රන්දුණු POV
"අඩෝ අඩෝ අද නම් යමක් වෙන්න වගේ යන්නෙ....බලපන්කො මූණෙ පැණි පාට....කෙල්ලත් ගෙදර නැති එකේ මොකෝ උඹ අඩව් අල්ලන්නද ලෑස්තිය...."
"මේ ටික බලපන් රකිත් කට වහන්....මොන මගුලක්ද උඹ ඔය කියවන්නෙ...."
"ගහ දන්න මටනෙ මේ කොල කඩා පාන්නෙ....උඹ හැරෙද්දි මට කීවැකි බ්‍රෝ....අපි ඕවගෙ එක්පර්ට් හරිය....පොඩි එකාට ඇවිදගන්න බැරි නොකර හිටපන්..."
අද අරවින්දිලාගෙ ස්කූල් ට්‍රිප් එක....කෙල්ලව ස්කෝලෙට ගිහින් දාල මම ආපිට එන ගමන් රකිත් හම්බෙන්න ගියෙ ඔෆිස් එකේ වැඩ වගයක් කතා කරගන්නත් එක්ක....ඌ එක්ක මොන වැදගත් කතාද...මගෙ පොඩි මූණෙ වෙනස්කමක් අල්ලන් මැරෙන්න හදනවා.....
රකිත් ගෙස් කරපු දේ බොරුවක් නෙවෙයි....මට අදහසක් තියෙනව අද එයාව මගේම කරගන්න....අරවින්දි එන්නෙත් දවස් දෙක්කින් වෙද්දි අපි දෙන්නට ඕනි තරම් නිදහස තියෙනවා....හැබැයි එහෙමයි කියල ඒවා ගැන රකිත් එක්ක කියවන්න මට පිස්සු නෑ....
"උඹ මේ ටිකත් චෙක් කරල මට මේල් කරපන්...මං යනවා එහෙනම්...."
"ටසිරි මනමාලයගෙ හදිස්සිය බලකො...හෙමීට පලයන් ඈ හප්පගන්නෙ එහෙම නැතුව...."
රකිත් දැන් සෑහෙන වෙනස් වෙලා...මට ඒක තේරෙනවා....උගෙ හිතේ අරවින්දි ගැන තියෙන අදහස සෙල්ලමටවත් විහිලුවකටවත් ඇතිවුණු එකක් නෙවේ කියන්න හොඳටම පැහැදිලියි....ඌ ඇත්තටම කෙල්ලට ආදරෙයි....මට සතුටුයි මගෙ එකා හරි පාරට වැටුනු එක ගැන....ඌ දැන් ක්ලබ් යන එක සෑහෙන අඩුයි....ගෑනු එක්ක ආශ්‍රය නවත්තලම දාල....වෙනදට වඩා උනන්දුවෙන් බිස්නස් වැඩ ගැන උනත් බලනවා....ආදරේ මිනිස්සු වෙනස් කරනවා කියන්නෙ ඇත්ත....
මගෙ චූටි මැණික් කැටෙත් මාව සෑහෙන්න වෙනස් කරල....ඉස්සර පොඩ්ඩ ඇත්තන් කේන්ති ගන්න මං දැන් ගොඩක් වෙලේට ඉවසන්න පුරුදු වෙලා....මැණික් හම්බෙනකල් මම දැනන් හිටියෙ නෑ මට කෙනෙක්ට මේ තරම් ආදරේ කරන්න පුලුවන් වෙයි කියල....කොටින්ම මැණික්ගෙ ගමට ගිහින් මැණික්ව දකිනකල්ම මගෙ හිතේ ආදරේ ගැන තිබ්බෙ හරි කම්මැලි හැඟිමක්....ෆීලින්ග්ලස්....හැබැයි මගෙ මැණික් මගෙ හිත ආදරෙන් පිරෙව්වා...මාව පිස්සු වැට්ටුවා....ඇබ්බැහි කෙරුවා...වාහනේ ප්ලේ වෙන සිංදුවත් මගෙ සිතිවිලිවලටම හරියද්දි නිකම්ම මගෙ මූණෙ හිනාවක් ඇඳුනා....
![](https://img.wattpad.com/cover/365804665-288-k480529.jpg)
YOU ARE READING
සියපත්
Romance"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _____________...