"චූටි පුතා නැගිටින්නැද්ද..?"
"යන්නකෝ..කරදර කරන්නේ නැතුව.."
"අටත් පහු වෙලා කැම්පස් යන්නැද්ද.."
"අට පහුවෙලා ඇයි කලින් කතා කරේ නැත්තේ?.."
"කීයේ ඉඳන්ද ළමයෝ මං ඔයාට කතා කරන්නේ.."
මට අද ටිකක් දවල් වෙනකන් නින්ද ගියා.. මේ සතියේ ඕපනින් සෙරමිනි එක තියෙනවනේ.. ඒවටත් උදව් වෙන්න වෙලා..ඒ මදිවට අර විකාර මොකක්ද මගුලක් තියෙනවනේ.. ඒක නිසා මුළු කැම්පස් එකේ ළමයිට පිස්සු හැදිලා.. හැම එකාම තැන් තැන්වල පැට්රිස් කරනවා.. කනක් ඇහිලා ඉන්න නෑ ලෙචර්ස් විටවත් අවධානය යොමු වෙන්නැ අරුන්ගේ සද්දෙ ඇහෙද්දි..
රැව්ලට් ටිකක් වැවිලා වැඩි නිසා මං හිතවා රැවුල කපන්න ඕනේ කියලා.. මං කණ්නාඩිය මූණ බලලා shaving foam ගාලා රැවුල කපන්න රෙසරේ අතට ගත්තා.. අර කෙල්ල duet එකක් කරනවා කියලා අරුත් එක්කම මොකටද ඉන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ..මේ දවස් ටිකේ මුන් දෙන්නාගෙ විකාර දකින්නවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නෑ, හරි උන් දෙන්නා සින්දුවක් කියන එක පැත්තකින් තියමුකෝ මොකටද උන් දෙන්නා හැම වෙලාවකම එකටම ඉන්නේ.. කෑම කන්නෙත් එකට අනිත් වැඩ කරන්නෙත් එකට toilet එකට යන්නෙත් එකට දන්නෑ.. සින්දුවක් කියනවා කියලා කොහොම ඉන්න ඕන්නෑනෙ.. ඒකට පැට්රිස් කරන්න වෙලාවක් තියෙනවනේ..හැම වෙලාවෙම එකට ඉන්න ඕන කියලා එකක් නෑනේ.. අනිත් එක අරූ මට කැමතියි කියලා හැම කිසිම අර කෙල්ලගේ අස්සේම රිංගගෙන ඉන්නවා.. ඒ කියන්නේ මූ මට කැමති කිව්වෙ බොරුවටද.. එ උනාට ඒ වෙලාවේ එයා හොඳටම ඇඬුවානේ.. එහෙනම් ඉතින් ඌට තිබ්බනෙ මට සෝලෝ එකක් දෙන්න මට කෙල්ලෙක් එක්ක සින්දුවක් කියන්න ඕන නෑ කියන්න.. ඇයි duet එකක් කියන්න කැමති වුණේ.. දැන් මං මොකටද මේ-
"ආහ්........."
"ආව්ව්ව්......."
ඔවා මේවා විකාර හිතන්න ගිහිල්ලා මගේ මුහුණත් කැපුනා..අතින් එකයි ලේ.. මං මූන හෝදගෙන නා ගත්තා.. කොහොමත් ඉතින් සතියකට සැරයක් මට තුවාලයක් වෙනවා මනෙ එහෙම නොවුනොත් ඉතින් ඒක ආශ්චර්යයක්.. මං bathroom එකෙන් එළියට ඇවිල්ලා කැම්පස් යන්න ලෑස්ති වුනා..
YOU ARE READING
~DESTINED TO BE ~
Romanceමම කැමති නෑ ඔය වගේ මිනිස්සුන්ට.. ඕකුං අනික් මිනිසුන්ගේ දුක දන්නේ නෑ මොකද ඒගොල්ලන්ට හැමදේම අතට පයට ලැබිලා තියෙන නිසා.. දුප්පත් මිනිස්සු විඳින දුක වේදනාව ඔය වගේ සල්ලිකාර සෙල්ලක්කාර පුත්තු දන්නේ නෑ.. ඔය වගේ උන් දන්නෙත් තාත්තලාගේ ධනයයි බලයයි පාවිච්චි කර...