රන්දුණු POV
ඔලුවත් එක්ක කැක්කුම අල්ලද්දි නලල දෙපැත්ත තදකරගත්ත මං කෙලින්ම වාහනේට එද්දි රකිත් හොඳට නිදි....
"නැගිටපන් බල්ලො.... යමන්...."
"නින්ද ගියා බොක්ක....මොකෝ උනේ....අංකල් මොකද්ද ගෙනාව මරාලෙ...."
"ප්රපෝසල් බන්...."
"මේ පාර කවුද..."
"බ්ලූ මූන් එකේ ලොකු කෙල්ල....මෙදා පාර ගැලවීමක් නැති වෙයිද මන්ද..."
"අඩෝ අර වේස බඩ්ඩගෙ සහෝදරීද....ඒකි නම් කොහොම එකියක්ද දන්නෑ....මට මීටර් නෑ බන්....අපිට වඩා අවුරුදු දෙකක් විතර බාලයි කියල විතරයි දන්නෙ...."
"මට වැඩක් නෑ බන් ඔය ගෑණුන්ගෙන්....මට බය මගෙ කොල්ලා ගැන....ඇයි බන් තාත්තා මෙහෙම තවම මාව පාලනය කරන්න හදන්නෙ....කසාදෙවත් මගෙ කැමැත්තට කරන්න බැරි ඇයි...ශිට්..."
මොනවහරි පොලේ ගහන්න තරම් ස්ට්රෙස් එකක් ඔලුවට දැනෙද්දි එහෙම්ම ශීට් එකට ඔලුව ගහගත්ත මං ඇස් දෙක පියා ගත්තා....මෙහෙම නම් යන්න බෑ මැණික් ගාවට කීයටවත්....
"මචන් මෙහෙමම එපාර්ට්මන්ට් එකට දාන්නද...."
"මෙහෙම යන්න බෑ රකිත්....පොඩ්ඩක් රිලැක්ස් වෙලා යමන්...."
"රායිට් එහෙනම් හීනියට සෙට් වෙලා සේරම අමතක කරල යමන්....කොහොමත් උඹ ඔහොම ගිහින් පිස්සුවක් කෙලියොත් වෙන්නෙ සුද්දත් බය වෙන එක...."
කිව්වත් වගේ බියර් බෝතල් දෙක්කුත් ගත්ත රකිතුයි මායි නැවතුනේ බීච් එකේ...අවුල් වෙලා ගිය ඔලුව සංසුන් කරගන්න බීච් එක මරු ප්ලේස් එකක්....සෑහෙන වෙලා බීච් එකේ හිටපු අපි ආපහු වාහනේට එනකොට නවයට කාලයි....දැන්නම් මැණික් බය වෙලත් ඇති....මම කෝල් ගත්තෙත් නෑනෙ....
"රන්දුණුවා සුද්දා කෝල් අරන් බන්...මං මේක වාහනේ දාලනෙ ගියෙ...."
"ම්ම් මටත් ගත්තා තාත්තා එක්ක කතා කර කර හිටපු වෙලේ....ආන්ස්වර් කරන්න බැරි උනා එවෙලෙ....දැන් ගන්න ඕන්නෑ අපි ගෙදර යනවනෙ....ඉක්මනට යමන්...."
රකිත් ලෑල්ලට පාගලා යද්දි මම කල්පනා කරේ මං ගැන....මට මගෙ කොල්ලව නැතුව බෑ....මම ඒකාට ආදරේ තරම දන්නෙ මම විතරයි....තාත්තාට බිස්නස් ලොකු උනාට මට වටින්නෙ මගෙ කොල්ලා....මගෙ සැනසීම....ඒ ගැන හිතලා ගන්න තීරණයක් ගන්නවා මම....

YOU ARE READING
සියපත්
Romance"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _____________...