"ඈ බන් සුද්දා ලමයො කවුදෑ අර උඹලා ගේ අස්සෙ දාගෙන ඉන්න කොල්ලො දෙන්නා....මම එදත් බලාගෙන රෑට රෑවෙනකොට උන් දෙන්නා ගෙට රිංඟනවා....හැබෑට කවුදෑ ඔය...."
"ඒ අපි අඳුරන මහත්තුරු දෙන්නෙක්නෙ නැන්දෙ....."
"නාකි උන්දැ මැරුණා විතරයි එක එකා ගෙට රිංඟවාගන ජවුසන් නටන්න තියාගත්තද උඹලා....හරි අපූරුයි අයියගෙයි නඟාගෙයි හැසිරීම...."
"යසවතී නැන්දෙ නිකන් කට තිබ්බ පලියට කතන්දර හදන්න එපා....සාප වෙයි...."
ගෙදරට අඩු පාඩු බඩු වගයක් ගන්න කඩේට ගිහින් එන ටිකට ඕපාදූප අම්මණ්ඩියෙක් මගෙ ඔලුව කන්න තියාගත්තා....කන්න බොන්න නැතුව බෙහෙතක් හේතක් ගන්න නැතුව දහ දුක් විඳින කොට ඔය කියන අම්මණ්ඩිලා කවුරුත් හිටියෙ නෑ අපි ගැන හොයන්න....අඩුම අත්තම්මගෙ මරණෙදිවත් ඔය එකෙක් හිටියෙ නෑ.....දැන් එනවා හැදියාව හොයන්න....දරාගන්න බැරි කේන්තියක් ආවත් අමාරුවෙන් ඉවසගත්ත මං අඩියට දෙකට ගෙදරට ආවෙ වැඩිහිටියො එක්ක කටගහගෙන යන්න මගෙ අත්තම්මා පුරුදු කරල තිබ්බ නැති හින්දා....
"ඇයි සුද්දයියෙ ඔය....මූණත් එක්ක මොකදෝ වෙලා...."
"මේ ගමේ ගෑනුන්ට හරී අමාරුයි මහත්තයලා අපේ දිහා එන එක....අපිට උදවු කරන එක...."
"ඔය මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා අයියෙ....අපේ ඇඟේ වදින්නෑනෙ ඕවා...මේ ඒක නෙවේ අද අපේ ප්රථිපල එනවලු....රේඩියෝ එකේ කිව්වා...."
_________________________________________
"සුද්දයියෙ ඒ නවයම තියෙයි...."
රන්දුණු මහත්තයගෙ ෆෝන් එකෙන් අපි සුද්දිගෙ ප්රතිඵල බැලුවා....මගෙ කෙල්ල ගන්න පුලුවන් උපරිම ප්රතිඵල අරන් තියෙද්දි සතුට දරාගන්න බැරි තැන සුද්දිව බදාගත්ත මට ඇඬුනා....මට සතුටුයි....පුදුම තරම් සතුටුයි....
"මගෙ හොඳ කෙල්ල....උසස් පෙළත් හොඳටම පාස් වෙලා උඹ කැම්පස් යන්නම ඕනි....මම උඹට කොහොමහරි උගන්නන්නම්...."
රන්දුණු මහත්තයා ගානෙ පහුවදා සුද්දිට තෑගි හම්බෙද්දි රකිත් අයියත් සුද්දිට තෑග්ගක් ගෙනත් දුන්නා....අයියා වෙලාත් මට දෙන්න දෙයක් තිබ්බෙ නැති එක ගැන දුක හිතුනත් මම නොදුන්නට සුද්දිට තෑගි හම්බුනානෙ කියල මම සතුටු වුණා....සුද්දි සතුටෙන් නම් මාත් සතුටෙන්....

YOU ARE READING
සියපත්
Romance"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _____________...