වැඩ ඉවර වෙලා බෝඩිමට එද්දි භාෂිට මේසෙ උඩම නින්ද ගිහින්..
මූණට වැටිලා තිබ්බ කොණ්ඩ රැල්ල කන පිටි පස්සෙ රදවලා මං ඒ ලස්සන මූණ දිහා ටිකක් වෙලා බලන් හිටියා..කටත් උල් කරන් නිදාන ඉන්න ලස්සන..මෙහෙම ඉද්දිනම් පට්ට අහිංසක පාටයි..
" භාෂි.."
" ඒයි.."
" ම්ම්ම්.."
" ඇදට ගිහින් නිදා ගමු එන්නකෝ.."
" මන්දිනු අයියා ඔයා ආවද.."
භාෂි අමාරුවෙන් ඇස් ඇරලා මං දිහා බලද්දි මං එයගෙ ඔලුව අත ගෑවා..
" එන්න නිදා ගමූ.."
" මට අරවා ගෙනාවද.."
" දැන් කන්න බෑ නේ උදේ කමු.."
" අනේ.."
" කෝ එනවා හිතුවක්කාර වෙන් නැතුව.."
" වඩා.."
" කෝලන් කරන් නැතුව වරෙන් බං.."
" ම්හුක්.."
භාෂි ඇස් දෙකත් බාගෙට ඇරන් වඩා ගන්න කියලා මගෙ දිහාට අත් දික් කරද්දි මං එයාව වඩා ගත්තා..කොච්චර ඇදට යන්න කිව්වත් මං දැන් වඩාගෙන එක්කන් ගියෙ නැත්තන් මේයා කොහොමත් යන් නෑ..අත දරුවෝ හොදයි මීට වඩා..
" නිදා ගන්න මං වොශ් එකක් දාන එන්නම් කන්න ගෙනාපුවා උදේට කමු.."
" හ්ම්ම්.."
භාෂි ටෙඩියෙකුත් බදාන ඇස් පියා ගත්තෙ මං එයාට බ්ලැන්කට් එක පොරවද්දි..
බලන් ඉන්න අමාරුයි භාෂි මට උබව ඉබින්නමයි හිතෙන්නේ..
කොච්චර හිත පාලනේ කර ගන්න උත්සහා කරත් මේ පාරත් මට ඒක කර ගන්න අමාරු වෙද්දි මගෙ තොල් භාෂිගෙ නලල උඩ නැවතුනා..නිදාන ඉද්දි විතරද මට උබව ඉබින්න අවසර..එයාට දැනෙන නොදැනෙන ගානට නලලින් තොල් තද කරලා මංආවෙ බාත්රූම් එකට..නලල විතරක් ඉබලා මදි භාෂි මට ඉබින්න ඕනී ඔයාගෙ රෝස පාට තොල්..
ශර්ට් එක ගලවලා කණ්නාඩිය ඉස්සරහා හිට ගද්දි මං දැක්කෙ උදේ මෙ පොඩි එකාගෙ වැඩ නිසා හීරිලා තියන මගෙ පපුව..මෝඩ කොල්ලා මගෙ ප්‍රථම හාදුවත් හොරකන් කරා..කමන් නෑ ඒක කොහොමත් එයාගෙ නේ..
YOU ARE READING
සිතුවම් ( Hyunlix ) ONHOLD
Teen Fictionභාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට...