Part 8 ❀

131 16 0
                                    

කට පුක වහන් පාඩුවේ ඉන්නෙ නැතුව බොදු දරුවෙක් වෙන්න ගිහින් මාත් හොද වැඩක් කර ගත්තේ..

උදේ නැගිට්ට වෙලාවේ ඉදන් අයියාගෙ වහලෙක් උන මං එයාගෙ හැම වැඩක්ම කරා..පික්මී එකක් දාන් කැම්පස් එකටත් එක්කන් ආවා..ලෙක්චර්ස් නැති වෙලාවට මං පොඩ්ඩක් එළියෙන් ඉන්නවා දැක්කොත් ආයෙ මොකක් හරි වැඩක් ගන්නවා මගෙන්..මේ මනුස්සයා බයික් එක හදන්න සල්ලි හොයා ගන්නකන් මං දැන් එයාගෙ වහලෙක්..යසයි..

" භාෂී.."

" ම්ම්ම්.."

" පව් බං උබ.."

ලෙක්චර්ස් ඉවර වෙලා මං මේ මින්දු එක්ක බෙන්ච් එක්ක ඉදන් බලන් ඉන්නෙ මන්දිනු අයියා එනකන්..ඒ අතරේ මින්දු පුතා එනවා මෙතන මට සත්ව කරුණාව පෙන්නන්න..

" ඔව් ඔව් පව් තමා.."

" එක්කො උබ ඇත්ත කිව්වෙ අපරාදෙ නේ.."

" අනේ මංදා..කමන් නෑ..ඔය පොඩි පොඩි පක්කාලි වැඩ ටිකක් කරාට අව්ලක් නෑ..අර රැග් වෙන උන් ඔයිට වඩා දේවල් කරන්නේ.."

" එන්නෙ නැද්ද මන්දිනු අයියා දැන්ම.."

මින්දු අහද්දි මං බැලුවෙ වොච් එක දිහා..

" තව විනාඩි පහලවක් තියනවා..බඩගිනි මට.."

"  බඩගින්න ගැන බය වෙන්න එපා පුතේ මං ලග බඩු තියනවා.."

" මොනාද තියෙන්නෙ.."

" තොට ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ..දෙන දෙයක් කාපන් බඩගිනිනම්.."

බෑග් එක ඇරිය මින්දු පුතා මට දික් කරේ බනිසක්..මාළු බනිස්..ඒකත් ඉතින් මං ආසම කෑමක් තමා..සමහර පොශ් කෑමවලට වඩා මේවා හෙන රහයි..

" කාපන් මයෙ අම්මා බඩ පුරවගෙන හිතට උබ කැමති එකක් ගනින්.."

" මේ බොන්න මුකුත් නැද්ද..කිරි පැකට් එකක් වගේ තිබ්බානම් හොදයි.."

" බොන්න තියනවා පකක්..අනේ මේ භාෂි ඕක කාපම් පාඩුවේ..කිරි පැකටුත් හොයනවා තව.."

බයිනවා නේ ඉතින් මූ අහිංසක මට..තවත් මුකුත් කියලා මින්දුගෙන් බැනුම් අහන්න බැරි නිසා මං පාඩුවේ බනිස් එකට වැඩේ දුන්නා..

සිතුවම් ( Hyunlix ) ONHOLDWhere stories live. Discover now