වෙරළකොනක හිඳ 04

71 10 0
                                    

වෙනද වගේම පහුවෙනිද උදෙත් මම නැගිටිනකොට උදේ 10 විතර වෙලා තිබ්බා. පුරුදු විදියටම නැගිට්ට ගමන් ෆෝන් එක බලනකොට මම දැක්කා මට දිනෙත්ගෙන් ගුඩ් මෝනින් මැසේජ් එකක් ඇවිත් තියෙනව කියල .මන් මැසේජ් එකට රිප්ලයි එකක් නොදා කෙලින්ම දිනෙත්ට කෝල් එකක්ම ගත්තෙ කොල්ලා එක්ක කතා කරන්න ආස හිතුන නිසා. දෙතුන් පාරක් රින්ග්ස් යනකොට දිනෙත් ෆෝන් එක ආන්සර් කරා.

" හෙලෝ ගුඩ් මෝනින් දිනෙත් "

" ගුඩ් මෝනින් අයියෙ. මොකො කෝල් කරේ "

" ඇයි කෝල් කරන්න එපාද ?. "

" නෑ නෑ එහෙම අවුලක් නෑ. මන් ඉතිං නිකන් ඇහුවෙ. "

" උබ ගුඩ්  මෝනින් කියල මැසේජ් එකක් දාල තිබ්බ ඒක දැන් දැක්කෙ. ඉතිං හිතුනා කෝල් එකක් ගන්න "

" හ්ම්ම්. මොකො අයියට දැන් පාළුයිද හිච්චා අයිය නැති නිසා "

" ඔව් හැබැයි කම්මැලි නම් තමා ටිකක්. හිච්චා ඇරෙන්න වෙන යාළුවො නෑනෙ මට මෙහෙ ඇවිදින්න යන්නවත්. "

" ඇයි මේ මම ඉන්නෙ. ඇවිදින්න ඕන්නම් මම එන්නම් "

" ඇයි ඔයාට රෙස්ටුරන්ට් එකෙ වැඩ නැද්ද මල්ලි ?. "

" මම වැඩ කරන්නෙ රෑට අයියෙ දවල්ට එච්චර වැඩක් නෑ. "

" ඉතිං ඉතිං  දිනෙත් ගර්ල්ෆ්‍රෙන්ඩ් එහෙම සනීපෙන්ද ?. "

මම ඇහුවෙ දිනෙත්ට කෙල්ලෙක් ඉන්නවද කියල දැනගන්න ඕන නිසා.

" අපෝ මොන කෙල්ලොද අයියෙ මට ඇති කෙල්ලෙක් නෑ "

" බොරු කියන්න එපා ඉතිං අපිටත් කොලේ වහනවනෙ "

" සිරා ඕයි අම්මපල්ලා මට එහෙම කවුරුත් නෑ "

" ඉතිං හොයාගන්නවකො කෙනෙක් ව "

" බලමුකො හොද කෙනෙක් හම්බුනොත්. අයියට කෙල්ලෙක් නැද්ද ?. "

" මටත් නෑ බන් "

" ඉතිං ඔයත් හොයාගන්නකො කෙල්ලෙක් මට කියන්නෙ "

" බලමුකො බලමුකො මටත් හොද කෙනෙක් හම්බුනොත් හොදයි "

" නදීෂ අයියෙ ඒක නෙවෙයි රෑට එනෝ ඉතිං රෙස්ටුරන්ට් එක පැත්තෙ ඔය නොබිව්වට කමක් නෑ  ඇවිල්ලා  කයියක් ගහල යන් . "

වෙරළකොනක හිඳWhere stories live. Discover now