පාන්දර එකත් වෙලා..රණ්ඩු ව්ලා කමරේට ආව වෙලේ නොදැනීම හොදට නින්ද ගිහින්..මං තාම පහලට ගියෙ නෑ..අම්මයි නෑනයි නොසෑහෙන්න කතා කරා දොර ලගට ඇවිල්ල මං නෙවෙයි ඉතින් දොර ඇරියේ..ඒකට කියන්නෙ හිතුවක්කාරකමද..මංද මොකක් හරි..ඕනි නෑ මට ආයෙ මෙයාලා..ළමයි හදල කන්න බොන්න දෙන පලියට මෙයාලා හිතන්නෙ ළමයි එයාලට ඕනි විදිහට ඉන්න ඕනි කියලා..මගෙ හැම ආසවක්ම හැම හීනයක්ම නැති කරල දැම්ම අර නාකි හාමුවා..එයාගෙම තුවක්කුවෙන්ම වෙඩි කාල මැරෙන්න ඕනි දවසක..
එයත් අද මෙහෙ නේ..ලොකු මැණිකෙගෙ ඇමති මහත්තයා නැති අතරෙ හාමු මහත්තයා ගේ අස්සෙ දා ගත්තා පෙනේද නැහැදිච්චකම..හාමු මහත්තයා එක්ක නිදි වදිනවද දන් නෑ අද..චික් භාෂි මොනාද මේ හිතන බහු බූත..කැත හිත උබේ..
" ගර්‍ර්ර්‍ර්......"
උප්ස්....මගෙ දරු පැටව් ටිකට බඩගිනි වෙලා නේත..බඩගිනි නැතුවයැ ඉතින්..දවල්ට මින්දු පුතා එක්ක කෑව සමෝස දෙක තුනෙන් තාම ඉන්නෙ මේ..අම්මයි අක්කයි ඉතින් සිය පාරකට වැඩිය කන්න එන්න කිව්වා..බැරිම තැන වැඩේ අතෑරලා නිදිද කොහෙද දැන්නම්..
බඩගින්න ඉවසන්න බැරිම තැන මං කාමරේ දොර පොඩ්ඩක් ඇරලා ඔලුව දාලා බැලුවා..පල්ලෙහ සාලෙ ලයිට් එක විතරක් දාලා අනිත් ඔක්කොම ඕෆ්..නිදි ඇති හාමුලා මැණිකෙලා ටික..
සද්ද බද්ද මුකුත් නොකර ඇගිලිතුඩු වලින් පඩිපෙල බැහැල ශේප් එකේ කුස්සියට ආවා..
හට්ටි මුට්ටි ඔක්කොම ඇරල බලද්දි දෙයියනේ මේව හිස්..කන්න හදපු මුකුත් ඉතුරු කරල නෑ මේ අහිංසකයට..
මං දන්නවා ඕකත් සීයා තාත්තගෙ වැඩක් තමා..එහෙ ඉද්දිත් මං රණ්ඩු වෙලා කාමරේ අස්සට වෙලා ඉද්දි මට කෑම ඉතුරු කරන් නෑ..අම්මට බැරි උනාද ඉතින් හොරෙන් හරි කෑම ටිකක් අරන් තියන්න..
" මල්ලී..."
" අහ් අක්කා.."
ඉක්මනට හදා ගන්නවත් දෙයක් තියනවද කියලා වට පිට බලද්දි මං ලගට ආවෙ අක්කා..
" බඩගිනි නේ.."
" හ්ම්ම්ම්..මට කන්න මුකුත් ඉතුරු කරල නෑ නේ.."
" සීයා තාත්ත එපා කිව්ව මල්ලී.."
දැක්කනෙ මං කිව්වේ..
YOU ARE READING
සිතුවම් ( Hyunlix ) ONHOLD
Novela Juvenilභාෂි - මං එයා වගේ අයට වෛර කරනවා..ඒත් ඇයි මගෙ හිත දැන් එයාවම ඉල්ලන්නේ..ආපහු හැරෙන්න මං දැන් පරක්කු වැඩිද..මොකක්ද මේ දැනෙන අමුතු හැගීම.. සෙනෝන් - මං බයයි මගෙ හැගීම්වලට..අනිත් අයට වඩා වෙනස් කෙනෙක් උන නිසා කලින් වින්ද දුක හොදටම ඇති..ඒත් මේ පොඩි එකා..මට...