තෙවන...

181 35 5
                                    

අසා තිබූවාට වඩා ප්‍රමාණයෙන් විශාල ලෙස රසුද්ට පල්ලේ වාහල පෙනෙන්නට විය... මැද මිදුලකුත් ආනතව තිබූ සිංහල උළු හෙවිල්ලූ වහළයත් මේ සියල්ලටත් වඩා ඝනකම බිත්ති අතරින් විටින් විට එබිකම් කරමින් මුව අතින් වසාගෙන රහස් මුමුණන අන්තඃපුර මෙහෙසියෝත් රසුද්ගේ ඉවසීමේ සීමාවට පටහැනි විය...

පල්ලේ වාහල සැබැවින්ම අන්තඃපුර මෙහෙසියන්ගේ නිවස්නය බව ඇසූ කතාවලින් රසුද් දැන සිටියේය... රජුන්ට මෙහෙසියන් බර ගණනක් සිටින බවත්, රන් දෝලිය රිදී දෝලිය හැරුණුකොට යකඩ දෝලීන්ට නම් කුලවන්තබව හෝ කුලහීන බව අදාළම නොවුණු බවත් ඔහු දැන සිටියේය...

නමුත් රසුද් ට වටහාගත නොහැක්කේ මෙයයි... රසුද්ට දඬුවමක් වශයෙන් මෙහි සේවය කිරීමට සිදු වේ දැයි ඔහුගේ සිත අරගලයකය... අවාසනාවකට එසේ සිදු වුවහොත් නිසැකවම ඔහුට තම පුරුෂ භාවය අත් හරින්නටම සිදුවේ... කුමක් කෙසේ වුවත්, ඔහු නිසැකවම පුරුෂයෙකි... ඔහුට එතරම් නින්දාවකට පත් වීමට නොහැකිය...

තමාට මග පෙන්වමින් ඉදිරියෙන් යන මෙහෙකාරිය කිසිවක් ඔහු සමග දොඩන්නටවත් නාවාය... සෙබළුන් ඔහුව පල්ලේ වාහලට ගෙනවිත් හරින තුරුත් ඔහු සන්සුන්ව සිටියත් ඔහුව බාරදුන් මෙහෙකාරියගේ ඇඹුල් වූ මුහුණනම් වාහල් දොරකඩ සිටම රසුද්ට නුරුස්සන සුළු විය.

බරාඳය පසු කරද්දී විවිධ වස්ත්‍රාභරණයෙන් සැරසුණු විවිධාකාර කුමරියන් එහි මෙහි සිනහවෙන් කතාවෙන් සැරිසරන අයුරු, විටෙන මෙහෙකාරියකට බැනවදින අයුරු, ඇතැමුන් තම නවමු විලාසිතා සිදුවිය යුත්තේ කෙසේදැයි සැලසුම් කරන අයුරු... මෙවන් නොයෙක් කතා රසුද්ගේ කන වැකිණි... නමුත් ඔවුන් සියල්ලන්ගෙන්ම තමා වෙත යොමු ව බැල්ම සුභදායක නොවේ...

"ඒ පිරිමියෙක්!"

"ගෑනියෙක් වගේ පිරිමියෙක්!"

"නෑ ඒකා ලස්සනයි... බලාපල්ලාකො!"


සියල්ල නෑසූ කන්ව රසුද් ඉදිරියට ඇවිද ගියේය...

"අවසරයි, මෙහෙන් එන්ට!" ඉදිරියෙන් ගිය මෙහෙකාරිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මඳක් තම හිස නවා කතා කරද්දීත් නිහඬවම බලා සිටි රසුද් ඉදිරියේ තිබූයේ පෙර බරාඳය දිගම හමුවූ කුටිවල තිබුණු ද්වාර වැනි තවත් ද්වාරයකි... පැහැදිලිවම කළුවර ලීයෙන් නිමවා ඔප දමා තිබූ නෙළුම් පත් කැටයම හා භේරුණ්ඩ කැටයම සමග මෙයනම් සේවක කුටියක් නොවන බව ඔහුට පැහැදිලිය... අනෙක් අතට ජ්‍යෙෂ්ඨ සේවිකාවක් ආධුනිකයෙකුට කිසිදා හිස නවන්නේ නැත...

අභිලාශ | Historical BL Short Story (Ongoing)Where stories live. Discover now