"අත්තම්මෙ සුද්දියවත් මම පොඩ්ඩක් එක්කගෙන යන්නද අරහෙට....මෙයා ඒගොල්ලන්ව අඳුරන්නෙවත් නෑනෙ අපි දෙන්න දැනගත්තට.....අනික දැන අඳුරන් ඉන්න එක කෝකටත් හොඳයිනෙ නොදැන ඉන්නවට වඩා.....ඒ අයියලා එහෙම නරක අය නෙවේ....
"අනේ මන්දන්නෑ සුද්දා පුතේ....මගේ නම් ඒ හැටි කැමැත්තක් නෑ ඕන්....දවසක් දෙකක් කතා බහ කර පලියට මිනිස්සු ගැන අපිට සහතික දෙන්ඩ බෑ....උඹලා තව පොඩි වැඩී මේ සමාජෙට....හොඳට මතක තියාගනින් මගෙ පුතේ උපාසක බලල්ලු තමා මීයො දෙන්නා දෙන්න අල්ලන්නෙ කියල....ඒවයින් මේවයින් කමන්නෑ යමන්කො එහෙනම් මාත් එනවා....මාත් ඒ ලමයින්ට කතා කරේ නෑ නොවැ හරිහමන් විදිහකට තව...."
අද සෙනසුරාදා හින්දා සුද්දිත් ගෙදර වෙද්දි මම හිතුවෙ ඒකිට එක්කන් ගිහින් අඳුන්වලා දෙන්න....මහා ඇඟෑලුමක් ඕන්නෑ එක වත්තෙ ඉන්නකොට අඩු තරමෙ මූණවල් බලල දැන අඳුනන් ඉන්න එක හොඳයිනෙ....අත්තම්මත් එන්නම් කීව හින්ද කොහොමත් ප්රශ්නයක් නෑ....
"ටසිරි මේන් සුද්දා මල්ලිගෙ ආත්තම්මා එනවා....මේ සුදු නංගිද එතකොට....ඒ රන්දුණුවෝ.....මෙහෙ වරේන්...."
දවල් කෑමත් අරන් අපි තුන් දෙනා යනකොට රකිත් අයියා දොර පඩිය ගාවම ඉදගෙන ෆෝන් එකට කොටනවා....අත්තම්මව දැක්කා විතරයි දඩිබිඩි ගාල නැගිටන් බෙරිහන් දුන්න රකිත් අයියා අපෙ සුද්දියටත් කටපුරා හිනාවක් දීලා සුදු නංගිද ඇහුවා....
අත්තම්මටයි සුද්දිටයි අයියලා එක්ක කතා කරන්න ඉඩ දීපු මං කෑම ටිකත් අරන් කුස්සියට ගිහින් මේසෙට අස් කරා....
"සියපත්...."
"රන්දුණු මහත්තයා...."
"අද රෑටයි හෙට උදේටයි කෑම ඕනිනෑ....අපි ගමනක් යනවා.....ආයෙ හෙට දවල්ට ගෙනාවම ඇති...."
කුස්සියටම ආව රන්දුණු මහත්තයා පණිවිඩේ කියල ආපිට යද්දි උදේ කෑම ගෙනා භාජන ටික අස් කරගත්ත මං ඒ ටිකත් අරන්ම සාලෙන් ගිහින් වාඩි වුණා....
"මොකද්ද මේ නංගිගෙ නම...."
"අරවින්දි...."
"අහ්....අයියා සියපත්....නංගි අරවින්දි....දෙන්නම නෙළුම්.....මරු මරු...."

YOU ARE READING
සියපත්
Romance"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _____________...