ඉදින් ඔවු ... දෙනෝදාහක් ජන කාය මැද ... ගුසු දේශයේ මහරජු ... තම අන්තඃපුර කුමාරයාව සරාගී ලෙස සිපගනිමින් ... තම ජය නිවැරැදි අයුරින් ම තහවුරු කළේ ...
ජනතාවගේ දෑතින් ගිලිහෙන මල් පෙති හා ලයාන්විත වාදන සංධ්වනියක් මධ්‍යයේ ම වීම සුන්දර දසුන් මවාපෑමට ඉඩ පෑදූවා ...
.
.
.
.
.
.
.
." මා දැන සිටියා කාටවත් ඔබව මරන්න බෑ කියලා ... "
සරාගී හාදුවක් අවසන උතුමාණන් පැවසුවේ තවමත් ඈත් නොකරගත් දෙතොල් මගේ දෙතොල්වලට ගෑවෙන නොගෑවෙන මට්ටමක පවත්වාගනිමින් ...
මං උන්නෙ ලැජ්ජාවෙන් රතු වෙලා ... මෙච්චර පිරිසක් ඉදිරිපිට මෙසේ සිපගැනීම මා කොහෙත් ම බලාපොරොත්තු නොවූ දෙයක් උනා ...
" මොකක්ද ඒ මරන කතාව "
මං ඇහුවෙ කුතුහලයෙන් ...
" ඔවුන් කිව්වා ඔබ මියගියා කියලා ... මාළිගාවට කොල්ලකරුවන් ආ වෙලාවේ වෙන් නින් ඔබවත් යුවාන් වත් යුන්මෙන් යැව්වත් ... කොල්ලකරුවන් නැවත පලාගිය විට ඔබ සොයන්න යුන්මෙන් ගිය වෙන් නින් ට කිසිදු ආරංචියක් දැන ගැනීමට නොහැකි වෙලා තියනවා ...
ඉතින් ඔවුන්ගේ අවසාන නිගමනය උනේ ඔබට අනතුරක් වී ඔබ මිය ගිය බව ... "
උතුමාණන් ගේ කටහඩ කෝපයෙන් පිරී තිබුනෙ මාවත් යන්තමින් බිය වද්දමින් ...
එතුමා නැවතත් කතා කරන්න ගත්තා ...
" ඔබ මේ වෙලාවෙ මෙතනට නාව නම් ... තවත් යුද්ධයක් මාළිගාවෙ ඇවිලෙන්න තිබුනා ... මා විසින් මුළු මාළිගාව ම සමූල ඝාතනය කරන්නයි හිටියේ ... ඔබව බලා නොගත්තාට ... මට ඔබව අහිමි කළාට ...
"
ඔහුගේ හඩ කෝපය නිසා ම වෙව්ලද්දී ... ඒ ඇස් වල ලා ගිනිපුපුරු කිහිපයක ජායාවක් නැගී ආවා ...
මං වහා මගේ නිදහස් අත උතුමාණන් ගේ කම්මුලක් මත තබමින් හෙමීට පිරිමදින්න ගත්තේ ඔහුව සෙමින් සෙමින් සන්සුන් කරමින් ...
" එසේ නම් ඒ නිසයි යුද්ධය දිනුවත් මේ මූණෙ හිනාවක් නොතිබුනේ ...
මේ අහන්න ලන් ජාන් ... මම වෙයි යින්ග් ... නිකං ම නිකං වෙයි යින්ග් නෙවෙයි ... ලන් වංජි රජුගේ අන්තඃපුර කුමාරයා වෙයි වුක්ශියෑන් ... ගුසු වල අනාගත කිරුළේ භාරකරු ... ( යුවාන් ගේ භාරකාරයා කියලා කියන්නෙ හොදෙ 😉 )
YOU ARE READING
Prince Concubine [ Completed ]
Fiksi Penggemarමේ ගුසු ලාන් රාජධානිය ලාන් වංශය විසින් පාලනය කළ අවධිය වුනා . වර්තමානයේ ගුසු දේශය පාලනය කළ රජු උනේ තාමත් විසිපස් හැවිරිදි වියේ පසුවුනු ලන් වංජී උතුමාණනන් වුනා . ගුසු රාජධානිය ලාන් වරුන් විසින් පාලනය කිරීම ආරම්භ වූයේ වංජී රජුගේ මුත්තනුවන්ගෙ කාලේ ඉදන්...