"හම්...ආ.... කොහෙද මම මෙ ඉන්නෙ...?"
මට හොඳටම නින්ද ගිහින් හිටියේ මට ලාවට ඇහැරෙන කොට ඇහුනා මගෙ එහා පැත්තෙ ඉන්න කෙනා මහා හයියෙන් කැගහානවා..
"ආ ඔයා නැගිට්ටාද... දැන් වෙලාව කියද.."
"තමුන් මොනාද මෙතන කරන්නේ..අයින් වෙනවා මගේ ලගින්.."
මම නින්දෙන් එයාගේ ඇගට අත දාගෙන බදා ගෙන නිදන් හිටියේ..එයා මගෙ අත අයින් කරලා මාව ඇදෙන් බිමට තල්ලු කරා මාව රොල්වෙලා ගිහින් බිම පතබැවුනා.. හරි ඉතින් හිතලා නෙවෙයි හින්දනේ..
"ආව්....... මොකක්ද අනෙ වෙලා තියෙන්නේ..මගෙ ඔලුවත් වැදුනා.."
"මං මෙ කොහෙද ඉන්නේ..තමුසෙ මොකද මාව බදාගෙන ඉන්නෙ..අනික කො මගෙ ඇදුම් තමුසෙ මට මොනවද කෙරෙ...?"
මම එයාට පොරවාලා තිබුන රෙද්ද අරන් පපුව මැද්දට වෙන්නම වහාගෙන අත් දෙකෙනුත් ඇග බදාගත්තා..හරියට මම එයාට ඊයේ රෑ අතවර කරා වගේ..මල කොලං..මං නැගිටලා ඇදෙන් ඉදගෙන බලෙන්ම එයාගේ ඔලුවට අත තියලා උණ බැලුවා..
"අත ගාන්නවා අහාකට..."
එයා මගේ අත තල්ලු කරගෙන ඇදෙ පිටිපස්සට උනා..
"ඔයා ඉන්නේ මගෙ ගෙදර.. ඊයෙ ඔයා අසනිපෙන් ඉන්න කොට මං ඔයාව අපේ ගෙදර එක්කන් ආවා..."
"ඇයි මාව එක්කන් ආවේ.."
"ඔයා ගොඩක් අමාරුවෙන් හිටියේ.."
"තමුං මොනවද ඔප්පු කරන්න හදන්නේ.. තමුන් හරිම හොඳ කෙනෙක් කියලද..කො මගේ ඇඳුම්?.. කො මගේ ෆෝන් එක..?"
"ඔයාගේ ෆෝන් එකෙන් මම දැක්කේ නැහැ.. ඇඳුම් ටික නම් අතන තියෙනවා.."
ඇඳින් නැගිටලා ගිහින් මගේ මුළු කාමරේම ඇවිස්සුවා.. ඒ කරලා එයා එයාගේ ෂර්ට් එක ඇඳගත්තා..
"ඔන්න බලාගෙන.."
එයාව එක පාරටම විසිවෙලා වැටෙන්න ගියා..මම ගිහින් එයාගෙ අතින් අල්ලන් මගේ පපුවට හේතු කරගත්තා..
"ඔයාට තාම හොඳටම හොඳ නෑ ගොඩක් වීක් වෙලා ඉන්නේ.."
"අහකට වෙනවා මගෙන්.."
ඒ එක්කම මාව පිටිපස්සට තල්ලු කරා..
"පිස්සු හැදිලාද තමුන්ට..ඇයි මාව මෙහෙ ගෙනාවේ..?"
YOU ARE READING
~DESTINED TO BE ~
Romanceමම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කර...