වෙරළකොනක හිඳ 03

80 14 0
                                    

පහුවෙනිද උදේ මම ඇහැරුනේ හිච්චගෙ කෑගැහිල්ලට.

" අඩෝ නදීෂයා නැගිටපන් "

" තව ටිකක් නිදාගන්න දියන් බන් "

" පිස්සුද යකෝ තව කොහෙට නිදාගන්නද උබ දැන් වෙලාව 10ත් වෙලා "

හිච්චා එහෙම කියනවත් එක්කම මම ඇහැරුනේ ගෙදර යන්න ඕන නිසා.

" අඩෝ සිරාවට මන් යන්නත් ඕනෙ "

මන් කෙලින් වෙන ගමන් කිව්වා.

" නෑ නෑ විහිළුවක් කරේ තාම 8ටයි වෙලාව. "

" නෙදකින් පරයා තව ටිකක් නිදාගන්න දෙන්න එපැයි යකෝ මට "

" දැන් ඉතිං කරන්න දෙයක් නෑ උබ නැගිටල ඉවරයි නෙ. ඉදා මේ තේ එක බීපන්. "

" හිච්චා මට හිතාගන්නත් බෑ බන්. "

" මොකද්ද ?. "

" නෑ මේ දවස් තුන හතරට උබයි මායි කොච්චර ෆිට් උනාද ?. "

" සමහරවිට දෙන්නම කොලුකාරයො නිසා වෙන්න ඇති "

" කට අනුල නැන්දට එහෙම ඇහුනොත් උබට ගෙදරිනුත් යන්න වෙයි "

" යාළුකම් ගැන වැඩිය හිතන්න එපා නදීෂයා "

" ඒ ඇයි "

" ඔය යාළුකම් ඇති වෙනවට වඩා වේගෙන් නැති වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ. "

" පල පල ගොන් කතා නොකිය. "

" නදීෂ උබට ලව් එකක් තිබිලම නැද්ද ?. "

" ලව් කීපයක් තිබ්බ් බන්. ඒත් ඒව එකක්වත් හරි ගියෙ නෑ. "

" ඒ ඇයි ?. "

" මන් හිතන්නෙ හිච්චා තාම මට හරියන කෙනා හම්බුනෙ නෑ.එතකොට උබට ලව් එකක් තිබිලම නැද්ද "

" ඈහ් මට ඔය ලව් හරියන්නෙ නෑනෙ නදීෂ.  කොල්ලො එක්ක පොඩි පොඩි ආතල් ගන්නව ඒ ඇරෙන්න ලව් නම් කරල නෑ බන් "

" සමහරවිට හිච්චටත් තාම හරියන කෙනා හම්බෙලා නැද්ද දන්නෑනෙ "

" අනේ මන්ද බන් ඕවා නම් "

" ඒක නෙවෙයි දැන් උබ බෝට්ටුවක් හොයාගත්තද යන්න. "

" නෑ බන් හොයාගන්න ඕනෙ. මට නැතත් අර මනුස්සයට කන්න දෙන්න එපැයි "

වෙරළකොනක හිඳWhere stories live. Discover now