වෙරළකොනක හිඳ 10

139 14 0
                                    

හිච්චා එක පාරට දිනෙත්ව ඇදල අරන් කිස් කරපු පාරට මුදලාලිත් ගැස්සිලා ගියා.

" දැන් දැක්කනෙ මුදලාලි. අනුන්ගෙ කොල්ලෙක්ව මට මෙහෙම ඉඹින්න බෑනෙ. මූ යාළු මාත් එක්ක. දැන්වත් පව් නොදී යන්න "

" හරි මන් යන්නම්. හැබැයි ආයෙ උබල දෙන්නගෙන් එකෙක්වත් අපේ එකා එක්ක ඉන්නව කියල මට ආරංචි උනොත් මන් බලාගන්නම් "

මුදලාලි එහෙම කියල ආපහු යන්න පිටත් උනා.

**********************************************

මායි මල්ලියි ඈත ඉදන් තාත්තගෙයි හිච්චගෙයි රණ්ඩුව දිහා බලන් ඉන්නකොට හිච්චා එක පාරටම දිනෙත්ව ඇදල අරන් කිස් කරා. මට හිතාගන්න බැරි උනා හිච්චා කොහොමද එහෙම දෙයක් කරේ කියල.

" මල්ලි අර හිච්චා දිනෙත්ව කිස් කරා නේද ?. "

එතකොටම අපේ තාත්තා ආපහු හැරිල  එන්න ආවා.

" ඕයි ඕයි අයියෙ  අන්න තාත්තා එනව එයා දකින්න කලින් ටක්ගාල මෙතනින් මාරු වෙමු"

" බෑ බන් අරූ කොහොමද මගෙ කොල්ලව කිස් කරේ. මට උගෙන් අහන්න ඕනෙ ඇයි එහෙම කරේ කියල "

" යකෝ ඒව පස්සෙ අහගතෑකි තාත්තා ගෙදර යන්න කලින් ගෙදර යමන් නැත්තම් ඉවරයි "

මල්ලි බයික් එක ස්ටාට් කරගත්තත් මන් දිනෙත්ලෑ ගෙවල් දිහාම බලන් හිටියා.

" මොකද්ද පකෝ කරන්නෙ නැගහන් "

මල්ලිගෙ කෑගැහිල්ලට මන් ටක් ගාලා බයික් එකට නැග්ගා. ගෙදරට ගියත් මගේ මට සිහියක් තිබ්බෙ නෑ. මට මතක් උනේම හිච්චා දිනෙත්ව කිස් කරපු විදිය. හිච්චා මට දිගින් දිගටම කිව්වෙ දිනෙත් ගැන උගෙ හිතේ නෑ කියල එහෙම කියලත් හිච්චා හැමෝම ඉස්සරහ එහෙම කරේ ඇයි කියල මට හිතාගන්න බැරි උනා.

එක පාරටම අපේ මල්ලි කාමරේට ආවා.

" අඩෝ අන්න තාත්තා එනවා. "

" දැන් මොකද කරන්නෙ බන් එයා අහන ඒවට උත්තර දෙන්නෙ කොහොමද ?. "

" මන් දන්නෑ ඒක හැබැයි පරිස්සෙමෙන් උත්තර දීපන්. "

" නදීෂ නදීෂ මෙහෙ වරෙන් "

එක පාරටම තාත්තා පහළ ඉදන් මට කෑගහන්න ගත්තා. මන් මල්ලි දිහා බලලා පහළට ගියා.

වෙරළකොනක හිඳWhere stories live. Discover now