රසුද් නම් වූ කල්හි තනිකරම විල්ලුද සයනය මත සතපවා ලූ වීණාවකි... මහරජුන් වූ කල්හි අරුමැසි වීණා වයන්නාය...
කුළුඳුලේ මෙහි ගෙනා වීණාවේ තත් සුසර කරන්නට පටන් ගත් තැන් පටන් ගොරහැඬිව මඳින් මඳ සියුම් මිහිරැති හඬ නිමැවෙන්නට පටන් ගත්තේ නිතැතිනි...
විටින් විට සුසර කරමින්ම මහරජුන් ඒ සියුම් තැන් හඳුනාගන්නට ඇත... විටෙක සඩ්ජය වන්නට ඇත... තවත් විටෙක එය පංචමය භාවයකින් මඳක් ඔබ්බටද යන්නට ඇත... කෙසේ නමුත් නිවැරදිම සුසර තනුවේ මඳකට නැවතුණු මහරජුන් මීළඟට සිතන්නට ඇත්තේ වයන්නේ කුමන රාගයදැයි විය නොහැකිද?
රාගයක්නම් ඇලෙන සුළුමය... මෙවැනි වීණාවකින් රාග වයන්නට නම් එහි රස හැඳිනිය යුතුම නොවන්නේද?
මහරජුන් සියලු තන්තුවෙන් තන්තුවට පිරිමැද බැලුවේය... මහරජුන් කලාවේ විලාසය දත්තේය... ස්වරයන් හැඳිනුවේය... වීණාවේ හිසෙහි සිට බඳ හරහා අන්තය වන තුරු හැඩරුව අඳුනාගන්නට ඔහුට මහා වේලාවක් ගත නොවන්නට ඇත... නමුත් පුදුමයනම් කිසිත් කරගත නොහී නොසෙල්වී බලා සිටින්නා වූ වීණාවමය...
"ශෘංගාරය?" රජුන් ඒ තෝරාගත්තේ වැයීමට නියමිත රාගයම විය යුතුය...
ඇලෙන සුළු රාගයක් වැයෙන්නේ මධ්‍යම රාත්‍රියේ නම්... එය නිසැකවම වීර රසය ගෙන නොහේ... කරුණා රසයක් එහි ඇත්දැයි සිතිය නොහැක... රජුන්ගේ කලාවේ ශාන්ත රසය මේ වන විටද ගිලිහී යමින් බව තේරුම් ගැනීම අපහසු ද නැත... නමුත් මෙහි ආනන්ද රසයනම් උපරිම බව අවිවාදිතය....
එහෙත් සැබැවින්ම, මේ වැයෙන රාගයනම් ගෙන ආවේ මධ්‍යම රාත්‍රියේ සිත සනසවන ආකාරයේ ශෘංගාර රසයකි...
රජුන්ගේ වීණා වැයුම රසුද්ගේ මන මන්මත් කරවන අයුරු අපූරුය...
"උබ හංස රූපය කෙටූ වීණාවක්... බොහොම කලාත්මකයි... කැටයම් අසමසමයි... සියුම්ව මැහෝගනියෙන් තනාපු උබ සුවඳවත් කරලා තියෙන්නෙ සඳුන් තෙලින්... උබ කලාවක් තනිකරම... මට රාග වයන්ටම නිමැවුණ වීණාවක් උබ!"
මේ ශෘංගාර රාගයේ උපරිමයට විටින් විට දිව එන මහරජුන්ගේ ගායනාවන්ය... රසුද් දැන සිටියේ ඒවා අවසිහියෙන් සිටිද්දී සවනට දමාගැනීම අපහසු බව පමණි...
YOU ARE READING
අභිලාශ | Historical BL Short Story (Ongoing)
Short Story"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස රසුද් නොදැක්කේය... ඇරඹුම: 2024.05.06