" බලපිටිය ස්ටෑන්ඩ් බහින අය ඉස්සරහට එන්න බලපිටිය ස්ටෑන්ඩ් "
කොන්දොස්තරගෙ කෑගැහිල්ලට ඇහැරුන මම බෑග් එකත් අරගෙන නැගිටල බස් එකේ ඉස්සරහට ගියේ බලපිටිය ස්ටෑන්ඩ් එකෙන් බැහැගන්න ඕන නිසා. බස් එක ස්ලෝ කරනවත් එක්කම බස් එකෙන් පැන්න මම කෙලින්ම ත්රීවිල් පාක් එකට ගිහින් වීල් එකක නැග්ගෙ මේ කට්ට අව්වෙ පයින් ගෙදර යන්න බැරි නිසා.
විනාඩි 05ක් විතර යනකොට වීල් එක අපෙ ගෙදර ගාවට ගියා.
" කීයද අයියෙ ගාන ?. "
" 100ක් දියන්කො මල්ලි . "
ත්රීවිල්කාරයට සල්ලි දීල මම ගේට්ටුවත් ඇරගෙන ඇතුළට යනකොට තාත්තායි තාත්තගෙ යාළුවො දෙන්නෙකුයි ඉස්තෝප්පුවට වෙලා බොනවා.
" මොකද පුතේ නොකියම ආවෙ. කිව්ව නම් මන් කාර් එක අරන් එනවනෙ ඔයාව එක්කන් එන්න. "
" මට බස් එක හොදයි "
තාත්තාට එහෙම කියාගෙන මම කෙලින්ම උඩ තට්ටුවේ තියෙන මගෙ කාමරේට ගිහින් බෑග් එක මේසෙ උඩින් තියල ඇදට පැනල හාන්සි උනා.කොච්චර කොහේ ගියත් ගෙදර ඇවිත් තමන්ගෙ ඇදේ හාන්සි වෙනව තරම් සනීපයක් කොහේ හිටියත් දැනෙන්නෙ නෑ. හැබැයි මගේ ජීවිතෙන් හතරෙන් තුනක්ම මන් ගතකරේ ගෙදර නෙවෙයි.
මන් ගැන කිව්වොත් මගේ නම නදීෂ. අවුරුදු 27යි. මගෙ පවුලෙ අම්මයි තාත්තයි මල්ලියි. සල්ලි වලින් නම් අඩුපාඩුවක් තිබ්බෙ නෑ මොකද මගේ තාත්තා බෝට්ටු මුදලාලි කෙනෙක්. මගේ ගම බලපිටිය උනාට මම පොඩි කාලෙ ඉදන්ම හැදුනෙ ඉස්කෝලෙ ගියේ කොළඹ නැන්දලෑ ගෙදර ඉදල. ඒ පුරුද්දට ඉස්කෝලෙන් අවුට් වෙලත් ගෙදර එන්නෙ නැතුව මෙච්චර කල් එහෙට වෙලා හිටියත් අම්මගෙ බලකිරිල්ලට තමා අද ගමට ආවෙ.
ටික වෙලාවක් ඇදට වෙලා හාන්සි වෙලා හිටපු මම නැගිටල කාමරේ ජනේලෙ ලගට ගියා. මගේ කාමරෙ ජනේලෙ ළගට ගියාම මුහුද ලස්සනට පේනව. මම ටික වෙලාවක් මුහුද දිහා බලන් ඉදල ගමන් මහන්සිය යන්නත් එක්ක නාගන්න බාතෲම් එකට ගියා. නාගෙන කාමරේට එනකොට මට පහළින් කෑගැගිල්ලක් ඇහුන නිසා මම ටක් ගාල පහලට ගියා. මම යනකොට මගේ වයසෙ විතර කොල්ලෙකුට අපේ තාත්තා බයිනවා. තාත්තා ඒ වෙලේ ටිකක් බීල හිටපු නිසාද මන්දා කෑගගහ කතා කරේ. ඒ කොල්ලා මාව දැක්කා උනත් ගණන් නොගෙනම තාත්තා එක්ක කතා කරන්න ගත්තා.