ඒ මොකක්ද දෙයියනේ ඒ උනේ..කව්ද මගෙ කාමරේ හිටිය ආගන්තුකයා..
මං ඉක්මනට දුවන් ප්රවිදුගෙ කාමරේට ගියා..උන් හතර දෙනත් කාමරේට වෙලා මොනා හරි කුමන්ත්රණය කරනවද කොහෙද..
" නෑව නේද හොදවයින් එකෙන්.."
ශනුක කියද්දි මං ඌට රවලා අහක බලා ගත්තා..
" ඊයේ නැන්දා කිව්වෙ අලුත් හාදයෙක් එනව කියලා..පොර තමා ඒ.."
" ඇයි මගෙ කාමරේ ඉතින්.."
" උබෙ කාමරේට නැතුව නැන්දගෙ කාමරේට දාන්නද ගොණෝ.."
ඒකත් ඇත්ත හැබැයි එතකොට අද ඉදන් මට රූම්මේට් කෙනෙක් ඉන්නවද..
" ඒ අයියා ලස්සනයි නේදූ.."
" මං මූණ දැක්කෙ නෑ හරියට.."
" බලවකො ගිහින්..පට්ට ලස්සනයි angel කෙනෙක් වගේ.."
" මන්දිනු උබට අව්ල්ද එයා එක්ක ඉන්න එක..ඕන්නම් මාරුවක් දා ගමු.."
" නෑ නෑ එහෙම අව්ලක් නෑ.."
" මන්දිනු අයියා යන්කො එයාව බලන්න ඔයා එනකන් හිටියෙ අපි.."
" අහ්ම්..යන්නම ඕනිද ප්රවිදු.."
" යන් යන් ඉතින්.."
දැන් කොහොමද ඒ ආගන්තුකයනෙ මූණ බලන්නේ..දිල්බර් දිල්බර් තමා..මොන නවනින්ගිරාවක්ද මේ කැම්පස් එකේ උන් දැන ගත්තොත් රෙදි ලෙෆ්ට්..
මෙයාලට ඉස්සර වෙන්න ඇරලා මාත් හෙමින් පස්සෙන් ගියා..
කාමරේට එද්දි ඇද උඩ තිබ්බ ලැගේජ් එකෙන් ඇදුන් අයින් කරන ගමන් හිටිය එයා අපි එනව ඇගිලා ඔලුව උස්සලා අපේ දිහා බැලුවා..
මං කවදාවත් බලාපොරොත්තු උනේ නෑ ඒ මූණ මට ආයෙ දකින්න ලැබෙයි කියලා ඒ හැගීම ආයෙ විදින්න ලැබෙයි කියලා..එයාව මුලින්ම දැක්ක දවසෙ දැනුන හැගීම වෙනස් නොවී ඒ විදිහටම දැනුනා..කොහොම අමතක කරන්නද ඒ රූපේ..මගෙ ජීවිතේම වෙනස් වෙන්න හේතු උන ඒ හිත නිවන සිතුවම..
තප්පර කීපයක් මං එයා දිහා බලන් හිටියා..
ලස්සනයි එදාට වඩා ගොඩාක්..ඒ හිනාව ඒ විදිහමයි..අපි පස් දෙනාව දැක්ක එයා කටපුරා හැමෝටම ලස්සන හිනාවක් දුන්නා..
YOU ARE READING
සිතුවම් ( Hyunlix ) ONHOLD
Teen Fictionභාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට...