ගඟුලි හා නදී නික්ම ගියායින් පසු මැද වාහලේ තනිවුණු රසුද්ට අමුතු පාළුවක් දැනෙන්නට වුණු බව සැබෑය... නයේ හෝරාවට තවත් විනාඩි කිහිපයක් පමණක් ඉතිරිව ඇති බවත් ඔහු දනියි...
මෙහි ගත කළ සුළු වේලාවට ඔහු කිහිප දෙයක් අධ්‍යනය කළේය... දියවක් හැඩැති ආරුක්කුවෙන් ඇතුල් වූ තැන් පටන් මැද වාහලේ ඇත්තේ කලාවමය... එහි තුබුණු එකම කුටියෙහි එකම එක සයනයක් පමණක් තිබුණද මුළු බිත්ති පුරාම තිබුණේ කැටයම්ය... සිතුවම්ය... රතු පැහැ පසුබිමේ ඇඳි චිත්‍ර බොහොමයක් ඔහුගේ හදගැස්ම නංවන ආකාරයේ සරාගී බවක් ගෙනෙන්නට විය... එම සිතුවම් දෙස බැලීමට උපන් ලජ්ජාවෙන් ඔහු වෙන දෙසක් බලාගන්නට තැනුවත් බැලු බැලු සෑම අතම තිබුණේ එවැනි සිතුවම්ය...
"මහ ලජ්ජාවක් නැති රජෙක්නේ මොහු!" රසුද් තමාටම මුමුණාගත්තේ සයනයේ හිඳගන්නවාද නැතොත් මෙලෙස සිටගෙනම සිටිනවාදැයි කල්පනා කරමිනි...
කුටියෙහි දැල්වුණේ රතු පැහැ ඉටිපන්දම් දෙක තුනක් පමණි... ඒ හැරුණු කොට කුටිය බොහෝ සෙයින් අඳුරුය... එහි ජනේලයක්වත් නොතිබුණා සේම වහළට කිට්ටු කර වාත කවුළු පමණක් ම තිබිණි... මෙය නම් හුදෙක් රජුගේ විනෝදාස්වාදය හා ප්‍රේම ගායනා සඳහා තැනුණු කුටියක් බව රසුද් ට දැනටත් අවබෝධ වී හමාරය....
ඔහ්! නවයේ කණිසම නාද විය... ඒත් සමගම ඔහු වසාගෙන පැමිණි ද්වාරය හැරෙන හඬ රසුද්ට ශ්‍රවණය විය...
සැබැවින්ම ඒ මහරජුන්ද?
ඇවිදින විට සේද සළු පිළි එකිනෙක ගැටෙන හඬත් මිරිවැඩි පා සටහන්වල හඬත් ඔහුට හඳුනාගත හැක... දිගු බරාඳය පසු කළ වහාම ඇත්තේ අඩවල් කළ දොරක් ඇති රසුද් සිටින කුටියයි...
තවත් සුළු මොහොතකින් එම ද්වාරයද හැර දැමිණි...
පියවර හඬ ළඟ ළඟම ඇසේ... මඳ අදුරේ ඉදිරියට ඇදෙන රුවද රසුද් ට පෙනේ... කුටියේ කෙලවරකට වී සිටගෙන සිටින රසුද් බලා සිටින්නේ මහ රජුන්ගේ ඉරියව් දෙසයි...
ඔහු මහ රජුන් ය සැබැවින්ම... මීට පෙර රසුද් මහරජුන්ව දැක තිබෙන අයුරින්ම සෙවණැල්ලෙන් වුවද අඳුරාගැනීමට අපහසුවක් නැත...
YOU ARE READING
අභිලාශ | Historical BL Short Story (Ongoing)
Short Story"උබ පිරිමියෙක් කියලා හිතන්ටත් අමාරු නෙ බොල! තව්තිසාවෙන් බැහැපු දෙවඟනක් වගේ!" "මෙහෙ වරෙල්ලා! මේකාව පල්ලේ වාහලට එක්කගෙන පලයල්ලා..." මෙහි හොඳක් දැනෙන්නේ නැත... පල්ලේ වාහල, ඔහුට සුදුසු තැනක් ලෙස රසුද් නොදැක්කේය... ඇරඹුම: 2024.05.06