කුස්සියට යන කොට අර දෙන්නා හෙන කතාව..
මමත් ඉතින් කුස්සියෙ තිබ්බ පුටුවකින් ඉදගත්තා..."ආ පුතා..මොකද අනෙ කුස්සියට ආවෙ..අපෙ පුතා එක්ක ඉන්නකෝ ගිහින්"
"අනෙ ඇන්ටි තරහ වෙන්නෙපා මෙහෙම කියනවට..එයා ඇයි හැමතිස්සෙම මෙහෙම රවන්නෙ..."
මම ඌ රවන විදිහ ඇක්ශන් කෑල්ලක් දාලා පෙන්නුවම ගයානි ඇන්ටී අපෙ අම්මයි හිනා වෙනවා..
හහ් හහ් හා සෝක් ජෝක් එක නේත..😒"ඔය ඔයාලත් මට හිනා වෙනෝනෙ.."
"අහ්හ් නැ නැ පුතා..ඇයි ශාරධ ඔයාට මොනා හරි කිව්වද"
ශාරධ?..ඒ මොකාද..ආආ අර තුරු සුනකයාගෙ ඉතුරු කෑල්ල වෙන්නැති ශෙවෝන් ශාරධ..😑
මෝඩ හැලපයා..හිනා වෙන්නවත් දන්නෙ නැති බුම්මැට්ටා.."ඒවා ගැන කතා කල්ලා වැඩක් නැ අනේ..බලන්නකො මම එයත් එක්ක කතා කරාටවත් මාත් එක්ක කතා කරේ නැනෙ.මන් හිතුවෙ මගෙ මානසික මට්ටමට සෙට් වෙන පොරක් කියලනෙ..අඩුම ඇන්ටියෝ අඩුම මාත් එක්ක හිනා වෙන්න තිබ්බනෙ...ඇන්ටිට කියන්න ඇන්ටියෝ ඒකා නිකන් බුම්මැට්ටා වගේනේ...මන් අහන්නෙ ඔහොම ඉදලා පුළුවන්ද අනේ මේ සමාජෙ ජීවත් වෙන්න..බලන්නකො ඉතින් මේ ශිබල් සෙක්කියා...ආ නෑ මන් මෙ කිව්වෙ බලන්නකො ඉතින් මේ ශෙවෝන් කොල්ලගෙත් හැටි නේද ඇන්ටි...ඇන්ටිට කියන්න ඇන්ටි මට නම් බෑනෙ ඔහොම ඉන්-"
"කියනව එක නවත්තගන්නවකො පුතා..කනක් ඇහිලා ඉන්නත් නෑ..අනෙ නංගි මෙයාව කතාවට අල්ල ගන්න එපා...ඔයාටම එපා වේවී"
ආ යස වැඩේ..මන් ඉතින් මේ කරුණු පැහැදිලි කරන්නනෙ ගියේ..😒
මගෙ කට වහන්න ඔක්කොටොම තියෙන්නෙ පුදුම අමාරුවක්නේ...වහන්නෑ..වහන්නෑමයි කට..😑"අනෙ එහෙම නැ අක්කෙ..මේ පුතා හරි හුරතල්..හා පැටියෙක් වගේ.."
ගයානි ඇන්ටි රයිස් එකට කැරට් සුද්ධ කර කර හිටියේ...එයා ඒම කියලා මන් ලගට ඇවිදින් කැරට් ගෙඩියකුත් දීලා හිනා වෙලා ඔලුවත් අතගෑවා..මාත් ඉතින් මගෙ බනී ටීත් පෙන්නලා හිනාවක් දීලා දෝතින්ම කැරට් ගෙඩිය ගත්තා..😌
අනෙ බලන්නකො මෙයාලා කොච්චර හොදද..ශෙවෝන් මෙයාලගෙ ලමයෙක් වෙන්න බැ මන් නම් කියන්නෙ..එක්කො හදාගන්න අරන් නැත්තම් හොස්පිටල් එකේදි මාරුවෙලා..😑
උගෙ පුදුම රැස්නෙ යකූ තියෙන්නෙ..
![](https://img.wattpad.com/cover/367262011-288-k149242.jpg)
YOU ARE READING
❤️||My Stupid MOON||❤️ [BL✅]
No Ficciónඔහු තරුවකි..! ඔහු සදකි..! සද වෙනුවෙන් බලාසිටි ඒ තරුව..අයිතිකර ගත්තා ඒ සද සදහටම..🌙❤️ අයිති වූ නිසා දිලිසුණා ඒ තරුව වෙනදාටත් වැඩිය..🌙❤️ ||SHEWOON+VINUL|| ❤️