හැගීම් නිසා ජීවිතෙ ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්..ඉතින් මට අනිත් අයට වඩා වෙනස් හැගීම් තිබ්බ නිසා ජීවිතේ ගොඩක් තැන් වෙනස් උනා..ඉස්කෝලේ කාලෙ කියන්නේ මගෙ ජීවිතේ අමිහිරිම කාලයක්..කැම්පස් 1st year එකත් ඒ හා සාමනයි..මනුස්සයෙක් ඔනෑවට වඩා අහිංසක උනාම ජීවත් වෙන එක අමාරුයි කියන්න අන්න එතනින් මට තේරුනා ඉතින් ඒ අහිංසක කොල්ල දැන් දුශ්ට චරිතයක්..
" ඒ මේ මේ අරය නේ.."
" එහාට පල යකෝ පාර හරස් කරලා ගුටි කන්න වෙයි උබට.."
කැම්පස් එක මැදින් යන ගමන් හිටිය මට බය උන පොඩි කොල්ලො දෙන්නෙක් එහාට උනේ කෙලින්ම මට යන්න ඉඩ සලස්වලා..අලුතෙන් ආව 1st year උන් පවා මේ වෙද්දිත් මං ගැන ගොඩක් කතා වෙනවා..මොකක්ද හේතුව ඇයි මම එච්චර විශේෂ..
මං සෙයෝන් මන්දිනු වීරසිංහ කැම්පස් එකේ 3rd year කොල්ලෙක් උන මං science facultyයේ..මං දුශ්ටයෙක්නම් හිතනවද මං වටේට මගෙ හයියට තව කට්ටිය ගොඩක් ඇති කියලා..නෑ ඒක එහෙම නෙවෙයි..
කැන්ටින් එක පැත්තට ආවෙ මට ඉන්න එකම එකා හොයා ගන්න..හැමදාම මං ඇවිල්ල ඉද ගන්න තැනක් තියනවා..එතන කවුරු හිටියත් මං එද්දි නැගිටලා යන්න පුරුදු වෙලා..මේව මං කියල කර ගත්ත ඒව නෙවෙයි හැබැයි..
" මේ මෙයා හරි වසයිලු හලෝ.."
" ස්ක්‍රැපී කියලා නේ කියන්නේ ඒ උනාට එයා එයාගෙ පාඩුවේ නෙ ඉන්නේ.."
" පාඩුවේ ඉන්නෙ අසාධාරණේ නැති තැන විතරයි..මුල් කාලෙ හැබැයි හෙන අහිංසකයිලු..එතකොට හිටිය සින්නො එහෙම මෙයාට ගොඩක් වද දුන්නලු..දවසක් වද දෙන්න ආව සින්නෙක්‍ට ගහල හොදටම මෙයා ලොකු සීන් එකක් ගිහින් ඉතින්..එදයින් පස්සෙ සින්නො උනත් මෙයාට මුකුත් කියන්න ගිහින් නෑ..අහිංසක අයට එහෙම ඔනෑවට වඩා රැග් කරන්න ඒම දෙන්නෙ නෑලු මෙයා..එහෙම කරපු උන් ඕනෙ තරම් ගුටි කාල ඇති..මූණෙ හිනා පොදක් නෑ හලෝ..හැබැයි මාර දක්ශයිලු ඒයි සින් කරන්නයි ඩාන්ස් කරන්නයි හොදට පුලුවන්ලු..මෙයා යාපනේ කියලා තමා කියන්නේ එහෙ උනාට මොකද බලපන්කො ලස්සන..කෙල්ලො එහෙම ෆුල් ට්‍රයි ඒත් ඉතින් කෙල්ලො දිහා ඇහැක් ඇරල බලන කෙනෙක් නෙවෙයිලු..ක්‍රිෂ් දන්නවද..අන්න එයා එක්ක විතරයි ඉන්නේ වෙන කාත් එක්කවත් කතා බහ කරන කෙනෙක් නෙවෙයි තමන්ට අදාල වැඩේ කරා පාඩුවේ හිටියා.."
YOU ARE READING
සිතුවම් ( Hyunlix ) ONHOLD
Teen Fictionභාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට...