය කළ රජු උනේ තාමත් විසිපස් හැවිරිදි වියේ පසුවුනු ලන් වංජී උතුමාණනන් වුනා . ගුසු රාජධානිය ලාන් වරුන් විසින් පාලනය කිරීම ආරම්භ වූයේ වංජී රජුගේ මුත්තනුවන්ගෙ කාලේ ඉදන්...