හිච්චා දිනෙත්ට ආදරේ කරනවා කියපු නිසා අන්තිමේ මම හැමදේම දාලා ආයෙ කොළඹ යන්න හිතුවත් දිනෙත්ගෙ බල කිරිම නිසාම මම නොයන්න තීරණේ කරා. මම දිනෙත්ට කොච්චර ආදරේ උනත් හිච්චගෙ මූණ හිච්චා මගෙයි දිනෙත්ගෙයි සම්බන්ධෙ දැනගත්ත දවසට මන් ගැන මොනවා හිතාවිද මොන විදියට හැසිරේවිද කියල මට හිතාගන්න බැරි උනා. මම දිනෙත්ව හිච්චගෙන් උදුරගත්තා කියන වරදකාරී හැඟීම මට දැනෙන්න ගත්තෙ මම උන් දෙන්නා අතරට නාව නම් දිනෙත් කෙලින්ම හිච්චට අයිති වෙනව නේද කියල හිතුන නිසා. අලුතෙන් ආපු මට වඩා පොඩි කාලෙ ඉදන් හිටපු හිච්චට දිනෙත් ගැන අයිතියක් තියේ කියල මට හිතුනා.
මං ඔය දේවල් කල්පනා කර කර ඉන්න අතරෙ මට බීච් එකට එන්න කියල මට දිනෙත්ගෙන් කෝල් එකක් ආවා. මං බීච් එකට ගිහින් ටික වෙලාවක් යනකොට මම දැක්කා දිනෙත් බීච් එක දිගේ මන් ඉන්න පැත්තට එනවා. ඒත් දිනෙත් තනියම නෙවෙයි ආවෙ. දිනෙතත්ගෙ කරට අතක් දාගෙන හිච්චත් එනවා මන් දැක්කා. ඒත් හිච්චා දිනෙත්ට ආදරෙයි කියල දැන දැනත් දිනෙත් හිච්චා එක්ක මෙහෙම කරට අත දාන් එන එක මට ප්‍රශ්නයක් උනා. දිනෙතුයි හිච්චයි මං ගාවට ඇවිත් කතා කරත් මූණෙන් කිසිම වෙනසක් නොපෙන්වා හිච්චා එක්ක කතා කරන්න මන් උත්සහ කරේ මගෙයි දිනෙත්ගෙයි සම්බන්දෙ ගැන හිච්චා තාම දන්නෙ නෑ කියල මම හිතුන නිසා.
" දිනෙත් මන් දන්නෑනෙ ඔයා එක්ක හිච්චත් එනවා කියල "
" ඇයි මල්ලි එක්කමං උබට ආපු එක ප්‍රශ්නයක්ද ?. "
හිච්චා මගෙන් ඇහුවෙ ටිකක් නොරිස්සුම් ගතියකින්.
" නෑ නෑ එහෙම එකක් නෑ බන් හිච්චො. ඒක නෙවෙයි දිනෙත් ඇයි මට හදිසියේම එන්න කිව්වෙ. "
" නදීෂයියෙ මට සමාවෙන්න මම අපි දෙන්න ගැන හිච්චයිට කිව්වා. ඒ වගෙම අපි දෙන්න එකතු වෙලා තීරණයක් ගත්තා "
" ඒ මොකද්ද මල්ලි "
" අයියෙ ඔයා පොහොසත් මම දුප්පත් අපි දෙන්න ගැලපෙන්නෑ. මට ගැලපෙන්නෙ හිච්චයියා තමයි. "
දිනෙත් එහෙම කියනකොට මට ඒක විශ්වාස කරගන්න බැරි උනා.
" මො මොකක් මට තේරෙන්නෑ මල්ලි ඔයා ඇයි ඔහොම කියන්නෙ කියල "