" ඉවරද නටලා.."
මං ඇහුවෙ දාඩිය පෙරාන කාමරේට ආව භාෂිගෙන්..
කැම්පස් ගිහින් ඇවිත් රෑ වෙනකන්ම පැය ගානක් කට්ටියත් එක්ක වැදි ඩාන්ස් දැම්මා..ඩොටී නැන්දා ගමනක් ගිහින් හෙටලු එන්නෙ එයා ගෙදර නැති උනාම මුන් කොහොමත් ගේ පෙරලනවා..
ටිකක් වෙලා මාත් එයාලා එක්ක ඉදලා කාමරේට ආවෙ නෝට් ටිකක් ලියන්න තිබ්බ නිසා..
" වොශ් එකක් දාන් එන්න දාඩිය පිටින් ඇදේ පෙරලෙන්න එපා.."
මට කියලා කට ගන්න හම්බුන් නෑ ඒත් එක්කම භාෂි ඇදේ පෙරලුනා..
" මාව උස්සන් යනවකො අයියේ.."
" මට වෙන වැඩ නෑ නේ.."
මං උත්තර දුන්නෙ එයා දිහා නොබලම..
" ඒකනේ ඉතින් වැඩ නැත්තන් එක්කන් යනවාකෝ.."
" කෝලන් නැතුව ගිහින් එනවා.."
" අනේ..දාඩියා.......යී......."
පොත වහලා මං පුටුවත් හරවන් එයාගෙ පැත්ත හැරෙද්දි භාෂි හිටියෙ ටී ශර්ට් එක ගලවගෙන ඇදේ පෙරලිලා..
එයා එහෙම ඉන්නවා දැකලා මට කෙලත් ගිලුනා..පට්ට ලස්සනයි ඇස් අහකට ගන්න හිතෙන් නෑ..සුදුම සුදු පපුවේ භාෂිගෙ නිපල් දෙක රෝස පාටයි..එයාගෙ ලස්සනට පිස්සු වැටුන මගෙ ඇස් හිතුවක්කාර විදිහට ඒ ඇග පුරාම යන්න ගත්තෙ මගෙ හදවත වේගෙන් ගැහෙද්දි..
බදාගෙන ඉබින්න හිතෙනවා..
" අයියේ.."
" ම්ම්ම්.."
" උස්සන් යන්න බෑද ඉතින්.."
" බෑ.."
භාෂිගෙන් ඇස් අහකට අරන් මං උත්තර දෙද්දි එයා ඇදෙන් වාඩි වෙලා මගේ පැත්ත හැරුනා..
" දුශ්ටයි මහා.."
" දුශ්ටයි තමා..වොශ් එකක් දාන් එනවා ගිහින්.."
මං ටවල් එක අරන් භාෂිගෙ ඇගට විදික් කරද්දි එයා ඒක අත් දෙකෙන්ම අල්ලන් මූණ එල්ල ගත්තා..
" බඩගිනි නේ..කන්න හැදුවෙ නැද්ද.."
" නෑ..මටත් එක්ක කන්න හදනවා මොනා හරි බඩගිනි.."
" අනේ ඇයි මං හදන්නේ.."
" ඔයා මගෙ වහලානේ.."
" අනේ අයියේ.."
YOU ARE READING
සිතුවම් ( Hyunlix ) ONHOLD
Ficção Adolescenteභාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට...