31.පිටුව

199 7 0
                                    

කාලය එන්න එන්න ගෙවෙනවා.. එෆෙයා එක ගැන කිව්වොත් මට ජීවිතේ කවදාවත් නොදැනුවත් සුවපහසුවක් එයාගේ ළඟදී දැනෙනවා..එක කවදාවත් නොවිඳපු අත්දැකීමක්..නමුත් වතුර ඇතුලෙ අහංගපු රබර් බොලෙ වගේ එකම ප්‍රශ්නයක් මගෙ ඔලුව පුරාම වැඩ කරනවා.. පිටින් බලන කෙනෙක්ට කියන්න පුළුවන් මං මහා අසුභවාදී රිනාත්මක මිනිහෙක් කියලා ඒත් මගේ මනස පුරාවට කරකැවෙන මේ ප්‍රශ්නය සාධාරණ එකක්..පළවෙනි පාරට එයා මට කැමතියි කියපු වෙලාවේ මං එයාට කතා කරපු විදිහ හරිම වැරදි.. ඒත් ඒ වැරැද්ද නිවැරදි කරගන්න ඕන නිසා මං එයාට පුළුවන් තරම් හිත පිරෙන්න ආදරේ කරනවා.. එයාගේ තාත්තටයි එයාටයි ඒ කාලේ මොන තරම් වෛර කරත් දැන් එයාට වෛර කරන්න මට බෑ.. නමුත් මගේ හිතේ එයාගේ තාත්තා කෙරෙ තියෙන වෛර කවදාවත් නැති වෙන්නෙත් නෑ.. කොහොම වුණත් එයා මගේ ජීවිතේ කොටසක් වෙලා..එයා නැතිව මට හුස්ම වැටෙන්නෙත් නෑ වගෙ.. මං ඒ තරම් ඔයාට බැඳිලා..මේ ටික කාලය තුලට එච්චර ළං වුනේ කොහොමද කියලා මට අදටත්
හිතාගන්න බෑ..

“මොන ලෝකෙද ඉන්නේ පේන්නේ නැද්ද ප්‍රොෆා බලාගෙන ඉන්නේ..”

සතියා වැලමිටෙන් තට්ටුවක් දැම්මාම මම උඩ ගියා අපි ඉඳගෙන හිටිය ලොක්චර් හෝල් එකේ කෙළවරේ මම හිටියේ ජනේලේ ළඟ ජනේලෙන් එළිය දිහා බලාගෙන... ඌ මට කතා කරාම තමයි දැක්කේ ප්‍රොෆා මන් දිහා බලාගෙන ඉන්නවා කියල..

“මොනා අෂ්වික කල්පනා කරන්නේ?.. මේ අර්බුදකාරී වාතාවරණය සාමකාමී කරලා වෘත්තීය සමිති විසින් ඉල්ලන ඉල්ලීම් වලට විසඳුමක් දෙන්නද නැත්නම් මෙ පවතින පාලන තන්ත්‍රය වෙනස් කරන්නද.. එහෙමත් නැත්නම් ඊළඟ පිකටින් එක මොකක් වෙනුවෙන් කරනවා කියලාද හ්ම්…?”

මං කල්පනා කරන්නේ තමුසෙගේ කලිසම ඔළුවෙන් ගලවන්නේ කොහොමද කියලා.. ඇයි මට මුගේ ලෙක්චස් වලදිම මොකක් හරි කූජීත වැඩක් වෙන්නේ..අහන හැටි විතරක් දෙන්න හිතනවා දත් ටික බට්ට යන්න.. මොකක් හරි පිකට් එකක් කරලා මූව එලියට දාගන්න ඕනේ.. මේකට මොකක් හරි කිව්වොත් මට තව ප්‍රශ්නයක් නිසා මම පාඩුවේ සද්ද නැතුව බිම් බලන් හිටියා..

“lectures වලට අවධානය දෙන්න වෙන වැඩ කරා කියලා ඩිග්‍රිය ලැබෙන්නේ නෑනේ…”

~DESTINED TO BE ~Where stories live. Discover now