"අපි දෙන්නා යාළුවෙලා දැන් සති දෙකකට කිට්ටුයි.. එයා මාව ගණන් ගන්නේ නැහැ... කෝල් එකක් ගත්තත් කෑවද.. ඉන්නේ කොහෙද ඇහුවා තිබ්බා..එතනින් එහාට දෙයක් නෑ..කැම්පස් එකෙ දැක්කත් කොහොමද කියලා අහනවා එතනින් එහාට දෙයක් නෑ..සමහර දවස්වලට අපි හම්බෙන්නෙම දවසට එකපාරයි..මම තමයි හැමදාම එයාට call කරන්නේත්.. relationship එකක් කියන්නේ ඒකටද.."
"දැන් relationship එකක් කියලා මොකද්ද ඕනේ.."
"මට මුකුත් ඕන නෑ..මං කියන්නේ අපි දෙන්නා මිට වැඩිය close වෙන්න ඕනේ... මට ඕනේ එයත් එක්ක හැම වෙලාවෙම එකට ඉන්න.. එයා ගැන දැනගන්න.."
මං හිටියේ විශ්ව එක ක්ලබ් එකේ drink එකක් දාන ගමන්..
"ඉතින් උඹ ඒ ගැන එයා එක්ක කතා කරන්න.."
"මම හැමතිස්සෙම එයාට කියන්න හදනවා.. කොහෙද එයා මාව cear කරන්නැ..අපි යාළුව විතරක් නෙවෙයිනේ.. මට ඕනේ මීට වැඩිය එයා ගැන දැනගන්න.. පවුල විස්තර වගේ.."
"උඹ පවුලේ විස්තර අහන්න එපැයි.."
"අහන්න ඉතින් මට කියන්න ඕනනෙ..මට කිසිම දෙයක් කියන්නේ නැහැ..අඩු තරමේ පවුලේ විස්තර තියා එයා හිතන විදිය ගැනවත් හරියට කියන්නෑ..මොකක් හරි ඇහුවාම වචන දෙකකින් උත්තර දීලා නිකන් ඉන්නවා.. අනිත් කෙනා ගැන දැනගන්න කතාබහ කරලා දේවල් තේරුම් ගන්න ඕනේ..."
"හරි බං එයාට ටික කාලයක් දෙන්න..තාම සති දෙකයිනේ..ටික දවසින් හැමදේම හරියයි..."
"දෙන්නෙක්ට ළං වෙන්න සති දෙකක් හොඳටම වැඩි..එදා ඉදන් හරියට මගේ මුණ දිහා වත් බලන් නෑ..affair එකක් උනහාම හැමදේම සමබරව තියෙන්න ඕනේ.. මං මොකක් හරි කරලා එයාට ළං වෙන්න හදනකොට එයා වෙන මොකක් හරි වැඩක් කරනවා.."
විශ්ව මගේ මූණ දිහා බලලා හිනා වුණා..
"දැන් ඔයා මොකද හිනාවෙන්න..?"
"නෑ මං මේ කල්පනා කරේ උඹ ජීවිතය පළවෙනි වතාවට ඔය affair එකක් ගැන worry වෙන්නේ.."
"ඔව් මාත් ඒක දන්නවා සමහර විට මාව රිජෙක්ට් කරපු එකම කෙනා අෂ් නිසා වෙන්න ඇති..එහෙම නැත්නම් ඇත්තටම මට ආදරයක් ඇතිවුන එකම කෙනා එයා නිසා වෙන්න ඇති.. උඹ දන්නවනේ මට ඕන තරම් කෙල්ලෝ ඉදලා තියෙනවා ඒත් මං ඒ එක්කෙනෙක් ගැනවත් මෙච්චර වද උනේ නෑ, මොකද මං එයාලාට ඇත්තටම ආදරේ නැති නිසාවෙන් ඇති...ඒත් ඉතින් මට අෂ්ට තරම් girlsලා ඉදලා නෑ..."
YOU ARE READING
~DESTINED TO BE ~
Romanceමම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කර...