9 කොටස

706 50 3
                                    

..............................................................................................

"අම්මෝ utto ඒක රසයි නේත.."

මිහිරංගයා බඩේ හිටිය පෙරෙතයව පෝසනේ කරලා ඉවර වෙලා ලග හිටිය ශකිලයගෙ පිටට දබෝස් ගහලා කිව්වා..
ඇත්තටම කොත්තුව රහයි..
හැබැයි හෙට උදෙ විතර වෙනකොට ලැට් එකට මංගච්චන්න වෙයිද දන්නෑ..

"ඔව් ඔව් අපිනෙ ගෙනාවෙ.."

කොත්තුවට ලුණු ටිකක්වත් දාන්න හිටියෙ නැති රශිත් පුතා ඒක රස උන් ගෙනාව හින්දයි කියන කොට ශෙනාලයා

"අනේ මේ..තමුසෙල ගෙනාව පලියට එව්වා එහෙම රහ වෙන්නෑ..පිස්සුද?"

"ම්ම්ම්"

අරූ හැච හැච ගෑවම රශිත් ම්ම්ම් ගාල නිකන් හිටියා..අනෙ පව් අනේ..එවෙලෙ උගෙ මූණ...

දැන් අපි හය දෙනා කාලා බීලා ඉවර වෙලා සාලෙට වෙලා හිටියේ..
දිග සෝෆා එක tv එකට ඉස්සරහින් තිබ්බෙ.. ඒකෙ මායි ශෙනුවයි හිටියා..
පුටු දෙකක් තියෙන සොෆා එක ජනේලෙ අයිනෙ තිබ්බේ ඒකේ ශකිලයි මිහිරංගයයි හිටියා..
තනි පුටු දෙකක් තිබ්බා..ඒ දෙකේ අර සිරිමත්ලා දෙන්නා ඉදන් හිටියා..
මගෙ වම් අත පැත්තෙ ශෙනුව හිටියේ ඌ ලගම තමා රශිත් ඉදන් හිටියේ..
අර බුම්මැට්ටා ඊට ඉස්සරහ බුම්මන් හිටියා..

"මේ ගයිස්..දැන් කාලා බීලා ඔක්කොම ඉවරනේ...මොකද කියන්නෙ කස්ටිය හොල්මන් ෆිල්ම් එකක් බලමුත.."

ශකියලා කිව්වට පස්සෙ මට මතක් වුනේ ගිය සතියෙ ශකිලලෑ දිහා ගිහිල්ලා හොල්මන් ෆිල්ම් එකක් බලලා ශකිලයා හැසිරුණු විදිහ..

"අනේ මේ ශකිල..බොරු මරිසි දාන්නෙපා උබේ මරිසි මායි ශෙනුවයි හොදට දන්නවා.."
මන් අත් දෙකත් බැදන් අරූට රවලා කිව්වා..

"ඔව් අර කෞත දන්නෑ ෆිල්ම් එක පටන් ගන්න කොට tv එක අස්සෙ ඉදලා ඉවර වෙනකොට අපි ලගට එන්නෑයි කිව්ව කවුද මන්දා අපි අස්සෙ හිටියෙ.."

"හරි හරි යම් යම් සිද්ධි වුණා..නමුත් දැන් එලෙස වෙන්නෑ.."

ශකිලයා ලග හිටිය මිහිරංග පල්ලායි කියලා දිවුරුවා..

"එලෙස කෙලෙස සකිල..you know අනේ i know ඔයා afraid.."

මන් කොන්ඩෙත් අතින් ගසලා සකිලයා දිහා බලන් කිව්වම අනෙ එයා අතේ මැදැගිල්ල දික් කරා..
ඒක දැකපු යක්ස පුතා සකිල දෙසටයි මන් දෙසටයි මරං කන බැල්මක් දැම්මා..සකිල දත් සෙට් එක පෙන්නලා හිනා වෙලා නිස්සබ්දතාවය රැක්කා..

❤️||My Stupid MOON||❤️ [BL✅]Where stories live. Discover now