"මං අයිති මහ රජ්ජුරුවන්ට?" රසුද් තමාටම මුමුණා ගත්තේය.
රසුද් තවමත් සිටින්නේ කිසිත් අදහාගත නොහැකිවය.... උල්පැන්ගෙහිට වී තම සිරුරේ මී පැණි තවරමින් පිරිමදින සේවිකාවන් ගැනවත් ඔහුට කිසිදු සිහියක් නැත... සනීපදායක සිහිලැල් දියෙහි සනීපයකුදු ඔහුට නොදැනේ... පසෙක දැල්වෙන සඳුන් කූරුවල අසම සම සුගන්ධයකුදු, උල්පැන්ගෙහි ඇති අමුතු අන්ධකාරයෙහි කිසිදු රසවත් භාවයකුදු දකින්නට ඔහුට ඉස්පාසුවක් නොතිබිණි.
"නදී..." ආ විගසම වාගේ රසුද් සමග කුළුපග වූ සේවිකාව රසුද් ඇමතුවේ ප්‍රශ්නාර්ථයක්ද සහිතවය.
"බිසෝවුන්නාන්ස," නදී තමා කරමින් සිටි වැඩය නොනවත්වාම විමසා සිටියාය.
"උබ දන්න තරමින් මීට කලින් මහ රජ්ජුරුවො පිරිමි ඇත්තන්ව පල්ලෙ වාසලට අරන් ඇවිත් ම නැද්ද?"
"දළදා හාමුදුරුවන් පල්ලා" යි කියමින් නදී දළදා මාලිගය ඇති දෙසට නොහොත් මුදුන් දී වැන්දාය. "මං ඔබවාන්සේට කලිනුත් කිව්ව විදිහමයි... මං උපන්දා ඉඳන් මේ මාලිගාවට කාරිය කොරන්නේ... අදකින් අදක් දැකලා නැතුවා මහ රජ්ජුරුවො පීරිමි පරාණයක් අන්තඃපුරේට වද්දගන්නවා..."
"එතකොට මං මොකදැ මෙහෙ? උබටත් තේරෙනවනෙ, මං මහරජ්ජුරුවන්ගෙ මෙහෙසියක් වෙන්ට ඔිනෑ එකෙක් නෙවි. මාත් පිරිමියෙක් බොල!" රසුද් සැබැවින්ම- සැබැවින්ම මේ ක්‍රියාව පිලිකුල් කළේය...
"අවසර ඔබවාන්සේගෙන්... ඒත් මුන්නාන්සෙ වගේ ඉටිරූපයක් දැක්කාම කවුද දෙයියෝ අහක බලාන යන්නෙ... මං අදකින් අදක් දැකලා නෑ මේ මුළු වාහලටම ඔබවාන්සේ තරං පියකරු පිරිමියෙක් තියා කාන්තාවක්වත්!" නදී හිස නවාගෙන ම පවසද්දී රසුද් නොදැනුවත්වම නිරුත්තර විය...
ඔහු දැන සිටියා සේම දැන් ඔහුගේ හෙනේට පැමිණ සිටින්නේ ද මේ තම රූපයම ය... මහරජුන් තමාව මෙහි ගෙන ඒමට තරම්?
"දැන් ඔබවාන්සේ ඔිවා හිතන්ට කාරි නෑ... මහ වාහලෙන් දැන්නුව හැටියට, මහරජ්ජුරුවන් වහන්සේ අදරෑට ඔබවාන්සෙව මැද වාහලට කැඳවලා නෙව තියෙන්නෙ....ඉතින් දැනටම හැන්දෑ ජාමෙ... හොඳ හැටි පිරිසිදු වෙලා සූජානං වෙන එක කෝකටත් හොඳයි... අනික මේ බලන්ට බිසෝවුන්නාන්ස, මේ කෙස් කලඹ වේලගන්ටම ඔබවාන්සේට හෝරාවක්වත් මට පවන් සලන්ට වේවි... කෙල්ලෙ ඔය බෙහෙත් පොට්ටනිය ගෙනෙං!" මෙතරම් වේලා දොඩමින් සිටි නදී මෙසේ රසුද්ට පවසන්නේ ඔහුගේම හොඳට බව රසුද් දනී....
