මෙහි එන සියලු සිද්ධි මනඃකල්පිත වේ.
"උබහැලා දන්නවද, සූරියගොඩ මහාධිකාරම්ගෙ පරම්පරාවටම මරණ දඬුවම හම්බුණාට උන්නාන්සෙගෙ පොඩි එකා එතැන හිටියෙ නැල්ලු!"
"කොහෙ? මේ දංගෙඩියට හිස තියද්දින්? පොඩි නිලමෙ ඇත්තො හිටියෙ නෑයි කියන්නෙ? මේ උබ කට කතා පතුරනවා එහෙම නෙවෙයිනෙ?"
"මොන පිස්සුද මලයා! පොඩි නිලමෙ ඇත්තොව කාටවත් අදුරගන්ටවත් බැහැයිලුනෙ! උන්නාන්සෙ වලව්වෙන් එළියට අඩියක් තියාලා නැතුවැති මයෙ හිතේ! ඒ හින්දා ඔන්න රාජපුරුසයොන්ටවත් අල්ලගන්ට බැහැයිලුනෙ! උන්දෑ මෙලාකටත් මැරිලා ගිහින්ද දන්නෑ කන්ට බොන්ටවත් හරියට නැතුං!"
"මං අහලා තියෙනවා... උන්දැ හැදුණෙ වලව්වෙ කුමාරිහාමි කෙනෙක් වගේලු... කඩු හටන්, හරඹ මොකවත් නොදන්නවලු... ගෙදරට වෙලා උන්දැ ඉගෙනගත්තෙ මැහුං ගෙතුං එහෙමලු!"
"අනෙ අප්පෝ මේ පිරිමිකමට මොන නින්දාද! උන්දැ එහෙනං පණ පිටින් හිටියත් රාජ්ජෙට අනතුරක් නැතුවැති කියලා මහරජ්ජුරු උන්නාන්සෙ හිතනවා වෙන්ටෝන!"
"වෙන්ටැ මලයා! අපිට අනික මොකටදෑ ඔය ඇත්තොන්ගෙ ඕපදූප!"
පන් මල්ල කිහිල්ලේ ගසාගෙනම මෙතෙක් වල් පල් දෙඩූ කාන්තාව උගුර කාරා බුලත් කෙළ පාරක් ගැසුවේ
අසල නා ගස් පාමුල ටය... එතැන හිඳගෙන මේ සියල්ල අසා සිටියත් නොඇසෙන පමණට සිටින්නට රසුද් හට සෑහෙන වෑයමක් දරන්නට සිදුව තිබිණි...
ලබා උපන් හැටියට තම මෑණීන් වහන්සේ තරමටම රූපශ්‍රීයක් හිමි වුණද රසුද් ඒ සුකොමාල කමට වෛර නොකළ දිනයක් නැත්තේය... හැකිතරම් මිනිසුන්ගෙන් ඈත්ව සිටියද තවදුරටත් නොමැති වලව්වක දිවි ගෙවන්නට සිතීමද ඔහුට හුදෙක් සිහිනයක්ම පමණි....
මහමගට වැටුණු දා පටන් පවුලේ කිසිවෙකු නැතත් දැනුණු ශෝකයක් ඔහුට නැත. හුදෙක් ඇත්තේ මිනිසුන්ගේ අමන කතා අසමින් කට පියා නොබැණ සිටීමට සිදුවීමේ වේදනාවය...
මේ දිනවල උණු කැවුම් සේ බෙදෙන පුවත් නම් රාශියකි... එනම්, රසුද්ලාගේ වලව්වේ රාජද්‍රෝහීත්වයත්, පවුලේ පිරිමින් දංගෙඩියට හිස තැබූ අයුරුත්, ගැහැණුන් බෝගම්බර වැව් දියට පැනූ අයුරුත්, රසුද් ගේ බාල අක්කණ්ඩිය දියට පැනීමට බිය වෙද්දී රොඩී කුලයට පාවා දීමත් ය.
YOU ARE READING
අභිලාශ | Historical BL Short Story (Ongoing)
Short Story"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස රසුද් නොදැක්කේය... ඇරඹුම: 2024.05.06