ටික වෙලාවක් දිනෙත් දිහා බලන් හිටපු මම දිනෙත්ගෙ තොල් කිස් කරන්න පහත් වෙනකොටම දිනෙත් ඇස් ඇරපු නිසා මම ටක් ගාලා එහාට උනා.
" දිනෙත් නැගිට්ටද ?. "
" අහ් අයියෙ එලිවෙලා දන්නෙත් නැතුවම. ඔයා ඇහැරිල ගොඩක් වෙලාද "
දිනෙත් කෙලින් වෙන ගමන් ඇහුවා.
" නෑ බන් දැන් විනාඩි 10ක් වගේ ඇති. "
" අයියෝ ඉතිං මාව ඇහැරවන්න එපැයි කවුරු හරි දැක්ක නම් "
" ඉතිං කවුරුත් දැක්කම අපිට මොකද "
" ඒකත් ඇත්ත "
" මල්ලි අපි එහෙනම් දැන් යමු නේ. උබ ගෙදර ගිහින් හොදට නිදාගනින් "
" හරි එහෙනම් යමුකො "
දිනෙත්වත් ගෙදරට ඇරලවල මම ගෙදර ගියා. එදා ඉදන් දවස් දෙක තුනක් ගත උනේ මාව ගෙදර වැඩ වලට හිර කරලා. ඒ ගතවුන හැම මොහොතකම මට මතක් උනේ දිනෙත්ව. දිනෙත්ට කොහොමහරි මගේ හිතේ තියෙන දේ කියාගන්න පුළුවන් නම් කියල මට හිතුන වාර අනන්තයි. එදා ගෙනාපු තීන්ත ගාන්න බාස් එකෙන් ආවත් ඒ මනුස්සයය උදව් කරන්න උනේ මට. ඒ නිසා ඒ දවස් දෙක තුනේ මට ටිකක් වෙලාසනින් නැගිටින්නත් උනා.
එදත් මම උදේ 8 වෙනකොට නැගිටලා තීන්ත බාස් එන නිසා ලෑස්ති වෙලා සාලෙට වෙලා ඉද්දි අම්මයි තාත්තයි කොහෙ හරි යන්න වගේ ලෑස්ති වෙලා ආවා.
" ඔය දෙන්නා මේ කොහෙයන්නද ලෑස්ති වෙලා තියෙන්නෙ. "
" අපි මේ පාටිය කියන්න යනවා නෑදෑයොන්ටයි තාත්තගෙ යාළුවොන්ටයි පාටිය කියන්න යනවා. "
" කීදෙනෙක්ට කියනවද අම්මෙ ඔයාල නිකන් ලෑස්ති වෙන්නෙ වෙඩින් එකක් ගන්න වගේනෙ. "
" අඩුම සීයක්වත් එයි. "
" බුදු අම්මේ ඇත්තටම ඔයාලට පිස්සුද මේ ඔච්චර ලොකු පාටියක් ඕන්නෑ මට."
" එහෙම නෙවෙයි පුතේ කාලෙකින් නෑයොන්ටයි තාත්තගෙ යාළුවොන්ටයි කෑම වේලක් දුන්නෙත් නෑනෙ. "
" ඉතිං දෙයියනේ එහෙම කෑම දෙන්න ඕන්නම් හාමුදුරුවො වඩම්මල දානයක් දෙන්නකො මේ පාටි දාන්නෙ "