මම හිච්චවත් වත්තන් කරගෙන හිච්චලෑට යන්න පිටත් උනා.
"නදීෂයා උ උබට මේ හිච්චගෙන් වැරද්දක් වෙලා තියේද ?. "
මූ වෙරිමතේ කියවන්න ගත්තා.
" නෑ නෑ හිච්චා එහෙම දෙයක් නෑ. "
" මන් පොඩ්ඩක් බිව්ව බන්.. පොඩ්ඩක් වැඩි උනා. "
" හරි හරි යමන්කො ඉතිං ගෙදර "
" නදීෂයා උබට කවද හරි මගෙන් වරදක් උනාද කියපන් "
" නෑ නෑ උබ එහෙම කරල නෑ. "
" නදීෂයා ඔහොම නැවතියන්. "
" නැවති නැවති ඉන්න ඕන්නෑ තව ටිකයිනෙ ගෙදරට යමන්. "
" නෑ නෑ ඉදපන්කො මන් කියන එක අහපන්. "
" මොකද්ද කියපන්කො "
මම ඇහුවෙ වැටෙන්න ගියපු හිච්චව අල්ලගන්න ගමන්.
" නදීෂයා මේ අහපන් උ උබේ ඕන දේකට මන් ඉන්නවා. මගෙන් උබට වරදක් වෙන්නෑ බන් කවදාවත් වරදක් වෙන්නෑ. "
" හරි හරි මන් දන්නවා බන් දැන් ගෙදර යමන්. "
" එහෙම නෙවෙයි නදීෂයා මන් දන්නවා මන් දන්නවා මට කවුරු නැතත් උබ ඉන්නවා කියල. ආදරෙයි හුත්තො උබට "
එහෙම කියල හිච්චා එක පාරට මාව බදාගත්තා. ඒත් මට එක පාරට තේරුනා හිච්චා ඉකි ගගහ අඩනවා කියල.
" නදීෂයා මම දුකෙන් බන් ඉන්නෙ. "
" හරි හරි අපි සිහිය ආවම කතා කරමු දැන් යමන්කො "
මන් කිව්වෙ හිච්චගෙ ඔලුව අතගාන ගමන්.
" නෑ බන් නදීෂ උබ මාත් එක්ක තරහ වෙන්නෑ නේද කියපන් ආ කියපන්. "
" නෑ නෑ තරහ වෙන්නෑ. "
" පපුව පැලෙන්න වගෙයි නදීෂ හිටියට. දුකට බන් බොන්නෙ දුකට. "
" හරි හරි අපි හෙට කතා කරමු උබේ වෙරි හිදුනම හරි ද ?. "
" හරි එහෙනම් යමන්කො "
හිච්චගෙ කියවිල්ලත් අහගෙන මම කොහොමහරි ඌව ගෙදරට එක්කගෙන ආවා.
" අනුල නැන්දේ දොර ඇරපන් උබෙ පුතා ආවා."
හිච්චගෙ කෑගැහිල්ලට අනුල නැන්දා දොර ඇරගෙන එලියට ආවා.