රසුද් මුව වසා නොබැණ සිටින්නේද එහෙයිනි... නමුත් මහ රජ්ජුරුවන් මැද වාහලට එන සේ දැන්නුව බැව් අසන විට ඔහුගේ හදවත මෙතරම් වේගයකින් ස්ඵන්දනය වන්නේ මන්දැයි රසුද්ටවත් සිතාගත නොහැකි විය...
මැද වාහල යනු මහ අපූරු තැනකි...
නැත, රසුද්ට නම් එය බියකරු සිහිනයක් වීමට යන සෙයකි... රජුන් කිමෙකටද ඔහුව කැඳවන්නේ එහි? මේ මහා රෑ ජාමෙට මහ රජුන් තමන්ට මුණගැසෙන්නට ඔිනෑ මෙහෙසියව මුණගැසෙන ස්ථානයට? අසික්කිතය... සැබැවින්ම රසුද් නම් කාරණාවේදී එය අප්‍රසන්න බැව් ඔහුට හැඟුණි...
"ඔබවාන්සේට බියවෙන්ට කාරි නෑ ඔිං... අපේ මහ රජ්ජුරුවො හරි ප්‍රේමවන්තයා..." නදීට අත් උදව් දෙන තරුණ සේවිකාව ගඟුලි ද නදීගේ කතාවට අත්වැල් අල්ලන්නට වූවාය...
"හැබෑද?" මෙවරනම් නාන පොකුණෙහි ඉදිරිපස බලා සිටි රසුද් අලුත් තොරතුර පිළිබඳ උද්‍යෝගයෙන් ඔවුන් වෙතට හැරුණි...
"අපිට බිසෝවරුන්ගෙ කතා ඇහෙනවනෙ ඉතිං ඔිං... මහරජ්ජුරුවෝ ප්‍රේම කරන්ට ගියාම ආයෙ තරු ඉල්ලුවොත් තරු වුණත් ගෙනත් දේවිලු... මුන්නාන්සෙට කියන්ට, මැද වාහලට ගිහින් ආ එක බිසවක්වත් පහුවදාට කාමරෙන් එලියට බැස්සෙ නැතිලු... අපි දැක්කා ඉතිං ඔිං උන්නාන්සේලට උණ ගැනිලා- ආව්වා! අක්කණ්ඩි ඇයි පහර දෙන්නේ!" ගඟුලි කියමින් සිටි කතා නවත්වා බෙරිහන් දෙන්නට වූවේ නදී ඈට ඔරවද්දීය.
"අපේ බිසෝන්නාන්සෙට දැම්ම ඔව්වා කියාලා බය කරවන්ටද උබ හදන්නෙ... බලාපල්ලකො මේකිගෙ හැදියාව! වයසට නෙවේ කට!" නදී ගඟුලිගේ කනකින් සෙමින් මිරිකා කියන්නට විය...
"හා හා උබලා රණ්ඩු වෙන්ට කාරි නෑ ඔිකට..." රසුද් ද මෙහි පැමිණියාට පසු පළමු වතාවට මදහසක් පාමින් ඔවුන්ගේ කතාවට එකතු වූවේය.
ඒ සියල්ල හැරුණුකොට කුමක් නමුත් මැද වාහලට යෑමට නියමිත ගමන ගැන අසද්දී රසුද්ට දැනෙන්නට වූයේ තිගැස්මකි...
"මං එහෙ යන්ටම ඔිනද නදී?" රසුද් නැවත කල්පනාවක ගිලෙන්නට සූදානමින් විමසීය...
"මොකෝ නැතුව අපෙ බිසෝන්නාන්ස! ඒ රටේ මහරජ්ජුරුවො... මහරජ්ජුරුවන්ගෙ මෙහෙසියක් වෙන්ට හැමෝටම වාසනාව නෑ ඔිං!" නදී ඒ නොකියා කීවේ තමා එහි යා යුතුම විත්තිය බව රසුද් නිහඬවම පිළිගත්තේය.
කවුරු කෙසේ කීවත් ඒ නිකන්ම නිකන් පිරිමියෙකු නොවීය... ඒ රටේ මහරජ්ජුරුවෝය!
________
මැද වාහලට ගියහම මොනා වෙයිද මන්දා
👉👈
YOU ARE READING
අභිලාශ | Historical BL Short Story (Ongoing)
Short Story"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස රසුද් නොදැක්කේය... ඇරඹුම: 2024.05.06