Part 1 ❀

520 20 24
                                    

ජීවිතේ අලුත් ආරම්භයක්.. අවුරුදු දහ තුනක පාසල් කාලයෙන් පසුව අලුත් ලෝකෙකට යන මුල්ම දවස..නෑ පිස්සුද අලුත් ලෝකෙට පිවිසිලා දැනට සති දෙකක් උනා..

කැම්පස් ජීවිතේ වෙනම එකක් වෙද්දි මං ඒ ජීවිතේට ටිකක්වත් කැමති උනේ නෑ..

හොදට ඉගෙන ගනීන් කැම්පස් පලයාන් පලයාන් කියල ගෙදරින් දුන්න වදේ නිසාම හොදට ඉගෙන ගෙන පලවෙනි සරේන්ම වැඩේ ගොඩ දාන කැම්පස් සිලෙක්ට් උනා..කම්මැලි උනාට කොල්ල දස්සයා ඉතින්..හැබැයි ඉතින් ලොකු මැණිකෙ නිසා බෝට්ටු මාර්ග වල ගියෙ නැතුවම නෙවෙයි..

" චූටි පුතා..නැගිටින් නැද්ද වෙලා යනව දෙයියනේ.."

" අනේ මංද ඇත්තමයි අවුරුදු දහතුනක්ම ඉස්කෝලේ යවා ගන්න උදේ ඇහැරින්න බෙරිහන් දුන්නා දැන් ඒක ඉදර වෙලා කැම්පස් යන්නත් ඇහැරවපන්කෝ..මං මැරිල ගිය දවසට අම්මප මේ කොල්ල කොහොම ජීවත් වෙයිද දන් නෑ.."

අවුරුදු විසි එකක් වෙන්නත් ලන් උන මට උදේ හවා ඇහෙන ඒ කුංච නාදය අපෙ අම්මගෙ වෙද්දි කනට මී පැණි වක්කරනව වගේ..

" විනාඩි දහයයි අම්මේ.."

මම භාෂිත් සිනුක වංශනාථ පේරාදෙණිය  සයන්ස් faculty 1st year කොල්ලෙක් උන මං අම්මගෙ චූටි පුතා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම භාෂිත් සිනුක වංශනාථ පේරාදෙණිය  සයන්ස් faculty 1st year කොල්ලෙක් උන මං අම්මගෙ චූටි පුතා..කොච්චර කම්මැලි උනත් දෙයක් කරන්න පටන් ගත්තොත් බොක්කෙන්ම කරනවා..හැබැයි ඉතින් නටන්නයි සින්දු කියන්නයි කවදාවත් කම්මැලි නොවිච්ච ළමයෙක්..ගෙදර අයගෙ කීමට සයන්ස් තෝර ගත්තට මට ඊට වඩා හැකියාවක් නැටුන්වලින් තිබ්බා..කැම්පස් යනවනම් නැටුන් පැත්තෙන් යන්න හිතුවට ලොකු හාමු මට ඒකට ඉඩ දුන්නෙ නෑ..

" නැගිටිනව චූටි පුතා අර ළමයත් ඇවිල්ල ඉන්නේ.."

" ඒ ළමයට යන්න කියන්න කරුණාකරල මට දෝ මතයි.."

සිතුවම් ( Hyunlix ) ONHOLDWhere stories live. Discover now